මගේ ඇස් ඉදිමී තිබෙනවා මම කැඩපතින් දුටිමි. ඒ බව දැක අම්මා මගේ වත විනිවිද බැලුවත් කිසිත් ප්‍රශ්න නො කළා ය. මඳ හිසරදයක් දැනෙමින් තිබුණේ රාත්‍රියේ නින්ද අඩු වීම නිසා යයි මම නිගමනය කළෙමි. හිසරදය මත පිහිටා නිවාඩු දමා ගෙදර නවතින්නට නො සිතුණා ද නොවේ. නමුත්, කවර ගිලන් බවක් වූවත්...
මුහුදු රළ පෙණ බිඳිති විසි කරමින් වෙරළට පැමිණෙන අන්දම ජනිඳු බලා සිටියේ මිෂෙල්ගේ කියවිල්ලට සවන් යොමා ගෙන ය. ඇය තොරතෝංචියක් නැතිව කියවන්නී ය.මේ තමන්ගේ නැවතුම බව ජනිඳු දැන සිටියේ ය.ඇය මේඝා තරම් රූමත් නැත.එහෙත් මූල්‍යමය වටිනාකම් ඇති තැනක නැවතීමේ අගය ජනිඳුට ඉගැන්වූයේ තාත්තා ය.
"ආදරේ කන්නද පුතා.අර එක මෝඩයෙක් බලනව,ගිය...
ළා සඳ කිනිත්තක් කාමරයේ කවුළුවෙන් ඇතුළට කොකම් පාමින් තිබේ. තඹ පාට මඳ සඳ එළිය සරාගී අඩ අඳුරක් හාත්පස තවරමින් තිබිණි. හැර දැමූ කවුළුවෙන් ඇතුළට ආ මල් සුවඳැති පවන, දුහුල් සුදු තිර රෙදි ඉහළ ඔසවමින් ද යළි පහළ හෙළමින් ද කෝලම් කරන්නට වූයේ මගේ තැවුල් සිත ගැන කිසිදු වගක් නොමැතිව...
"සඳලි ගැන හිත හිතා වොරි වෙලා වැඩක් නෑ බිනර. ඔයා අඩියක් ඉස්සරහට තියන්නම ඕන.. මං අදටත් හිතන් නෑ මං සමාධි එක්ක මෙහෙ ආපු එක වැරදියි කියල..ඒ වගේ තමයි..හරිම තීරණේ හරිම වෙලාවෙ ගත්තම අපිට කවදාවත් හිතට දුකක් නෑ.."
දිනිඳු බොහෝ වේලාවකට පසු පැවසුවේ ය.බිනර හිස ඔසවා යන්තමින් සිනාවක් හෙළී ය. කෙසේ...
මෙතෙක් දවස් මා ඉන්නවා ද නැත් ද කියා හෝ සොයා නො බැලූ කසුන් ඉරිදා දෙවතාවක් ම දුරකතන ඇමතුම් දුන්නේ ය. මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. අප එක්ව උන් යුගයේ දී වත් ඔහු රැකියා ස්ථානයේ සිට නිකමට හෝ මට කතා කර ඇති බවට මතකයක් නැත්තේ ය. අවශ්‍යතාවයක් වී නම් කතා...
Mini Stories
නරුම මිනිසෙකුගේ වෛරයට ගොදුරුව කුරිරු ලෙස ඝාතනය වූ රූමතිය “ප්‍රේමවතී මනම්පේරි”
නිබන්ධිකා වන්නිනායක - 0
හැත්තෑ එකේ කැරැල්ල ගැන වර්තමාන පරම්පරාවේ අපි ඒ තරම් දැනුවත් නැති වුණත් ඒ ලංකාවට භීම සමයක් උදාව තිබූ කාලයක්.දරුණු අපරාධ ඉතා පහත් ලෙස සිදු වෙමින් මිනිස් ඝාතන සීමාවක් නැතිව සිදු වූ ඒ කාලය මිය ගිය රූමත් යුවතියකගේ නම ඔබත් අසා ඇති.
ඒ ප්‍රේමවතී මනම්පේරි.
ප්‍රේමවතී කතරගම දෙටගමුවේ ජීවත් වූ යුවතියක්.දිළිඳු පවුලක...
පසුදින බිනර වෙනදාටත් කලින් වෙද ගෙදරට පැමිණියේ ය.වෙද මහතාගේ හැම රාජකාරියකටම උදව් දෙමින් අතිශය කාර්යබහුල වූ ඔහු ඉනුලිත් සෙනුරිත් සමඟ සෙල්ලමට පැටලෙන්නටවත් කුඩා සෙනුජ කර තබා රවුම් යන්නටවත් පැමිණියේ නැත.එතරම් වැඩකටයුතු පටලාගෙන වෙහෙසෙන ඔහුට ගස්ගෙඩි කඩන්නට අඬ ගසන්නට තබා කොහොමදැයි අසන්නටවත් මේඝාට සිත් නොවිණි.ඈ ඔහුට කුමක් වීදැයි සිතන්නට වූයේ...
රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල කෙතරම් කලබලකාරී විෂාධ ලක්ෂණ තිබිය හැකි වුණත්, වාහන තදබදය ඉතා සාමකාමී ස්වභාවයක් දැරුවේ ය. උණුසුම් ලේ ගමනාගමනයක් සහිත පොපියන හදවතකින් හෙබි මගේ බාහිරයත් අතිශය සන්සුන්...
මේඝා සැනසීම ඇති තැන් සොයන්නට වෙහෙසුණා ය. පොඩි අක්කාගේ කුඩා පුතු ඇගේ තුරුලට නියම විණි.කාර්යබහුල රාජ්‍ය නිලධාරිනියක වූ පොඩි අක්කා මාස නවයක පුංචි සෙනුජව මේඝාට පැවරුවේ ඈ සෙනුජට දෙවැනි අම්මා කෙනෙකු වන බවට විශ්වාස නිසා ය.වෙදගෙදර කටයුතු ද වගාබිම් සහ වතුපිටි ගැන සොයා බැලීම් ද සෙනුරිගේ අතුරුදහන් වීම් සහ...
මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී ඉන්නට තරම් මා මාර්ග එල අත්පත් කර ගත්තියක නොවේ. නමුත් හැකි තාක් ඒ ගැන නො හිතා මම වැඩ කළෙමි.
"අනගාරික ධර්මපාල තුමාත් කියල තියෙනවනෙ...මේ රටේ වැඩ...