හේමන්ත සන්ධ්‍යා

සමහරක් වෙලාවට අපි වැරදි බව දැන දැන ම ඒ වැරදි කිරීමේ විකෘති ආශාවකින් පෙළෙමු. එක වතාවකට පමණක් ය කියා ඒ දේ කරමින් හදවත තෘප්ත කර ගැනීමේ ළමා මානසිකත්වයකට පිවිසෙමු. මේ වෙලාවේ විදත් හැසිරුණේ ත් එසේ ය. සැබවින් ඔහු වැරදීමකින් නිකිනි ඇමතුවා නොවේ. ඒ ටික දවසක් තිස්සේ අමාරුවෙන් හිත යට...
නිකිනි ළඟ තිබූ පුටුවක් ඇද ගෙන ඒ මතට වැටුණා ය. ඇය ට දැනුණේ මුළු ලෝකය ම ඈ කේන්ද්‍ර කර ගෙන භ්‍රමණය වන්නා සේ ය. මංජුල ගැන කිසිදු හැඟීමක් දැන් ඈ තුළ ශේෂ වී නොමැති බව සත්‍යයකි. නමුත් ඔහු ගේ ලාබාල පෙම්වතිය මෙසේ බයක් සැකක් නැතිව නීත්‍යානුකූල බිරිඳ ට දුරකථන...
ඕස්ට්‍රේලියාවේ දී විදත් යළි කාර්ය බහුල වූයේ ය. තියෙන රැකියා ටික කර ගන්නට දවස තවත් පැය කිහිපයකින් දිගු වෙනවා නම් හොඳ ය කියා, ආර්ථිකය සවිමත් කර ගැනීම වෙනුවෙන් විදෙස් ගත වූ හැම කෙනෙක් ම වාගේ හිතති. නමුත් මේ වතාවේ යළි එම භූමිය වෙත පය ගැසූ විදත් කෙරේ ඒ උනන්දුව...
වෙනදා සේ ම ලෝකයට ඉර පායා ආවේ ය. අවදි වන විටත් නිකිනි ගේ ළය මත මහ කන්දක බර පැටවී තිබිණි. නමුත් ඕ කඳුළක් තබා සුසුමක් හෝ හෙළුවේ නැත.  ගෙන ආ ඇඳුම් කැබලි කිහිපය ඕ බෑග් එකෙහි ඔබා ගත්තා ය. වෙන දා සේ ම ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව ද කළා ය. "හෙට...
නිකිනි ගේ දුරකථන අංකය සිය ගබඩාවෙන් සොයා ගත් විදත්, ඇමතුම සක්‍රිය කිරීම සඳහා කොළ පාට රිසීවරය සහිත බොත්තම ට තබන්න ගිය ඇඟීල්ල වහා ඉවතට ගත්තේ ය. මේ ඔවුන් ගේ පෞද්ගලික ප්‍රශ්නයකි. එදා මිත්‍ර හමු වීමට ගිය වෙලාවේ සුමනා කී කතා වලට ඔහු යම් අදහස් දැක්වීමක් කළ බව ඇත්ත ය....
විදත් තරමක් වික්ෂිප්ත වූයේ ය. මේ විදිහට නිකිනි ඔහු ට දුරකතන සම්බන්ධ  බිඳ දමන්නට එපා කියා බැගෑපත් වෙන්නට හේතුවක් ඔහු ට අඩමාන වශයෙන් හෝ සිතා ගත හැකි වූයේ නැත. ඊටත් වඩා දුරකතනය ඔස්සේ ඇහුණ ඇගේ ඉලෙක්ට්‍රොනික හඬ තුළ විදත් ගේ පිරිමි ආත්මයෙහි මඳ සසල වීමක් ඇති වූයේ ය. තරුණියක...
එදා රාත්‍රියේ ජගත් ඔබේසේකර ගෙදර පැමිණියේ ය. ඔහු එන්නේ හිම පතනයක් සේ කලාතුරකිනි. ඒ ආවත් වැඩි කතා බහක් ඇත්තේ නැත. දූවරු දෙදෙන ගේ විවාහයෙන් පස්සේ ජගත් ගේ තටු තවත් සවිමත් විනැයි කියමින් පාලිකා ඉඳ හිට සුමනා එක්ක අඩව් අල්ලන්නී ය. "මං මංජුලට කතා කළා. නිකිනි හැමදාම මෙහෙම ඉඳල බෑනෙ" කෑම මේසයේ...
විදත් විට්ටච්චි ලංකාවට පැමිණියේ වසර විස්සකට පසු ය. සිය තුරුණු වියේ දී ලංකාවේ රැකියාවක් කරන ගමන් ඉංග්‍රීසි විභාග ගණනාවක් යළි යළිත් කරමින් ඔස්ට්‍රේලියාවට යාම සඳහා සුදුසුකම් සපුරා ගත් හැටි සිහිපත් කරමින් විදත් සහ මිත්‍ර සිනහ වූහ. ඒ ලැබුණ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජන ගනිමින් හෙතෙම මේ වසර විස්ස ම ගත කළේ...
වැස්ස දිගට ම වැස්සේ ය. මතු මහලේ සඳැල්ලට විවර වන උස් වීදුරු ජනේලය ළඟට වී නිකිනි ඔබේසේකර අඩ හෝරාවක් තිස්සේ වැස්ස දෙස බලා උන්නා ය. එන්නේ කොහෙන් දැයි නො පෙනෙන, නවතින්නේ කොතනක දැයි නො පෙනෙන තැනක හිඳ වැස්ස දෙස බලා හිඳීම වූ කලී වෙනම ම භාවනාවකි. මතු මහලට වැස්ස...