රන් මල් දම්

නිම්නාවී දිනය පුරාම එහෙට මෙහෙට වෙමින් උන්නාය. අම්මා පස්සෙන් ඇවිද ගියාය. පසන් පසුපසින් ඇවිද ගියාය.ඔවුන් පවසන්නේ කුමක් වුවද, එයට එකඟ වූවාය. කිසිවෙකුට වෙනසක් නොපෙනෙන්නට උන්නාය. සවස සූදානම් වී පසන් සමඟ පිටත් වූවාය. ඇගේ දෙමාපියන් වෙනම රියක පිටත් වූහ. මෝටර් රියට ගොඩවූ මොහොතේ පටන් නිම්නාවී කල්පනා කලේ, තමා සෙත්ට කෙතරම් ද්‍රෝහී...
පසුදින උදෑසන නිම්නාවී අවදිවුණේ යම් සැහැල්ලුවකිනි. එහෙත් ගෙවුණ රැය  කොහොම වීදැයිද, මේ දැනෙන සැහැල්ලුවට හේතුව කුමක්ද කියාවත්ද ඇයට නිනවුවක් වූයේ නැත. නිම්නාවී සූදානම් වී කාමරයෙන් පිටතට ආවාය. අද සඳුදාය.  තමා එන තෙක් සෙත් බලා හිඳිනු ඇත. ඕ අහස දෙස බලාගෙන උන්නාය. " අද මම වේලාසන එනවා  …ලෑස්ති වෙන්න ගමනක් යන්න...
" මට තේරෙන්නේ නෑ බං. මොක උනත්  මෙවෙලේ  මන්දාරම් නිකන්ම නිහඬ වෙන ලෑස්ති නෑ. දවසකට හරි අක්කව මන්දාරම්ට මුණගස්සන්න වෙනවා……."  දිලුම් ජිනේන්ද්‍රගෙන් හිතවත් පිළිතුරක් බලාපොරොත්තුවෙන් කීවේය. " ඒත් උඹ මේකත් මතක තියා ගනිං. උඹලාට ඕන විදියට මන්දාරම්ව ආයේ ආයේ  රවට්ටන්න මම ඉඩ තියන්නෙ නැහැ…" නුදුටු, නොදැන උන් ස්වකීය සහෝදරයා වෙනුවෙන්, ජිනේන්ද්‍ර ගේ ...
දිලුම් මන්දාරම්ට සමුදුන්නේ හිත තුළ වූ ප්‍රශ්න කිහිපයක්ම සමගිනි. එහෙත්  ඉවසා සිටීම හැරෙන්නට කිසිඳු පිළිතුරක් වූයේ නැත.  " මම කඩවතින් එන්නම්. උඹ එනකොට කියපන්…." . දිලුම් නිවසෙන් පිට වෙද්දීම ජිනේන්ද්‍ර ට   කෙටි පණිවිඩයක්ද තැබුවේය. දිලුම්ට වඩා වසර කිහිපයක්ම වැඩිමහල් වුවත් ජිනේන්ද්‍ර සහ දිලුම් අතර තිබුණේ සම වයස් මිතුරන් දෙදෙනෙකු අතරේ වන...
" එනවා කියලා කලින් කිව්වෙ වත් නැහැනේ?"  "එකපාරටම හිතිලා ආවා…නොකියාපු එකෙන් කරදරයක් උනාද?" "පිස්සුද බං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. උඹ කියල ආවනම් මං මගට උඹව ගන්න හරි එනවා…" "මගේ ඔලුව නිදහසේ තිබුණේ නැහැ ….වාහනේ අරන් එළියට බැස්සට දිගටම වාහනය ඩ්‍රයිව් කරන මූඩ් එකක් නොතිබුණ නිසා   මම වාහන යාළුවෙක් ගෙදර දාලා කැබ් දාගෙන...
මන්දාරම් පසුදා දිලුම් මුණ ගැසෙන්නට සූදානමින් සිටියද, දිලුම් ඇමතුමට පිළිතුරු දී ඔහු නිවාඩු බවත්, පසු දවසක මුණ ගැසිය හැකි බවත් පැවසීමෙන් පසුමන්දාරම්ට කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි විය. චානක උන්නේද මන්දාරම්ගේ නිහඬ බව වටහා ගන්නට නොහැකිවය. ඒ පිළිබඳව විමසුවා වුවද මන්දාරම් අම්ඟ හැර පසෙකට වූවා මිසෙක කිසිත් පවසන්නට උත්සුක වූයේ නැති...
දිලුම් මන්දාරම් අමතා නිම්නාවීගේ පණිවිඩය කීවේ, නිම්නාවී කිසිලෙසකින්වත් යලි ස්වර්ණා රැක බලා නොගනිමියි පැවසූ නිසාය. නිම්නාවී ඇගේ ජංගම දුරකතන අංකයද විසන්ධි කර දැම්මාය. " අක්කේ... අඩුම තරමේ වුනේ මොකක්ද කියලාවත් මට කියලා ඉන්නවා.... අර මන්දාරම් මට දිගට හරහට කෝල් ගන්නවා .. උගේ යාලුවත් ගත්තා ... එක වතාවක් ඔයාට ඇවිල්ලා යන්න...
නිම්නාවි නිවසට ගොස් කාමරයේ දොර වසාගත්තාය. කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමා දෙස බැලුවාය. ඇඳුම් එකින් එක උනා දැම්මාය. තමා වෙනුවෙන් නොවූ ජීවිතයක් තිස් වසක් තිස්සේ ගෙවි ගොස් ඇත. අම්මා කපා දැමූ තටු නිසා, අහසේ පියඹාගන්නට නොහැකිව හෙමි හෙමින් බිම දිගේ ඇවිද යන්නට සිදු වූ අතීත දවස් ඇයට අමතක නැත. එක...
මන්දාරම්, මන්දාරම් ස්වරූපයෙන් පෙනී සිටියදී පවා නිම්නාවී ඔහු කියවාගත්තේ තමා එතරම් කල් මවාගෙන සිටි සෙත් ස්වරූපයෙනි. මන්දාරම් කිසි දිනෙක නොවු තරමේ ආක්‍රමණශීලි බවකුත්, දයාර්ද්‍ර බවකුත් සමාන මාත්‍රාවන්ගෙන් තමා වෙත එන්නත් කිරීම විඳගෙන නොසැලී සිටින්නට නිම්නාවීට හැකි වූයේ නැත. එන්නත් මාත්‍රා ඇගේ හදවත පුරා පැතිරී යනවිට, ඕ ක්‍රම ක්‍රමයෙන් තමා...
පොත් කාමරයේ වූ කෙටි සෙටියේ ගුලිව නින්දට වැටී උන් යුවතිය ඉන් පසුව ඉතාම සීරුවෙන් මන්දාරම්ගේ හදවත් සයනය මතට වැඩියාය. වැඩියා නොව, මන්දාරම් බලෙන්ම ඔසවා ඇය තම හද සයනයේ සතපවා ගත්තාය. ඉන් පසුව නිම්නාවී දෙස බලා උන්නාය. ඇගේ අතකින් පහලට වැටී තිබුණේ කෞශල්‍ය කුමාරසිංහගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න පොතෙහි අලුත්ම...