ගැහැනුන් කුමක් බෙදා හදා ගත්තත් ආදරය හෝ ආදරය කරන පිරිමියා ව බෙදා ගන්නට රිසි නො වන වග මම අසා ඇත්තෙමි. එය මටත් අදාල දැයි සිතන්නට තරම් මම දුර්වල ගැහැනියක නොවෙමි. මන්ද යත් කුලාන් පිළිබඳව සියලු අයිතිවාසිකම්, කුෂ්ලානි විසින් සපුරා ඇති බව මා දන්නා නිසාවෙනි. හිත පුච්චා ගෙන යන මේ...
ඉකි ගසමින් හඬන මේඝා සැනසීම ගැන කිසිදු අදහසක් නැතිව සිටි දිනිඳු සැනසුම් සුසුමක් හෙලූයේ මේඝා නුදුටු පණිවිඩයක් ද එහි ඇතැයි පෙනී යද්දී ය.
"හනේ මොට්ට ආච්චියෙ… අනුන්ගේ මැසේජ් බාගයක් හොරෙන් කියෝලා විලාප ගහන්න එපා බං.. මේ ඔක්කොම කියෝනවා.."
දිනිඳු පෙන්වූ දෑ දුටුහැටියේ බිනර මේඝා අසලින් හිඳ ගත්තේ එසේ කියමිනි.මේඝාට දෑස් හැර...
බිල ගෙවා ඔහු රිසිට් පත දුන්නේ මගේ අතට ය. මගේ අත් සීතලෙන් මිදී, උගුර ගොළු වී තිබුණා ට හිත වින්දේ කිසි දා වචන වලට නැගිය නො හැකි ප්‍රීති ප්‍රමෝදයකි. ඔහු ගේ ඇස් වල ප්‍රීතිමත් මිනිසෙකු ගේ සතුටත්, ආදරණීය මිනිසෙකු ගේ ආදරයත් විය. දිගු කොරිඩෝරය දිග ඔහු ගේ සපත්තු ගැටෙන...
ජනිඳු දඬුවම් ලැබිය යුතු මිනිසෙකු බව ඇත්තක් වුව ද ඔහුට විරුද්ධ නඩු මඟට ගොස් මේඝා සාක්කි කූඩුවල අපහසුවට පත් වෙනවාට බිනරගේ කැමැත්තක් නොතිබිණ.දිනිඳුගේ යටි සිත මේඝා යළි ජනිඳු හමුවනවාට කැමැත්තක් දැක්වූයේම නැත. අරමුණු වෙනස් වුව ද අවසානයේ ඔවුහු එක් තීරණයකට පැමිණියහ. ඒ මේඝා ගැන තොරතුරු නිමාෂාට සඟවන්නට ය.
බිනරගේ තීරණයට...
දුක වූ කලී වැඩ කරන්නට ජවය සපයන ඉන්ධනයට කියනා නමකි. අවිනිශ්චිත නො වුණත් අයිතියක් නැති දුකක් මගේ හදවත් කුටීර වල වන රුධිරයේ දිය කර ගෙන සිටියෙන්, මා ද ඒ දුක උහුලා ගන්නට වැඩ කළ යුතු ව තිබිණි. එහිදී මම පණ ඇති යන්ත්‍රයක් සේ වීමි.
කසුන් කාර්යාලයට ඇවිත් කෑ කෝ ගැසීමත්,...
මේඝා අප්‍රමාණ සතුටක් හිත දරා හුන්නේ අහම්බයකින් පෙර පාසල් ගුරුතුමියක වීමට ලැබීම නිසා ය. අගනුවරට තදාසන්නයේ පිහිටි නම් දැරූ ජාත්‍යන්තර පාසලක පෙර පාසල් ජාලයේ ගුරුවරියක වීම සහ මේ ගම්මානයේ ළදරු පාසල් පාලිකාව වීම එකිනෙකට වෙනස් බව ඇය දැන හුන්නා ය.එහෙත් ඈ සිටියේ ඒ දරුවන් දෝතින් වැළඳ ගන්නට මඟ බලමිනි.සුදු...
කුලාන් ගේ විධානය මත කසුන් ගේ ඉල්ලීම නොතකා හැරීම ගැන කිසියම් දෙගිඩියාවක් මට නො දැනුණා ම නොවේ. නමුත් ඒ විදිහට කසුන් ට බලා ඉන්නට හැරීම ගැන විකෘති සතුටක් ද මට දැනිණ. ඔහු වෙනුවෙන් වසර කීයක් නම් මම බලා සිටියෙම් ද? කසුන් හැසිරුණේ ඒ බවක් නො දැන සිටියා මෙනි. ඒ...
මේඝා රජරට ට නික්ම ගොස් තෙමසක් ද ගෙවුණු වග තාරුකාට සිහිපත් වූයේ පෙර පාසලේ වර්ෂාවසාන උත්සවයේ වැඩකටයුතු වලට කාර්යබහුල වෙද්දී ය.ඇය පෙර පාසලෙන් පිට වූයේ ද මේඝා ගැන සිතුවිලිවල පැටලෙන අතරේ ය. මේඝා මේ දිනවල සිටියේ නම් මොනතරම් උදව්වක්දැයි සිතමින් තාරුකා ඇවිද ආවේ බස් රථයට ගොඩ වෙන්නට ය. අතීතයේ...
උදෑසන ම දිය නා වරලෙහි තෙත පෙරමින් කාර්යාලයට ඇවිත් සිටි මම, ප්‍රබෝධවත් සිතින් අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු වල නියැළුණෙමි. සැලසුම් කොට තිබූ පුවත්පත් අලෙවි නියෝජිතයන් ගේ හමුව සහ අලුත් ගොඩනැගිල්ලෙහි ඔප්පු ලිවීම සම්බන්ධ විද්‍යුත් ලිපි දෙකක මුද්‍රිත පිටපත් ගෙන කුලාන් ගේ අත්සන ලබා ගන්නට ඔහු ගේ කියුබිකල් එක වෙත ගොස්...
මේඝා උදෑසනම දිය නෑවේ සතුටිනි.නිදිමත ඇසි පියන් මතින් වැගිරෙමින් තිබුණ ද ඇය සිටියේ සැබෑ සන්තෝසයකිනි.රාත්‍රියේ එක මොහොතකවත් නිදි නොලබා හඬමින් හුන් දවස්වල උදෑසන ඈ ඇස හැරියේ අසීරුවෙනි.බර කරගත් හිසිනි.නමුත් අද දෑස මත මඳක් වෙහෙස තැවරී ඇතිවා.පමණකි. ඇය ඇඟිලිතුඩු පිරිමැද්දා ය.ඒවා ද මඳක් රිදුම් දේ.එහෙත් හදවත ඉතිර යන්නේ සතුටින් ය.
මේඝා...