පාට සේදුනු වත්සුනු

මා පැළ තවානට වී පැළ කිහිපයක් වර්ග කරමින් සිටිනා අතර වාරයක අසංක හෙමි හෙමිහිට ඒ දෙසට පැමිණියේ ය. මම ඒ ගැන ඒ හැටි තැකීමක් නො කළෙමි. ඔහු ඇවිත් මට කිට්ටුවෙන් ම සිට ගත්තේ ය. "වැඩද…" මම හැරී බලා සිනහවක් නගා ගතිමි. "ඔව්" "උදව්වක් ඕනනං කියන්න. දැං මං ඉන්නවනෙ"යළිත් මම සිනහවක් පෑවෙමි. ඊට වැඩියෙන්,...
කාමරයේ හැර දමා තිබූ ජනේලයේ තිර රෙදි ඉහළ නංවමින් අකීකරු සුළඟක් ඇතුළට ආවේ ය. ඒ තෙත සුළං කෝඩයෙන් මා හිරි වැටී ගියත්, එකී සිසිලස හදවතට දිව්‍යමය සුවයක් දැනවී ය. තුෂී යුගාන්තට ඇමතුම ගත්තේ ස්පීකර ක්‍රියාත්මක කොට ය. එනිසා දුරකතනය හැඬවෙන හඬ මට ද ඇසෙමින් තිබිණ. ගතට දැනුණ ඒ තරම්...
ජීවිතයෙන් පාඩම් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක ම ඉගෙන ගැනීම ය. එවන් මිනිස්සු සිදු වීම් වලට පිටුපසින් එත හැකි සිදු වීම් ගැන කලින් ම සිතති. ඒ නිසා කුසල් ගේ අලුත් දයාබර වීම අන්ධයෙකු සේ වැළඳ ගන්නට මට සිත් දුන්නේ නැත. අනිත් අතට හොඳට ම රිදුණා ට පස්සේ හිතක වුව සංවේදී...
සීයලා ගේ ගෙදර ආලින්දය දෙපැත්තේ කාමර දෙපෙළකි. දැන් මා හා තුෂී හිඳින්නේ සීයලා ගේ ලොකු නිදන කාමරයට අල්ලපු කාමරයේ ය. ඒ පෙළෙහි තව එක කාමරයක් හිස් ව තියේ. ආලින්දයෙහි අනිත් පස වන කාමර තුන ම අම්මලා අල්ලා ගත්තේ, ගෙදර තිබී ගෙනා ගෘහ භාණ්ඩ ඒවායේ පැටවීමෙනි. අත්තම්මා කම්මුලෙහි අතක් ගසා...
අසංක ගේ රියෙන් බැස හනි හනික අප වෙත ආ අම්මා, මා ඉදිරියේ නතර වූයේ වත වඩාත් දුක් බර කර ගෙනයි. ඇය මට සුබ පතන්නට හදනවා යි මම සිතුවෙමි. නමුත් සිදු වූයේ එවැන්නක් නොවේ. "ඔන්න ගයා ඔයාගෙ සුබ නැකත වෙලාවෙ අපිට අපේ ගෙදරිං දොට්ට බහින්න වුණා. දැං ඉතිං සතුටු ඇතිනෙ කාට...
ලොරි දෙකක් පුරා මල් පැළ ගෙනැවිත් නත්තසූරිය පැළ තවානේ ස්ථාන ගත කරත්දී මා තුළ දෝරෙ ගලා යමින් තිබි හැඟීම් වලට නමක් දෙන්නට මම නො දනිමි. අත්තම්මා හා සීයා පවා සිටියේ ජීවත් වීම තුළ ඇතැම් අවස්ථා වලදී පමණක් අප අත් විඳින ප්‍රමෝදයකිනි. ඔවුන් දෙදෙනා නියමිත ස්ථානයන් හි පැළ වර්ග තැන්පත්...
රැය පහන් වන තුරා මම කල්පනා කළෙමි. අම්මා මගෙන් උදව්වක් ඉල්ලා සිටී. මීට පෙර කිසිදු අවස්ථාවක මුදලින් ඇයට උදව් කරන්නට මට සිදු වී නැත. අම්මා සිය සැමියා ගේ දික්කසාද යෙන් පස්සේත් දිරියවන්ත ගැහැනියක ලෙස ස්වයං රැකියාවක් ද කරමින් මා ඇති දැඩි කර ගත්තා ය. මා කුඩා කල සිට ම...
අම්මා කිසි දා මා තේරුම් ගන්නට උත්සාහ කළ කෙනෙක් නොවේ. ඇය මට ආදරය කළ බව ඇත්ත ය. නමුත් යම් යම් ආත්මාර්ථකාමී ගති ගුණ ඇය වෙත විය. මම ඒ බව ටික ටික අවබෝධ කර ගනිමින් සිටියෙමි. නමුත් ඒ කිසිත් ඇයට ආදරය කරන්නට මට බාධාවක් වූයේ නැති බව කිව යුතු ය. "කියන්න...
ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ ම යුගාන්තත් හොඳින් වටහා ගත් බව මම දනිමි. යුගාන්ත ඉදිරි කැඩපතින් කිහිප වරක් මදෙස බැලුවේ ය. ඒ බැල්මේ හිතෛශී බවක් මට ඉඳුරා දකිත හැකි විය. බණ්ඩාරවෙල...
කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී බස් එකක එල්ලුණ එක ගැන ඔහු දක්වන්නට නියමිත ප්‍රතිචාරය සුබ නොවන බව මම දැන සිටියෙමි. බලාපොරොත්තු වූවා සේ ම හෙතෙම දුරකතනය ක්‍රියාත්මක වී විනාඩි කිහිපයක්...