සෙනෙහස් අවාරේ

“කාගෙද සරණපාල මේ පොඩි උන්?” කල්පනා කෑගැසුවේ කට් සිමෙන්තියෙන් කල වැරැන්ඩාව අසල ඔංචිල්ලාවේ වාඩි වී චිත්‍රයක් පාට කරමින් උන් පොඩි දරුවන් දෙදෙනා දකිද්දීය. ඒ සිසිමාධවිගේ දරුවන් දෙදෙනා බවත්, මහගෙදර උත්පලාගේ නෝක්කාඩු ඉදිරියේ දරුවන් දෙදෙනා තියන්න බැරි නිසා සති අන්තයේ ඉරිදා දිනයට පමණක් සිසිමාධවී දරුවන් දෙදෙනා තමා එක්කම තිලකරත්න නිවසට රැගෙන...
“හැමදාම වුණත් ඔයා අ‌පේ ගෙදර වැඩට එනවනම් මමයි අම්මයි දෙන්නම කැමතියි මාධවී එත් දැන් ඔයා තේරුම්ගන්න ඕන ඔයාගෙ ගෙදර මේන් ඉන්කම් එක ඔයා. ඒ වගේම ඔයාගෙ දරුවො දෙන්නට දැන් ඉන්න එකම පෙයරන්ට් ඔයානෙ. ඉතින් ඔයාගෙ අත් දෙක උඩ තමයි එයාලගෙ සම්පූර්ණ ෆියුචර් එකම රැඳිල තියෙන්නෙ. එහෙම නේද?” සුමධුර කතාව ආරම්භ...
සැමියා මිය ගිය පසු බිරිඳකට සැමියාගේ නිවස ආසන්නයේ වුව ජීවත්වීම කෙතරම් නම් අපහසු බව සිසිමාධවී තේරුම් ගත්තේ උත්පලා අක්කගේ සැමියා විසින් ආරම්භ කරන්නට නියමිත කඩයේ වැඩ කරන්නට එන්න බැරි යැයි දැන් පසුවය. සමහර මිනිසුන් කොච්චර ඉගෙන ගත්තත් තමන්ගේ ඇතුළාන්තයේ ඇති පහත් ගති ද, තමන් ජීවත්වන පැත්තේ විදියද පෙන්වන බව සිසිමාධවී...
අයිරාංගනී තිලකරත්න උඩු මහලේ සිට පහලට සම්ප්‍රාප්ත වුනේ සිසිමාධවීගේ ඒ සිතුවිල්ල එක්කය. නිවසේ පිටිපස උද්‍යානයට විවරවෙන සිව් පලකින් යුතු ෆ්‍රෙන්ච් වින්ඩෝවක් සහිත ඒ කාමරය අතීතයේ අමුත්තන් සඳහා වෙන් කර තිබූවක් වුවත් ජීවිතයේ සැඳෑ සමය ගෙවන අයිරාංගනියගේ හිතත් ගතත් සුවපත්ව තබන්න බොහෝ උපකාර වනු ඇතැයි සිසිමාධවී සිතූ ඒ සිතිවිල්ල සුමධුර තිලකරත්නද...
කෝසලගේ මියයාම ගැන දැනගෙන උන් නිසාම සිසිමාධවීට එය ගාණක් නැතැයි සිතූ අයද බොහෝ විය. “ඔයා අඬන්නෙවත් නැතුව ඉන්නෙ මල්ලි මැරෙනව කියල දැනං උන්නු හන්දා වෙන්නැති නේද?” කියා හිත් පිත් නැත්තෙකු සේ උත්පලා අසද්දී වුවද සිසිමාධවී එය භාරගත්තේ සිනාවකිනි. කෝසල වෙනුවෙන් හිතේ ඇවිලෙමින් තිබූ ගින්න ඔහුගේ නික්ම යාම සමග නිවුන බව...
කෝසලගේ නිසසල සිරුර සැතප වූ ලී පෙට්ටිය ගෙදරට ගෙන එද්දී හැන්දෑ විය. චනුකත් දෙව්මිත් උන්නේ බය වී මෙන්ය. මීට කලින් තමන්ගේ ගෙදර මෙහෙම මිනිසුන් පිරී උන් නැති බව මතක හන්දාම දෙව්මි උන්නේ අඬන්නට ඔන්න මෙන්නය. චනුක බය නැති බවක් පෙන්නා උන්නද පොඩි උන් දෙන්නාටම මේව නුහුරු බව දන්නා නිසාම...
කෝසල සිසිමාධවීත් දරුවන් දෙදෙනාත් තනිකර නික්ම ගියේ සිකුරාදා දිනයක උදෑසනය. අසනීප වුණායින් පසු කෝසල වෙනදා මෙන් උදේ ඇහැරුණේ නැත. වෙනදාට උදේ අවදි වී සිසිමාධවී උයන අතරවාරයේ දරුවන් දෙදෙනා පාසල් යවන්නට සූදානම් කරන්නේ කෝසල වුවද අසනීප වූවයින් පසු මෙන්ම අසනීපය උග්‍ර වුණායින් පසුවත් සිසිමාධවී කෝසලට උදෑසනට වැඩිපුර වෙලා නිදාගන්නත්, විවේක ගන්නත්...
“ඒ මිනිස්සුන්ට උවමනාවටත් වඩා සල්ලි තියෙන හන්ද වෙන්නැති මදූ අපිට ඔහොම උදව් පදව් කරන්න හිතනව ඇත්තෙ. නැත්තම් මොකෝ කහනටවටද ඒ මිනිස්සු මේ අපිට උදව් පදව් කරන්න හිතන්නෙ” කෝසල කිව්වේ සිසිමාධවී ගෙදර ආ විගස කෝසල සමග බෙදාගත් විස්තරය අසා හිඳ අනතුරුවය.  “මාදවී” කියා සුමදුර මුලින්ම ඇමතූ වෙලේ සිසිමාධවී තිගැස්සුණාය. ඒ එකී ආමන්ත්‍රණයේ...
කල්පනා උන්නේ කුතුහලයක් හිතේ තියාගෙනය. සිසිමාධවී හිස් තේ කෝප්පයකුත්, බන්දේසියත් අතේ තියාගෙන කාමරයෙන් එළියට අයුරුත්, කම්මුල් දිගේ බේරුණ කඳුලකුත් පිහිදාගන්නවා දුටු කල්පනා සිතුවේ සිතන්නට හැකි නරකම දේය.  එහෙත් ඇය ඒ විත්තියක් අම්මා එක්කවත් කියන්න කට ඉස්සර කරගත්තේ නැත. සිසිමාධවීට සුමධුරගේ කාර්‍යාල කාමරයට ගොස් එළියට එද්දී කඳුලක් පිහිදන්න හේතුවන කාරණාව...
සුමධුර හිත හදාගත්තේ බොහෝ දවසක් බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසුවය.  “සිසිමාධවීට ආදරේ කලේ මම නෙ. ඒ ලමය මාත් එක්ක වැරදි විදියකට හිනාවෙලා කතා කරලවත් නෑ. කොටින්ම හිනාවෙලා කතාකරල තියෙන්නෙ එක දවසක් හරි දෙකක්ද කොහෙද. එහෙම එකේ ඒ ලමය ගැන කිසිම දෙයක් හරියට හොයන්නෙ කරන්නෙ නැතුව මම හිතෙන් දාහක් දේවල් හිතුව...