හේමන්ත සන්ධ්‍යා

තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණු  මංජුල යන නම කියැවූ ගුවනි, හරියට මංජුල ට ඈ කියනනක් ඇසේවියි වාගේ රහසිගත ස්වරයකින් හා අභිනයෙන් යුතු ව මිමිණුවා ය. "රෙකෝඩ් කරමු" දුරකතනය...
විවාහ ලියාපදිංචියක් හා දික්කසාද නඩුවක් අතර වන්නේ අහසට පොළොව තරම් පරතරය කි. එය වටහා ගන්නට නම් දික්කසාද නො වුණත්, නඩුවක් ඇසෙන උසාවියක ඒ අත්දැකීම විඳ ගත යුතු ය. කාලයක් තිස්සේ එක් ව ජීවත් වූ අඹු සැමියන් ඔවුන් ගෙන් වෙන් වීම පතා, මහ පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කරනා හේතු,...
දික්කසාද නඩුව ඇසෙන්නට ගත්තේ ය. දික්කසාදය ලබා දීමට නම් ඔහු ට වූ අවමානය වෙනුවෙන් මංජුල අති විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය. එය නො ගෙවන්නේ වී නම් කිසි සේත් දික්කසාදය ලබා දිය නො හැකි බව ඔහු කීවේ ය. "ඔය තරං සල්ලියක් කොහෙන්ද නිකී දැං අපි...
නිකිනි ව ගෙනැවිත් තිබුණේ මංජුලගේ ගේ නිවසට ය. ඇය කේන්තියෙන් ද පිළිකුළෙන් ද දැවුණා ය. නමුත් මංජුල ඒ ස්වරූපය දෙස බලා උන්නේ සිනහ වෙවී ය. "ඔයාට මං හොඳින් කිව්වනෙ ගෙදර එන්න කියල. හොඳින් බැරිනං නරකින් හරි මං මට ඕන දේ කරනව කියල ඔයා දන්නවනෙ...නේ..."
මල් පිපී ගෙන එත්දී වසන්තය දෝතින් ම වැළඳ ගන්නට සිතෙන්නේ ය. නිකිනි සිටියේ ඇගේ ජීවිත වසන්තයෙහි මලක් ව පිපෙමින් ද සුවඳක් ව සුවඳවත් වෙමින් ද සමනලියක් ව වසන්තයෙහි සරමින් ද ප්‍රීතියෙනි. ඇයට මෙහෙව් යෞවනයක් තිබුණේ නැත. යෞවනයේ දී ඕ බොහෝ නිහඬ හා නිවුණු ගැහැනු ළමයෙකු වූවා ය....
අමන්දී එදින රාත්‍රියේ සඳුනි සමඟ තරු රියැලිටිය බලන්නට හිඳ ගත්තා ය.අවිශ්ක සිටියේ ජංගම දුරකථනයේ ක්‍රීඩාවක නිමග්නව ය.සුරංග පුරුදු කළ ඒ ක්‍රීඩාවට ඔහුගේ ඇති ඇල්ම අමන්දීට සිනා උපදවන සුළු ය.නමුත් හරිහැටි බලද්දී අවිශ්ක කුඩා ලෝකයක් අයත් අහිංසක මිනිසෙකු බව අමන්දීට සිතිණ. "අනේ අන්න ඉඳුවර.."
ඇතැම් වෙලාවට ජීවිතය වූ කලී අදහා ගත නො හැකි මායාවකි. මායාමය ග්‍රහණයන් ට හසු වූ කල සැබෑව කුමක් ද කියා වෙන් කොට හඳුනා ගත නො හැකි තත්වයන් පවා උද්ගත විය හැකි ය. මේ ත් එහෙම නිමේෂයකි. විදත් හා මංජුල යන දෙදෙනා ම පසු වූයේ කිසියම් මායාමය මනෝ...
විදත් මෝටර් රථය පැදවූයේ කන්ද උඩ රට දෙසට ය. ඔවුන් ට කිසි කලබලයක් වූයේ නැත. නිකිනි ට නතර වී සිරි නරඹන්නට ඕනෑ වූ සියල් තැන් හි විදත් ගේ රිය නැවතිණ. ඔවුන් දෙදෙන ම ළා බාල යෞවනයේ පෙම්වතුන් ගේ තත්වයට සිතින් ගතින් පත් ව සිටින්නට ඇත. 
ඩෙස්මන් දෙස නෙතු විදා බැලුවා ට නිකිනි ගේ ඇස් වල වූයේ මලානික බවකි. ඇගේ හදවතත්, කාලයකින් දිය පොදක් නො ලද තුරක් සේ හැකිළ ගොස් තිබිණ. අම්මා නැති අඩුව ඇස් පියකිනිදු නො දැනෙන ආදරයක් සපයමින් ඈ දැඩි කළ මේ උත්තම ගැහැනිය හා පිරිමියා ඉක්ම යන්නට ඇය ට කිසි...
ඒ රාත්‍රියේ ඔබේසේකර මැදුරේ කිසිවෙකු ගේ කුස් පිරුණා යි සිතිය නො හැකි ය. වෙනකක් තබා පාලිකා ට වුව බත් ටිකක් කෑමේ රුචියක් වූයේ නැත. සිය සැලසුම් සියල්ල හිරු දුටු පිනි සේ ඇසිල්ලකින් වියැකී යාම ගැන ඕ තෝන්තුවාවට පත් ව සිටියා ය. "මන්දා මට පිස්සු...