සැරිසරන්නී

sarisaranni - Ganga Shainie Gamage
'ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්' ආරම්භ කරත්දී මවෙත වූයේ යමක් කිරීමේ අවශ්‍යතාවය පමණි. නමුත් අලුත් ම ආයතනයක් මගේ නමින් ඇරඹූ පසු ජීවත් වන්නට මට හේතුවක් ලැබුණේ ය. ඊළඟට මම ඒ වෙනුවෙන් ජීවත් වන්නට පටන් ගතිමි. මිස්ට පීරිස් නිතර කී මගේ නිර්මාණශීලීත්වය ගැන කතාව ඇත්තක් දැයි උර ගා බැලීම මගේ අභියෝගය විය. ලාභ...
sarisaranni - Ganga Shainie Gamage
රවීන් පැමිණියේ දානේ වැඩ නිසා ලොකු අයියා මිතුරෙකු ගෙන් ඉල්ලා ගෙන ඇවිත් තිබූ මෝටර් රථයෙනි. මේ වෙත්දී ත් අනතුරෙන් හානි වී තිබූ රවීන් ගේ රිය ගරාජයෙහි වූයේ ය. ඔවුන් ගේ රිය ඇවිත් නතර වෙත්දී මා සිටියේ නිනව්වකින් තොර ව මග ඇවිද යමිනි. "මොකද බං..." ප්‍රශ්න කළේ ලොකු අයියා ය. "දානෙට ගෙට එන්න මූට...
sarisaranni - Ganga Shainie Gamage
දානමය කටයුතු සර්ව සම්පූර්ණ වන්නට රවීන් අපේ ගෙදරට පැමිණීම හේතු වූවා සේ මට දැනිණ. ඔහු දානය බෙදීමටත් පිරිකර පූජා කිරීමටත් සම්බන්ධ වී, ලොකු අයියලා එක්ක දානය භුක්ති විඳීම ද කළේ ය. "අපරාදෙ අද දානෙ බත් කන්න වෙන්නෑ සනූට" සුනෙත් ලොකු අයියා දෙස බලමින් ඇසක් ඉඟි කළේ ය.  "අද නෙවෙයි මේකි සතියකට කන...
sarisaranni - Ganga Shainie Gamage
දානය වෙනුවෙන් පවුලේ කාන්තාවන් එක් වී කෑම පිසීම චිරාගත සම්ප්‍රදායානුකූල ක්‍රමය ය. එයත් පුරා රැයක් නිදි වරන්නට වන දිනයකි. එහෙව් දානමය පින්කම් රැසක් මම කෙටි දිවිය තුළ මම ගෙවා ඇත්තෙමි. පවුලේ එය කොහොමටත් හැම දා ම සිටින්නේ එක ළඟ එක ට පේනා මානයක ය. නමුත් මෙහෙව් අවස්ථාවක් උදා වෙනවා...
sarisaranni - Ganga Shainie Gamage
ජීවිතය කියන්නේ සතුටු වෙන්නට හදනකොට ම වේදනාවේ පාට ගැන අදහසක් ගන්නට අපට අවස්ථාව උදා කොට දෙන්නා වූ තැනකි. හිනා වෙන්නට හදනකොට ම කඳුළු කියා දෙයක් වන බව මතක් කොට දෙන්නට හදන තැනකි. යළිත් රැකියාවට යන්නට නිදහස ලැබීමේ සතුටත් එක්ක මා සිනහ වෙන්නට හදනකොට ම ඉරණම මා වෙත එවූ මේ...
සැරිසරන්නී -ගංගා ෂයිනි ගමගේ
රවීන්!  මගේ හිතේ මුලින් ම මැවුණු රුව ඔහු ගේ ය. ඒ සිතිවිල්ල ත් එක්ක ම මම තත්පර ගණනක මිදී යාමකට බඳුන් වුණෙමි. ඇඳෙන් බැහැ ගන්නට ඕනේ වූවාට මගේ දෙපා ගල් වී තිබුණේ ය. මට මතක් වුණේ අධි ශීතකරණයකින් පිටතට ගනු ලැබූ, මස් පිණිස වන කුකුළෙකි. නංගී සිනහ වෙවී සිටියා ය....
sarisaranni - Ganga Shainie Gamage
මගේ කම්මුලෙන් ගින්දර ද දුම් ද පිට වෙන්නා සේ දැනිණ. මම බිම බලමින් ඒ කම්මුල යන්තම් ඇඟිලි තුඩු වලින් අල්ලා ගතිමි. ඒ තරම් තද පහරක් මගේ ගෙවුණු ළමා හෝ යොවුන් විය පුරාවට මා අත් විඳ නොතිබි බව සහතික ය. ඒ මා වැරදි නොකළ දරුවෙකු වූ නිසා ය. ඉඳහිට පොඩි...
sarisaranni - Ganga Shainie Gamage
කඳුළු නතර කර ගැනීමේ ඕන කමක් හෝ පුළුවන් කමක් මට වූයේ නැත. මම හිතේ හැටියට කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියෙමි. මේවා දුක් කඳුළු ම නොවේ. සතුටු කඳුළු ද නොවේ. ඒ අතර මැද වන කෝටි ප්‍රකෝටි ගණනක් හැඟුම් වල මිශ්‍රණයක ප්‍රතිඵලයකි.  මගේ හැඬීම අතරේ රවීන් හෙමිහිට මහිස පිරිමදිනු දැනිණ. ඒ...
sarisaranni - Ganga Shainie Gamage
රවීන් ව මගෙන් ඈත් කොට තබත්දී මා වැඩි වැඩියෙන් ඔහු කෙරේ ප්‍රේමයෙන් බැඳුණා ය කියා සිතමි. දින කිහිපයක් පුරාවට මා ඔහු නො දැක සිටියදී, මට ඔහු වැඩි වැඩියෙන් පෙනෙන්නට විය. ඇඟිලි තුඩකුදු ස්පර්ශ නොකොට ඔහු මට දුරකින් සිටියදී, වැඩි වැඩියෙන් මට ඔහු දැනෙන්නට විය. ඒ ඈත් කිරීම අපට අප...
sarisaranni - Ganga Shainie Gamage
මා හැරුණත් අම්මා එහි වරදක් දකින්නට පටන් ගත්තා ය. ඇය මට ගෙදර කොංක්‍රීට් වහලය මතට නැගෙනා ඉඩක් දුන්නේ ම නැත. ඒ නිසා යන්තම් දවසකට වරක් හෝ රවීන් දකිනා ඉඩක් මට නො ලැබිණ. අම්මා මා කෙරේ හැසිරුණ විදිහ අනුව දවසක් ගානේම හිතේ බය වැඩි වුණ එක ය සිදු වූයේ. ලෝකයේ...