සමුධ්‍යා දවස් කීපයක්ම පාසල් ඇරී පමා වී හෝ වෙන කවුරුන් එක්කා හෝ ගෙදර එන්නට කටයුතු කරේ ලක්ෂිතගේ බයිසිකලය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ළඟ පාරේ එහෙ මෙහෙ යනවා ඇහෙනවත් එක්කය.ලක්ෂිත ගැන ඇත්ත දන්න අය ඉන්නේ කීපදෙනක් උනත් ලක්ෂිත සෙල්ලක්කාරයා බව ගමේ බොහෝ මිනිස්සුන්ගේ අදහස බව ගෙවුන මාස කිහිපයට මිනිස්සු කියන...
මිෂෙල් නිවසේ පිහිනුම් තටාකය අසලට වී ඔහේ බලා උන්නාය.තමා දින දෙකකින් පමණ නිවසින් එළියටවත් ගියේ නැත. ධීර ට කතා කළේ හෝ නැත.අඩුම තරමේ වසන්තවත් නිවසට ආවේ හෝ නැත. එහෙත් මේ ආකාරයෙන් සිටියහොත් තමා ඉබේම පරාජය වනු ඇතැයි මිෂෙල් සිතුවාය.
වෙනදාට වඩා නිහඬව සිටින දියණිය ගැන රූපසිංහට එක් අතකින් දැනුනේ කම්පාවකි....
සියල්ල වැරදෙමින් යයි. සියල්ල මා අතිශය දරුණු ලෙසින් රිදවමින් සිදු වන්නේය. එහෙත්, නොවෙනස්වන යමක් දරා ගැනීම වෙනුවෙන් සිත සහ හදවත සම්මුති ගත වී ඇත. අවැසි වන්නේ මේ අසීරු දවස් ගෙවා ගැනීමය
ජීවිතය අපට අවශ්‍ය සියල්ල ඒ පරිද්දෙන්ම ලබා දෙන්නේ නැත. මේ සාක්ශාත්ව නැගෙන්නේ ඒ සත්‍යයය.
තනුර මට පෙම් කරන බව කීවේ...
යුගාත්ම ගේ මෝටර් රථය ජිතේන්ද්‍ර ගේ මන්දිරේ දොරකඩට ම ගෙන නතර කරන විටත් තණ පලසෙහි පිනි බින්දු රැඳී පැවතිණ. සුළඟ පමණකුදු නොව හිරු එළිය පවා සිහිලැල් වූයේ ය. අත් දිග ටී බැනියමක් හැඳ උන් ඔහු රියෙන් පිටතට බැස්සේ ම අත් දෙක පපුවෙහි බැඳගෙන ය.
"සීතලයි අප්ප"
අන්තරා උදේ කෑම ද උණුසුම්...
ඉසිනි එතෙක් පවසා නැවතුණා ය. ඇයට පවසන්නට අවැසි දෙය වෙනුවෙන් වචන ගැළපුනේ නැත. නුරාන් ඕ දෙස බලා උන්නේ මුව අග මන්දහාසයක් රඳවා ගනිමිනි.
ඇය සිතන්නට ගත්විට අනන්තයටම සිතන්නීය. වසර දහයකට පෙර අතීතයේ සිට ඇය ඒ පුරුද්ද මෙතරම් කාලයක් නොනවත්වා රැගෙන ඇවිත් ඇත්තේ කෙලෙසද? ඇතම් පුරුදු එලෙසය. මේ ප්‍රේමයද එවන් පුරුද්දකි....
ආණමඩුව පරමාකන්ද ගමේ පාසල් යන වයසේ පුංචි දරුවෙක්ගේ අපචාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් ගැන කතාකරන්නට සමුධ්‍යා පරණවිතාන කියා ගුරුවරියක් කතා කරන බව ශාරධා කෝල් කර දැනුම් දුන්නු වෙලාවේ හිත කොච්චර තිගැස්සුණත් අරුණ ඒ ගැන වගක්වත් නැති අයුරින්ම ශාරධාගේ පණිවිඩය භාරගත්තේය.
අරුණට පරමාකන්ද ගම එක්ක තිබෙන්නේ උපන්දා සිට ඇතිඋන බැඳීමකි. ඒ බැඳීම ශාරීරිකව...
වසන්ත ගේ අසාධාරණ වචන හමුවේ ධීර සූදානම් වූයේ ඇත්තටම නිවසින් පිටවන්නටය.ඔහු වහාම කෑම මේසයෙන් නැගී සිටියේ එහෙයිනි.
" අනේ පුතා "
ජයමිණි හඬමින් ධීර ගේ අතේ එල්ලුනාය. ධීර මොහොතකට නතර වූයේ ඒ මව් සෙනෙහස හමුවේය. නිවසේ රැඳෙන්නට එකතු හේතුවක් හෝ තිබෙනවා නම් ඒ තම මව පමණි. මේ නිවස තුළ තමාට සැබෑම...
අන්තරා පුස්තකාලයට ගියේ ටික දිනකට පස්සේ ය. පොත් ටික මාරු කරගෙන ඕ හෙමි හෙමිහිට කොෆී ශොප් එක දෙසට ඇවිද ආවා ය. එදා පාරින්දිවත් යුගාත්මවත් මුල් වරට හමු වූ ඒ දෛවෝපගත දිනය ඇගේ සිතේ සිත්තම් වෙමින් තිබිණ. එදා ඇය ඇවිද ආවේ වැහි බර දරාගෙන ඉන්නට බැරි මන්දාරම් අහසක් යටිනි. ඉසිහින්...
අරුණෝද තමා අතැර, එලවා දැම්මේ කිසිඳු වටිනාකමක්වත් නොදෙමින් ය. ජීවිතය යළි එවනි අවස්ථ නොදී හිඳීවියැයි කෙලෙසක සිතන්නද ?
ඉසිනි එයට පිළිතුරු නොදී උන්නාය. එවැන්නක් සිදුවුවහොත් ඉන් පසුව ජීවිතය මුහුණ දෙන්නට සැලසුමක් දැම්ම සිතා තිබිය යුතු නැත. නුරාන් එවැන්නක් කරනවා නම්, එය තම නොලබීම මිසෙක ඔහු ගේ වරදක් නොවන්නේය.
එහෙත් ඒ වචන...
රෝහල් කාමරය ඇතුලේ සත්සරාට ඇහුනේ වහලයේ එල්ලා තිබූ පංකාවෙන් ඇගෙඅ හුලං කපාගෙන යන හඬ පමණකි. ඈතින් මිනිසුන් කියන විවිධාකාර දේ එකට එක්වී එක ඝෝසාවක් සේ ඇහුනද ඒ හඬ පරයා කාමරයේ ඇතුලේ පිරී තිබුණේ පංකාවෙන් ආ නාදයයි. සත්සරා වාඩි වී උන්නේ කාමරයේ පනවා තිබූ ඇඳ උඩය. ආච්චි අම්මාත්, සමුධ්‍යා ටීචත්...