වියෝ ගී ගැයෙනා හදේ

පෙත්මලීව අරගෙන චයිල්ඩ් කවුන්සලර් ලඟට යන්න වුණයින් මේධාත් චිරතුත් වෙනදාට වඩා හමුවුණ බව ඇත්තකි. පෙත්මලීව විෂයෙහි චිරත්ගේ හැසිරීම වෙනස් බවත් මේ දැන් ඉන්න චිරත් වනාහී තමා ඉස්සර දැනගෙන උන් චිරත් නොවන බවත් දැනගැනීම මේධා වෙනදාට වඩා චිරත් දිහා මධ්‍යස්තව බලන්නට හේතුවක් කරගත්තාය. එහෙත් චිරත් උන්නේ මේධා දිහා පරණ පුරුදු...
“දරුවා එක්ක අම්මයි තාත්තයි දෙන්නම ආව එක හොඳයි. මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම දරුවට විතරක් ට්‍රීට්මන්ට් කරලා හරියන්නෙ නැහැ. අනිවාර්‍යෙන්ම අම්මටයි තාත්තටයිත් කතා කරන්න ඕන. මම මුලින් ඔයාලගෙ ඩිවෝස් එක ගැන ප්‍රශ්න කීපයක අහනවා, ඒක ප්‍රශ්නයක්ද? උත්තර දෙන්න අකමැත්තක් තියෙනවද?” “නැහැ මැඩම් එහෙම කිසිම ඉශූ එකක් නෑ. ඕනම දෙයක් අහන්න” “හරි, මට...
“චිරත් මේ ඩිවෝස් එකෙන් පස්සෙ ගෑණිගෙ ගෙදරට ඇවිත් ඒ ගෑණිට සද්ද දාලා යන්න ලැජ්ජ නැද්ද මනුස්සයෝ?” කියමින් වලාකුලු තමන්වෙතට එද්දි පමණක් චිරත් සහ මේධා දෙදෙනාම එකවරම වලාකුලු දෙස හැරී බැලුවේ කලින් කතාකරගත්තාක් මෙනි.  වලාකුලුට එච්චර කෝප ගන්න දෙයක් මෙතන උනේ නැති උනත් ඔහු මේ පෙන්නන්නට යන්නෙ මනුර සුමතිපාලගේ නිවස...
චිරත් එදා ඒ යන්නට හිතා ගත්තේ ආයෙ කවදාවත් අඩියක් තියන්නෙ නැතැයි කියා හිතූ තැනකට ගමනකි.දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නැතැයි කියා දන්න හන්දාම චිරත් පෙත්මලී ගැනත් ඇය ඉන්නා තත්ත්වය ගැනත් කතා කරනු පිණිස එදා මේධාවිණී ජීවත්වන ඇගේ නිවසට යන්නට පියවර තැබුවේය. වාහනයක් නැතිකම හේතුවෙන් පික්...
“තාත්ති නදීකා මිස් ඇහුවා තාත්තිට කෝල් කරන්න පුලුවන්ද කියලා” පෙත්මලී එසේ කියන අතරවාරයේ තාත්තා විසින් සකසා දුන් මැගි නූඩ්ල්ස් එක කන ගමන් බිම හාන්සි වී චිත්‍ර පොත පාට කරන ගමන් ය.  චිරත් එදා කෙල්ලව තමන්ගේ නවාතැනට එක්කරගෙන ආවේ මෙච්චර දවසක් පුරාවට එලියෙ අවන්හල් වලින් දේවල් කන්න අරගෙන දෙන්නට හේතු...
“දැන් එතකොට උඹ මේ චිරත් ළමයි හදන ඒව ගැන කතාකරේ උඹ ළමේක් හදන්න කෙනෙක්ව හොයාගෙන නේද?” කියා ආලෝකා තමන්ව නෝණ්ඩි කරන්නට මෙන් ඇහුවත් මේධාට තිබුන එකම ප්‍රශ්නය ආලෝකා තමන් ගෙන් එහෙම ඇසූ එක නොවේ. චිරත් වලාකුලුත්  තමන් ගැනත් දැනගත්තේ කොහොමද කියන එකය. “වලාකුලු ගැන චිරත් එහෙම ඇහුවෙ වලාකුලුයි මමයි අතරෙ...
වලාකුලුත් මනුර සුමතිපාලත් ඔවුන්ගේ අලුත්ම ව්‍යාපාරය අරඹන්නට පිඹුරුපත් සකසමින් ඉද්දී චිරත්ගේ අලුත්ම රෙස්ටුරන්ට් එක ඕපන් කරන උත්සවය වෙනුවෙන් ඉන්විටේශන් එක මේධාගේ අතට ආවේ ඒ සති අන්තයේ තාත්තා හමුවෙන්නට ගොසින් නැවත ගෙදර ආ පෙත්මලී අතේය.  ඉතාම සුන්දරව තනා තිබූ ඒ ඉන්විටේශන් එකේ තමන්ගේත් පෙත්මලීගේත් නම ලියා තිබුනේ චිරත්ගේ අතින්ම බව ඒ...
“අම්මියි වලාකුලු අංකලුයි මාව බීච් එක්කන් ගියා” කියා පෙත්මලී අයිස්ක්‍රීම් කන ගමන් කියද්දී චිරත් ඒ වචන දරාගෙන උන්නෙ හිතට කොච්චර වේදනාවක්, දුකක්, තරහක් ආවත් ඒ කිසිත් හැඟීමක් අහිංසක දරුවෙක් පිටින් යවන්න පුලුවන් කමක් නැති හන්දාය.  “මොනවද ඉතින් ඔයාලා බීච් ගිහින් කලේ?” කියා අහද්දී තමන්ගේ කටහඬේ වේදනාවක මෙන්ම අමනාපයක සේයාවක් ගෑවි...
“ඔයාට ගෙදර ගෙනියන්න සිප්පි කටු ඇහිඳලා දෙන්නද?” කියා වලාකුලු අංකල් හිනාවීගෙන අහද්දී පෙත්මලී මුලින් ඒකට කලේ ලැජ්ජාවෙන් හිනාවෙන එකය. අම්මාගේ යාලුවෙක් කියා දැනගෙන උන්නාට., උපන්දින උත්සවය දවසේ ඇවිත් ෆොටෝ ගනිද්දි හැපි බර්ත් ඩේ කිව්වට ඊට එහා දෙයක් තමන් වලාකුලු අංකල් ගැන දන්නෙ නැති හන්දා පෙත්මලී මුලින් වලාකුලු අංකල් එක්ක...
වලාකුලුත්, පෙත්මලීත්, මේධාවිණීත් මූද බැලීම සඳහා ට්‍රිප් එක යොදාගත්තේ මේධාවිණීට ලොකුවටම “වලාකුලු අංකල් හොඳයි කියන එක” පෙත්මලීට ඔප්පු කරන්නට වගේමා වලාකුලුත් පෙත්මලී අතර සමීප සබඳතාවයක් ගොඩ නගන්නට පියවරක් ඉදිරියට තැබීම පිණිසය. පෙත්මලී කොහොමත් දැන් තමාගේ ජීවිතයේ ඉන්න නිසා තමන් ඉදිරියට තබන ඕනම පියවරකදී ඒ කුඩා පියවර ද තමන්ට එහා...