Tag: අහංකාර නගරේ

මාසයක් ඒ තරම් ඉක්මනට ගෙවී යන බවක් මා දැන ගත්තේ නගරය තුළ දී ගෙවී ගිය ප්‍රථම මාසය අවසන දී ය. දරා ගන්නට බැරි, කකුල් කැඩෙන තුරු හිටගෙන, දෑත් දිය වෙන තුරු පිඟන් සෝදා මාසයක් ගෙවුන තැන වැටුප ය කියා ලැබුණ මුදලයි. එය මගේ කම්මුලකට එල්ල කළ දරුණු පහරක් වූයේ...
හෝටලයේ හිමි කරු වන මිටි  මිනිසා, එහි සේවකයෙකු වැඩක් නොකර මොහොතක් හෝ සිටිනු දකින්නට රිසි වූයේ නැත. කා හටත් ඔහු ගෙව්වේ සොච්චම් වැටුපක් බව රංජනී නැන්දා කීවා ය. නමුත් ගෙවන වැටුප මෙන් දහ ගුණයකට වැඩි සේවයක් ලබා ගන්නට ඔහු වෙර දැරුවේ ය.  සේවකයෙකු සිය ආයතනය වෙනුවෙන් වැටුප මෙන් කිහිප ගුණයක...
කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ ය. ඒ උගේ ම වන එළියකි. මටත් ඕනෑ එහෙම එළියක් බව මගේ ඇතුළාන්තය හෙමිහිට මුමුණා කියනවා මට ඇසුණේ ය.  තාරකා කෝටි ගණනක් දැල් වී තියෙන්නට පුළුවන....
මම මග ට බැස්සෙමි. නමුත් කොහේ කොයි අත යා යුතු දැයි මට පැහැදිළි අදහසක් වූයේ නැත. මහියංගනයෙන් බසයට ගොඩ වෙන විටත් සිදු වෙන්නට නියමිත දෙයක් ගැන මා දැන සිටියා නොවේ. මවෙත වූයේ මගේ ඉරණම සොයා යෑමේ අවශ්‍යතාවය පමණකි. තවමත් මා සිටියේ උසස් පෙළ ප්‍රතිඵල ආ ගමන් ය. පාසලේ ඉහළ ම...
මගේ රහස් පරීක්ෂක ඇස් දෙක මම මතු මහල පුරා දුවන්නට හැරියෙමි. මට නවාතැන් ලැබුණු කාමරයේ දොර විවර වන්නේ පටු කොරිඩෝරයකට ය. මේ කාමරයට සම්මුඛ ව තවත් කාමයක් ඒ කොරිඩෝරයට ම විවර වී තිබේ. කොරිඩෝරයෙන් සඳැල්ලට විවර වන පොදු දොරක් වන අතර, එය මතු මහලේ සිටින ඕනෑ ම කෙනෙකු ට...
බස් රිය නගරයට සේන්දු වන විට හිරු පායා විත් තිබිණ. පැය ගණනාවක දිගු ගමන පුරා නින්දත් නො නින්දත් අතරේ විඩා පත් ව සිටි මගීහු සිය අඩුම කුඩුම ද ගෙන කලබලයෙන් බසයෙන් බසින්නට වූහ. ඔවුන් ට වූ හදිසිය මවෙත නොවූයෙන් මා අසුනෙන් නැගිට ගත්තේ හෙමිහිට ය. දෙපැත්තේ ම දොරවල් දෙස...