Stories

මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ ය. මේ මා උපන් දවසේ සිට ජීවත් වුණ, පාසල් ගිය, කරක් ගැසූ යාය ය. නෙතට හුරු ව තිබූ මේ යාය අද මට වෙනස් ව පෙනෙන්නට...
තුරුලි තිගැස්සී ගියේ ඈට හඬ ගසන හඬිනි.මෝටර් රථය නැවැත්වීමට නොහැකි තැනක පවා එය නවතා වේගවත් ගමනින් ඇය වෙත එන රශ්මි දෙස තුරුලි බලා සිටියේ ගල් ගැසී ය. "දැං තමුන්ට සනීපද?" රශ්මි කෝපයක් මවා පානවා විනා ඇය සිටින්නේ සැබෑ කෝපයකින් නොවන බව තුරුලිට වැටහිණ.ඇය කිසිත් නොකියා යන්නට සැරසුණේ එනිසා ය. "අර අහිංසක කොල්ලා...
වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව තුරුලි උගනින්නට පටන් ගත්තා ය. අවුරුදු දහ හතක කෙල්ලක කාලයේ සිට ජීවිතය අත් මිටෙන්...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ බස් වල හිර වී යත්දී මා කාට හෝ පහර දෙතැයි හිතේ වන බිය මුසු හැඟීම කින් බව මම දනිමි. ඔහු ළඟ දී ජීවිතය පුදුම තරම් සව්මිය...
බිඳී යාම් පිළිසකර වෙන්නට කාලය ඔසු ගල්වන්නේ සෙමිනි;ප්‍රවේසමිනි.අක්කාට යළි සැකසෙන්නට කාලය උවමනා නම් එයට ඉඩ දිය යුතු බව සඳලි සිතුවා ය.තුරුලි බොහෝ කාලයක් දරා ගත්තේ සුළුපටු වේදනාවක් නොවේ. ඇය කිසිම උගත්කමක් නැති යුවතියක මෙන් ඔහේ සියල්ල දරා සිටියා ය.ඒ දරා ගැන්ම අවසන් වන්නට සැබෑවටම වූයේ කුමක්දැයි සඳලිට සැබෑවටම කුතුහලයක්...
අම්මාගේ මුහුණේ ඇඳුණු සිනාව ද ආදර නෝක්කාඩු බැල්ම ද සඳලිට කුහුලක් ඇති කළේ ය.ඇය අම්මා දෙස බැලුවේ විමසිල්ලෙනි. "අක්කව ඉල්ලගෙන මනමාලයෙකුයි අම්මයි ආවා.." සඳලි කේක් කැපීම නවතා වහා අම්මා දෙස බැලුවා ය.ඇය මතු වූ අපුල නිසා කේක් ගෙඩිය පෙට්ටියට දමා වසා දැමුවා ය. "ප්‍රශ්න තියනවනෙ අම්මෙ.ඒවා දැනගෙන අම්මා අර ආර්යාවයි හෝතඹුවයි ගෙට...
අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය. මා කියන්නට පටන් ගත් කතාව කෙළවරක් නො කළ  බවත්, අන් සියල්ල ට පෙර මා එසේ කළ යුතු ව ඇති බවත් මගේ ගැහැනු ඉව ට දැනෙමින්...
තුරුලි කුමන හෝ මොහොතක අමතන තෙක් මඟ බලමින් සිටි ආදිත්‍ය කෝපයෙන් දැවෙන්නට පටන් ගත්තේ ය. ඇය ඕනෑම මොහොතක මෙල්ල වන මන්තරය වුයේ "මං මේක නවත්තනවා" කීම බව ඔහු දැන සිටියේ ය.නමුත් මේ වතාව සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත.ඇය තමන්ව සත පහකට ගණන් නොගැනීම ම ආදිත්‍ය වියරු වට්ටන්නට සමත් වී...
"මගෙ...ඔළුව පැලෙන්න එනව වගෙයි..." මම හිස අත් බැඳ ගෙන වේදනාවෙන් කෙඳිරුවෙමි. සුරනි ඇවිත් යහන මත හිඳ මගේ නළල මත සිය සුරත තැබුවා ය. දිය නා ගත් ගමන් නිසා ඒ අතේ වූ සීතල මගේ හිස මත වූ ගිනි කබලක ගින්දර ට මහත් වූ සිසිල් සුවයක් දැනවූයේ ය. "උණක් නං නෑ. ඇක්ස් ඔයිල්...
දවස පුරා මට සිතිජ සිහි වූයේ ඇයි දැයි නො දනිමි. හුස්ම ගන්නට හෝ විවේකයක් නැති වැඩ කන්ද අතරේ ලැබෙන ඉතා සුළු ඉසිඹුවක දී වුව මම සිතිජ ගේ වට්ස් ඇප් පිටුවට ගොස් බැලුවෙමි. ඒ සිනහ මුහුණ ඇසිල්ලකින් මගේ විඩා නිවන්නට සමත් විය. ටික වෙලාවක් එදෙස බලා සිටිය දී ඉබේට ම...