Stories

ahimi sihina
"පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ." වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ ජීවිතය ඉතාම වටිනවා.ඒ නිසාම කකුල ඉවත් කර හෝ අම්මාගේ ජීවිතය බේරා ගන්න අපි සූදානම් වුණා.ඒත් අම්මා ඒකට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අම්මා ඒකට තදින්ම...
දැවිල්ලක් හෝ පිච්චීමක් වැනි සංවේදනයක් සූර්යා ට දැනුණේ ය. නමුත් ඒ සිරුරේ කොතැනකින් එන දැවීමක් ද කියා නිශ්චිත වූයේ නැත. ඈ සිටියේ දෙකට නැවී ගෙන මුහුණ දෙකලවා වල ඔබා ගෙන ය. ඒ බයිසිකල්කරුවා විසින් විසි කරන ලද යම් කිසි දෙය දුටු ගමන් ම ඇගේ මනස ක්‍රීයා කළේ ඉන් ඉවතට...

වේදනාවේ පාට.

0
නිලූ උත්සව ශාලාව පුරා ඇස් හරවමින් විපරමක හිටියේ.ඔමාලිගේ විවාහ මංගල්‍යය කාලෙකට පස්සේ පාසල් මිතුරියන්ව ආයේ එකතු කරපු දවසක්.ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දහයක්ම ගෙවිලා ගිහින්.විශ්ව විද්‍යාලවලට කාර්ය බහුල වෙලා,ඉගෙන ගන්න රට රටවල ගිහින් හැමෝම තැන් තැන්වලට විසිරිලා හිටිය පහුගිය කාලේ පුරාම කාටවත් ආයේ මුණ ගැහෙන්න වෙලාවක් තිබුණෙම නෑ. අවුරුදු දහයක් ඇතුළේ...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"අම්මේ තාත්තා යන්න ඕන නෑ.එයා අපි එක්ක ඉන්න ඕන.." ජීවිතය අප පරිණත කරන්නේ නොසිතන මොහොතක බව මට සිතුණේ අම්මා ඉදිරිපිටට ගොස් ඇයට එසේ පැවසූ පසු ය.මා අම්මාගේ තීරණයකට මුල්ම වතාවට එරෙහි වු බව මට වැටහිණි.ඇය අපේ ජීවිත ඉතා තදින් පාලනය කළා ය. අපි කන්නට ඕනෑ මොනවාද යන්නේ සිට අඳින ඇඳුම...
ahimi sihina
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි අනතුරු ඕනෑතරම්.ඒත් මේ කියන්නේ ඒ වගේ දේවල් නෙමෙයි ,සැබෑවටම සිදුවන අනතුරු ගැන. අපි හිටිය පිළිස්සුම් අනතුරු සම්බන්ධ වාට්ටුවේ.ජීවිතය මුහුණ තරම් ඛේදවාචකයකට හැරෙන්න පුළුවන්ද කියලා ඇස් පනාපිට...
යෙහෙළියක සමග කාලය ගත කිරීමේ වෙනම ම සතුටක් තිබේ. එය ගැහැනු හදකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ සැහැල්ලු නිදහස් හැඟීම වෙන දේකින් ලද නොහැකි ය. ස්ත්‍රීන්ට ම විශේෂ වූ ලෝකයක් තිබේ. පිරිමින්ට ද එසේ ය. දෙපර්ශවයට ම එය තෘප්ත කර ගත්තේ ඔවුන් ගේ වර්ගයේ අය සමග කතා බහ කිරීමෙන් හෝ යම් කිසි...
"ඔයාට තියෙන්නේ ආපහු කසාදයක් කර ගන්න.." එක්දාස් හයසියවෙනි පාරට බිත්තර එකම කතාව ආයෙ ආයෙම ඇහෙනකොට මධූට ඇති වෙන්නේ මහා කේන්තියක්.හැමදාම මධූගේ සාර්ථකත්වය මනින්න හැමෝම පාවිච්චි කරන්නේ එකම එක මිම්මක්. "මැරි කරන්න මධූ.." "පොඩි දෙන්නට තාත්තා කෙනෙක් ඕන නේද?" "ඔයාගේ බිස්නස් එක ඔය විදියට අරගෙන යන්න අමාරුයි. ඔයාට හයියක් වෙයි ඕන.." " මහන්සි වෙනවා හොඳටම...
හසරැලි වැස්සේ Nibandhika Wanninayake
"මොන පිස්සුව කරත් මොලේ නම් තියනව.ඒක ජීවිතේ අනිත් දේවල්වලටත් පාවිච්චි කරන්න බලනවා." අම්මා මට පැවසුවේ තරවටුවක සරිනි.වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ දියණියක්! එය ඇයට කාර්යාලයේ උද්දාමයෙන් හිඳින්නට අපූරු කාරණාවකි.අයියා දෙවැනි වතාවක් උත්සාහ නොගැනීම ගැන වැඩිපුරම සන්තාප වූයේ අම්මාගේ මිතුරියන් ය.මෙවර ඔවුන් මා ඇමතුම් දී වෙහෙසට පත් කළ අතර නොයෙකුත් තෑගි මට...
ahimi sihina
මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා රෝහලට ගියෙත් කිසිම විලාප නැඟීමකින් තොරවයි.එහෙම ගිය ඇය ගැන වෛද්‍යවරුන් පැවසුවේ එකම එක දෙයක්. "කකුල කපන්න ඕනේ.." එහෙත් අම්මා එයට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කකුල කපන්න ඉඩ දෙන්න...
සූර්යා සතුටෙන් කෑම පිසුවා ය. රෑ බෝ වී ගෙදර යනු පිණිස, හෝරා දෙක තුනක් ගත කරන්නට අපාට්මන්ට් එකට එන බව ආලෝක දවාලේ කීවේ ය. සාමාන්‍යයෙන් ඔහු සූර්යා ගේ ගෙදරින් රෑ කෑම කන්නේ නැත. "අම්මගෙ මූණ නරක් වෙනව බඩගිනි නෑ කිව්වහම" දවසක් ඔහු කෑම ප්‍රතික්ෂේප කළේ එසේ කියා මඳහසක් පාමිනි. ඒ මඳහස...