සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක් කළ යුතු දැයි ක්ෂණික ව අවබෝධ කොට ගත නො හැකි ව සිතිවිලි ගල් ගැසීම ස්වභාවයයි. කවීශ්වර ගේ යෝජනාව ඉදිරියේ ආරාධනා ද එසේ ගල් ගැසුණා ය.
සිය...
සාරණ්‍යා අනන්ත එක්ක යාලු වුණේ අනන්ත විවාහක බව දැනගෙනමයි. අනන්තගේ කඩවසම් පෙනුම, වත් පොහොසත්කම් ඉස්සරහ සාරණ්‍යා අන්ධ වෙලා වගේ හිටියේ. ඒ හැටි දැනුම් තේරුම් නැති අම්මට අනන්ත ගැන මහ බොරු ගොඩක් කියලා අම්මාව අනන්තට කැමති කරගන්නත් සාරණ්‍යාට වැඩි කාලයක් ගියේ නැහැ.
අනන්ත සාරණ්‍යාට කිට්ටු වුණේ සඳුනි එක්ක ජීවිතේ නීරස වෙලා...
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය.
ඉරක තිබෙන්නේ රශ්මියකි.
එහෙත් මේ මොහොතේ ඒ ඉරෙන් නිකුත් වෙමින් තිබුනේ සිසිලසයි.
මෙතෙක් වේලේ හිත ඇතුලේ හිර කරගෙන හුන් කඳුලු ගංගාව ලහිරුගේ පපුව මත්තේ ගලා යන්නට ඉඩ හැර චරිත්‍රා ඉකි බිඳිමින් හැඬුවාය.
ළහිරුගේ...
මිහික උන්නේ බියෙනි.
චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි.
කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ සේ සිතන අයෙකු බව මිහික හොඳින්ම දනී.
ඉතින් එවන් අයෙකුට මෙවන් දෙයාක් දරා ගැනීමේ කිසිදු හැකියාවක් නැත.
දෑස්වලින් කඳුලු කඩා වැටෙන්නේ ආදරය නිසාද බිය නිසාද යන්න මිහිකට...
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.
හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක සහිතය.
ඒතරම්ම කම්පාවක් මේ ජීවිතය තුල තමා විඳ දරාගෙන නැති බව චරිත්‍රා දනී.
කවිනිගේ ඒ ඇමතුමත් අනතරුව තමා විසින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමෙන් ගොස් තමාගේ ගිණුම පරීක්සා...
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා මැදියමේ ඔහු ආරාධනා ට දුන් ඇමතුම හේතු කොට ගෙන සෞභාග්‍යා ගේ කන්දොස්කිරියාව පටන් ගත්තෙන් ඉන් මිදෙනු වස් කාශ්‍යප කළේ ඉක්මනින් ම ගෙදරින් පැන ගන්නා එක...
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක් යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන වතාවටත් සිතුනි.
එහෙත් එය ගිණුමක් හැක් කල නිසා පල වූවක්ද යන්නට වඩා මිනිසුන්ට වැදගත් වී තිබුනේ එහි පැහැදිලිව පෙනෙන්නට තිබුන චරිත්‍රාගේ මුහුණයි.
කොහේදෝ මන්දා හෝටලයක කාමරයක් යැයි...
කුණාටු සයුරක අසරණ වූ ඔරුවක් සේ රාජිකා මැණිකේ කැළඹී සිටියා ය. මේ මැදියම් රැයේ අතර මගක කාමර වලින් පිටතට විත් කවීශ්වර හා ආරාධනා ආලින්දයේ හුදෙකලාව කතා කරමින් සිටීම ඇගේ හදවතේ අකුණු පුපුරුවන්නට සමත් විය. එසේ ම ඕ තොමෝ දෙගිඩියාවට ලක් වූවා ය. හිතේ ගින්දරක් තියාගෙන නිදි යහනට වැටුණ නිසාදෝ...
නුවර සිට නික්මෙද්දී චරිත්‍රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි.
ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික අවසානයට පැවසූ දේ නිසාද?
“මම ලබන සතියේ කොළඹ එනවා. අපි හැමදෙයක් ගැනම කතාකරමු චරිත්‍රා”
එතුල වූයේ මහා බරසාර කතාවක අත්තිවාරමයි. ඒ වදන තුල තමා බලාපොරොත්තු වන නිදහසට...
“ඔයා ගියපු ඉස්කෝලෙ වගේ නෙවෙයි අපේ ඉස්කෝලේ ඉතින් මාර ප්‍රසිද්ධයිනේ. පැත්තෙ ඉන්න හොඳම ළමයිනෙ අපෙ ඉස්කෝලෙට යන්නේ”
තිසරිගෙ කටේ ඉතින් හැම තිස්සෙම තිබුනෙ ඔය සවුදමම තමයි.
කාව්‍යා එහෙම හිතන ගමන් උපුලි දිහා බැලුවෙ මූණ ඇඹුල් කරගෙන.
මේ හැමෝම වැඩ කරේ එකම ඔෆිස් එකේ.
තිසරිට වඩා කාව්‍යයි, උපුලි දෙන්නම අවුරුදු දෙක තුනකින් බාල වුනාට...