Tag: අහංකාර නගරේ

රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන සිතිවිල්ලෙන් මිදිය නො හැකි ය. ඇය කරන කියන දේවල් මත කොපමණ කෝප ගත්තත්, ඔහු ට ඇගේ මව් පදවිය අහිමි කළ නො හැකි බව ද මම...
සිතිජ මට රැකියා කිහිපයක් ම බලා තිබුණේ ය. නමුත් ඒවා ට මගේ ඉංග්‍රීසි දැනීම ප්‍රමාණවත් වූයේ නැත. ඈත එපිට ගම් දනව් වල ළමයින් ගේ ඉංග්‍රීසි දැනීම වැඩි දියුණු කිරීම පිළිබඳව, බලයට පැමිණි කිසිදු රජයක් වගකීම් සහගත ව ක්‍රියා කොට තිබුණේ නැත. නිසි ක්‍රම වේදයක් ඉදිරිපත් කොට තිබුණේ ද නැත....
අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු කරන නාගරික ගෙඋයනක් නොව ලොකු කොස් පොල් ගස් කිහිපයක් ම උස් ව වැඩුණු, සෙවනැති මිදුලකි. පාසි බැඳී කළු වී ගිය පරණ සිමෙන්ති බංකුවක් කොනක තිබිණි....
අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය නො නිදන බව සිතිජ කීවේ ය.  "මට යාළුවෙක්ට කතා කරන්න බැරි කමක් නෑ මෙව්නා. ඒත් කොල්ලෙක්ගෙ ගෙදරක ගෑනු ළමයෙක් නවත්තන්න ඕන නෑ කියල මගෙ හිත දැන්...
දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය කියා කීවොත්, සිතිජ වුව ඒ ගැන වැඩි දුර කාරණා නො විමසනු ඇත. දැන් මට රූපලාවන්‍යාගාරයක ටික කලක් හෝ සේවය කොට අත්දැකීම් තිබෙන නිසා වෙනත් එවැනි...
මම මහ පාරේ හති ලමින් ද, නැවතෙමින් ද, යළි දිව යමින් ද සිටියෙමි. වරින් වර පිටුපස හැරී බැලුවාට මා කවරෙකු හෝ දුටුවේ නැත.  එහි එත්දී දුටු එකදු මැයි, මාර, රොබරෝසි මලකුදු පෙනෙන්නට තිබුණේ නැත.  මගේ හිත විදාරණය වෙන්නට ආසන්න ගිනි කන්දක ස්වභාවය දැරුවේ ය. හදවත පත්ලේ ඉපදෙන හැඟුමන් කෝටි ගණනින්...
නගරයේ වීදි හෙවන කළ මැයි, මාර, රෝබරෝසියා හා එම කුලයට අයත් වෙනත් තුරු හිස් මලින් වියන් බඳාන්නට වූයේ ය. නාගරික වීදි වල මල් පලස් එලා තිබිණි. යළිත් ගමට ගොස් පැමිණීමෙන් පසු මගේ සිත ද නගරය මෙන් වසන්ත සැනකෙළියක සිරි ගති. ආදරය මෝරා වැඩුණා කියා මට සිතුණේ ය. මා වෙනුවෙන්...
කිරි අම්මා ට මා කවදාක හෝ මුසාවක් පවසා නැති බව ඉඳුරා විශ්වාස ය. මගේ ජීවිතය ඇයට කැඩපතක් බඳු වූයේ ය. අනවශ්‍ය විහිළුවකට පැමිණි ගමේ විවාහක මිනිසෙකු හට මා ලුණු ඇඹුල් ඇති ව බැණ අඬ ගැසූ පුවත ගැනත් එදා හැන්දෑවේ ම ඇය දැන ගත්තා ය. "ගමේ එවුං තරහ කොර ගෙන අමාරුයි...
මා යන විට අපේ ගෙවල් යාය පාළුවේ ගිලී තිබිණි. මේ විදිහට මා ගම දකින්නේ ප්‍රථම වතාවට වාගේ හැඟීමකින් පපුව හිරි වැටී ගොස් තිබෙනු දැනුණේ ය. මේ මා උපන් දවසේ සිට ජීවත් වුණ, පාසල් ගිය, කරක් ගැසූ යාය ය. නෙතට හුරු ව තිබූ මේ යාය අද මට වෙනස් ව පෙනෙන්නට...
ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ බස් වල හිර වී යත්දී මා කාට හෝ පහර දෙතැයි හිතේ වන බිය මුසු හැඟීම කින් බව මම දනිමි. ඔහු ළඟ දී ජීවිතය පුදුම තරම් සව්මිය...