බිම්මල්

Bimmal
 වෛද්‍ය කුෂ්වාන්ත් සිං තෙවන මහලේ පිහිටි මගේ කාමරයට මා ගෙනැවිත් හැරලන්නට ඇත්තේ අලුයම් කාලයේදී විය යුතුය. එතෙක් වේලාවක් මගේ මුලු ජීවිත කතාවම මම ඔහු ඉදිරියේ වැමෑරුවෙමි.  ඔහු ඒ සියල්ලටම ඉවසිල්ලෙන් සවන් දී සිටියේය. ඉන්පසු මගේ සිතට ඇති වූ සැනසීම සහ සැහැල්ලුව කෙතරම් ද කිවහොත් මට පුලුන් පෙඳක් සේ පාව...
Bimmal
සිව්වන මහලෙහි පිහිටා තිබූ වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ නිවස බොහෝ චාම් නිවසක් විය මා සෝෆාව මත හිඳවූ ඔහු ගෙතුළට ගියේය. අඩු ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් පමණක් තිබූ එම නිවස තුළ අසපුවක නිහඬතාවය සහ සැනසීම ඇතැයි මට සිතිණ. මම වටපිට බැලුවෙමි. විසිත්ත කාමරයේ වූ රාක්කයක රෝහලේ පිළිගැනීමේ කවුන්ටරය අසළ තිබූ ආකාරයේම ලේඩි...
Bimmal
 ‘සතියේ මංගල යුවළ’ යටතේ  ‘බිම්සරා ෆොටෝග්‍රැෆි’ නම් ස්ටුඩියෝවක අනුග්‍රහයෙන් ‘ස්ටයිල්’ නම් සඟරාවේ පල කර තිබූ මංගල ඡායාරූප සියල්ලම හේෂාන්ගේ සහ අරුණෝදිගේ ඡායාරූප බව දකිද්දී මා වියරු නොවැටුනා පමණකි. උල් තුඩකින් හදවත පාරන්නාක් මෙන් දැඩි වේදනාවක් දැනෙන්නට වුව ද, එම ඡායාරූප නැරඹීමේ ආශාව මට යටපත් කරගත නොහැකි විය.  “හේෂාන්... ඇයි මට...
ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලේදී මගේ ප්‍රතිකාර කටයුතු නිසියාකාර ලෙසින් සිදු වෙමින් තිබිණ. ඇතිවන යම් යම් අපහසුතා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා ගන්නා අයුරු දවසට කිහිප වතාවක් මා දැකීමට පැමිණෙන වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ වෛද්‍ය පීහුගෙන් මම පුහුණු වෙමින් සිටියෙමි. වමනය, කරකැවිලි ස්වභාවය, ආහාර අරුචිය වැනි...
Bimmal
මගේ කොට්ටය අසළ වූ ජංගම දුරකතනය නොනවත්වා නාද වෙන හඬ නින්දෙන් මෙන් මට ඇසිණ. හිස ඔසවා එදෙස බලන්නට උත්සාහ කළ ද, අවට පරිසරයම මා වටා භ්‍රමණය වන බවක් දැනුනෙන් මම නැවතත් කොට්ටය මත හිස තබා ගතිමි. “ඇයි මැඩම්? කලන්තෙ වගෙයිද?” ජ්‍යෝතිගේ කටහඬ ඇසිණ. පිළිතුරක් මුවට නගා ගැනීමට උත්සාහ කළ ද මගේ...
Bimmal
බොහෝ සුබ සිහින දකිමින් කලකට පසු සුවදායී නින්දක් ලැබූ මම උදෑසනම පිබිදුනෙමි. මා දුටු සිහිනයන් සියල්ලෙහිම හේෂාන් ද සිටි බව මතකයෙහි රැඳී තිබිණ. මම යහනෙන් බැස ජනේලය අසළට ගමන් කළෙමි. ජනෙල් තිර විවර කරද්දී දුටු දසුන බෙහෙවින් මනස්කාන්ත දසුනක් විය. ඒවනවිට වැව් දිය මත යන්තමින් පතිත වන හිරු රැස්...
මම දුරකතන තිරය මත දිස්වන අම්මාගේ රුව දෙස බලා සිටියෙමි. සිනාමුසු මුහුණින් යුතුව සිටින අම්මාගේ එම ඡායාරූපය මා විසින් ගන්නා ලද්දේ හේෂාන් සහ ඔහුගේ මව අප නිවසට පැමිණි මුල් දිනයේදී බව මගේ මතකයට නැගිණ. එදින අම්මා කෙතරම් සතුටට පත්ව සිටි දිනයක්ද කිවහොත් එම ඡායාරූපයෙහි ඇගේ මුහුණ දිස්වන්නේ පිපුණ මලක්...
මගේ හදවත තදින් ගැහෙන්නට වූයේ මන්දැයි මට නොවැටහිණ. හේෂාන්ගේ නිවසේ දුරකතනයෙන් පැමිණි ඇමතුම හා සම්බන්ධ විය යුතුද, නැද්ද යන්න කල්පනා කරමින් සිටියදී දුරකතනය විසන්ධි වූ නමුත් සවල්ප වේලාවකින් නැවතත් එය නද දෙන්නට පටන් ගත්තේය. “හලෝ...”  ඇමතුම හා සම්බන්ධ වෙමින් මා පැවසුවේ බොහෝ සෙමෙනි. “ඩිනාලි... කෝ මගේ පුතා?” හේෂාන්ගේ මවගේ දයා විරහිත කටහඬ අකුණක්...
Bimmal
මුර කුටිය තුළින් පිටතට පැමිණියේ තද කොළ පැහැති ඇඳුමින් සැරසී සිටි  මිනිසෙකි. ආරක්ෂක නිළධාරියෙක් යයි සිතිය හැකි ඔහුගේ හිසෙහි කලු පැහැති තලප්පාවක් බැඳ තිබිණ. ඔහු හේෂාන්ට හිස නමා ආචාර කරන අයුරු මම බලා සිටියෙමි. මගේ සිතට අමුත්තක් දැනිණ.   “ඒ කවුද?” වජිරා හෝ සුදු නංගී විමසන හඬ ඇසිණ. “සික් ජාතිකයෙක් වගෙයි. ඔය ඔලුවෙ...
Bimmal
මා ප්‍රතිකාර සඳහා ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලට කැඳවාගෙන යාමට පැමිණෙන බව පැවසුවද, හේෂාන් පැමිණෙනු ඇතැයි මා තුළ බලාපොරොත්තුවක් නොවීය. එහෙත් හේෂාන් උදෑසනම අප නිවසට පැමිණියේ මා විස්මයට පත් කරමිනි. අනතුරට පත් මෝටර් රථය ඒවනතුරුත් අලුත්වැඩියා කර අවසන් වී නොතිබුණෙන් හේෂාන් පැමිණ සිටියේ සිය මිතුරු සචින්ගේ මෝටර් රථයෙනි.  “පුතා උදෙන්ම...