Stories

පෙරදා තමන් හුන්නේ දැඩි මානසික පීඩාවක වග මේඝාට සිහිපත් විණි.පෙර පාසලේ ඉගැන්වීම් ඇරඹූ දිනයේ ම ඇය තමන්ටම පොරොන්දුවක් වූවා ය.ඒ කිසිදු දරුවෙකුට සැරවැර නොකරන්නට ය.ඊයේ ඒ ගිවිසුම ඈ අතින් බිඳි ගියේ ය.අතිශය මානසික පීඩාවක හිඳිද්දී පවා ගුරුවරියක අතින් නොවිය යුතු ඒ අත්වැරැද්ද ගැන කුඩා ඉයන්ගේ අම්මා සෙසු අම්මලා අතර...
ආයතනය යළි නගා සිටුවීමට කුලාන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග නිසා ඔහු කෙරේ මගේ පැහැදීම වැඩි විය. ඒ, ආයතනයට මගේ වන අවංක ආදරය නිසා විය හැක. ඇතැම් දින වල හෝරා ගණන් අපේ සාකච්ඡා දිගු විය. මම මගේ උපරිම සහයෝගය ඔහු ට ලබා දුන්නෙමි. "නිම්නා ඒ ගමන කුලාන් සර්ගෙත් ඔළුවට අනං...
"නංගි.. මං ඔයාව අඬවන්න නෙවෙයි ඇහුවෙ.හැමදෙයක් ගැනම ඇත්ත අක්කයි මායි දැන ගන්න ඕන.. ඔයාව බලා ගන්න අපිට ලේසි එතකොටනෙ.." වරුණගේ සන්සුන් කටහඬ ගලා ආවේ ය.මහා මාර්ගය අසල විසල් ගසක් අසල වාහනය නවතා ගත් වරුණ යළිත් මේඝාගේ හිස අත ගෑවේ ය.මෙවැනි මොහොතක යුවතියකට වඩා අවශ්‍ය වන්නේ පිය සෙනෙහස ය.ලෝකයම ගරහන මොහොතක...
දැන් මගේ ජීවිතේ වඩාත් දුෂ්කර හෝරාව එළඹෙන්නේ රෑ අඳුරත් එක්ක ය. සත්තකට අප තිදෙනා වූ කලී කෙතරම් අසරණ මිනිස් ප්‍රාණීන් තිදෙනෙකු දැයි වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ වන කටුක යාමය එයයි. අඳුරු අහසේ නිමක් නැති ඈතක දිළෙමින් නිවෙන තාරකා ත්‍රිත්වයක් සේ අපි අපේ ලෝක වල හුදෙකලා වී හිඳිමු. නමුත් අප උනුන්...
යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූයේ උදෑසන එකොළහේ හෝරාව ලබන්නට ඔන්න මෙන්න තබා ය. දුම්රිය අසුනක කෙළවරේ ගුලි වී හුන් මේඝා දනිපනියේ දුම්රියෙන් බැස ගත්තා ය.වෙනත් ඕනෑම දිනයක නම් මේ ගමන මහත් ආහ්ලාදජනක ගමනකි.හිරු ඇහැරෙන්නට ඔන්න මෙන්න තිබියදී කොටුව දුම්රිය පොළෙන් කෝච්චියට නැගගත් මොහොතේ පටන් දකින්නටත් ව්ඳගන්නටත් ඕනෑ...
ජීවිතය කියන්නේ හැම විට ම අප කැමති ම තැනක් නො වන්නට පුළුවන. නමුත් බැඳීම් වල හයිය කෙතරම් ද යත් අපට එකී ජීවිතය හැර දා යා නො හැක්කේ ය. තාත්තා ගේ දුව නම් දික්කසාදයෙන් පසු හෝ යළි ගෙදර පැමිණ තියේ. ඔහු වෙත පැමිණ තියේ. ඔහු ට හිමි වී තියේ. නමුත්...
ඔබ මේ වීඩියෝව නරඹද්දී තත්ත්වය එතරම් යහපත් නෑ. එක්කෝ මම ජීවතුන් අතර නෑ. නැත්නම් තත්ත්වය ඉතාම ඉතාම ඉතා අයහපත්" ලතීෆා, ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් ගේ දියණිය යි.ලතීෆාගේ පියා,ලෝකයේ ඉහළම ධනකුවේර රාජ්‍ය නායකයෙක් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයෙක්. ඉහත ප්‍රකාශය සහිත ඇගේ වීඩියෝවක් යූ ටියුබ්...
"තාත්තා කියනව අන්තිම කාලෙවත් ලංකාවට එන්න ඕන කියල.." අම්මා හදිසියේ මා ඇමතුවේ එවගක් කියන්නට ය. මා කුඩා කාලයේ බලහත්කාරයෙන් අකුරු ලියැවූ අම්මා මා වයසින් වැඩී යද්දී ඈට උවමනා ඉලක්ක මා ලවා කරවා ගන්නට බොහෝ වෙහෙස වූවා ය. ඇගේ ඉලක්ක වෙත විදින ඊතලය මා වෙද්දී නංගී ඇගේ සුරතලිය වූවා ය.බිඳී ගිය...
සාමාන්‍ය හිතවත් කමින් හා රාජකාරී මට්ටමින්  පිරිමින් ඇසුරු කිරීම කියන්නේ මට අරුමයක් නොවේ. කාර්යාලයේ ඕනෑ ම කෙනෙකු සමග මම චකිතයකින් තොර ව කතා බහ කරමි. නමුත් කුලාන් මේ විදිහට රිය නවතා ඊට ඇරයුම් කරත්දී එහි නැගිය යුතු ද කියා සිතා ගත හැකි වූයේ නැත. අනිත් අතට අනුන් ගේ කාර්...
"හසරැලි දැන් ඉස්සරට වඩා හරිම වෙනස්.." සීනුගේ පෙරපාසල් ගුරුතුමිය දිනක් මට පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.තිසුරිගේ ගැටලු කාලයේ මට පෙර පාසල තිබෙන දිසාවකටවත් යන්නට ඉඩකඩක් වූයේ නැත.පාසල් වෑන් රථයෙන් ඈ එහි ගිය අතර දිවා කාලයේ ඇය බාර ගත්තේ නීතා ය.ඉතින් ගුරුතුමිය පවසන දේ අසද්දී මට බියක් දැනිණ.කරදර අහවර වන්නේ ම...