Tag: අහිමි සිහින
සුධාරක වැඩියෙන්ම සතුටු වුණේ මම ඔහු සමඟ සෑම මොහොතකම රැඳීමෙන්.මා ඔහුගේ රාජකාරි ස්ථානවල ඇති උත්සව වලට පවා රැගෙන යාමෙන් ඔහු ඉතාමත් සතුටට පත් වුණා.
"මේ ඉන්නේ මගේ වයිෆ්"
ඔහු මාව සෑම තැනකටම හඳුන්වා දුන්නේ එහෙමයි.එනිසාම මා ඔහුගේ බිරිඳ බව සෑහෙන දෙනෙකු...
මගේ කතාව ජීවන අන්දරයක්.ඒ කතාව කියවා යද්දී ඔබට විවිධ චරිත මුණ ගැහෙනවා.කාන්තා වෙබ් අඩවියක පළ වෙන කතාවක් නිසාම මේ කතාව කියවන ඔබ බහුතරය කාන්තාවන්.මේ කතාවේ හිඳින ඔබට හමු වූ ඉදිරියට හමුවන්නට නියමිත චරිත බොහොමයක් ද කාන්තා චරිත.මේ හැම කාන්තාවක්ම ජීවිතයට ආ විවිධ අභියෝග බාර ගත්තේ විවිධාකාරයෙන්.ඒ තම...
පවුලක් ලෙස එක් වී කටයුතු කරන්නටත් එහි සතුට විඳ ගන්නටත් මට ලැබුණේ සුධාරක සමඟ එක්ව ජීවිතය ඇරඹීමෙන් පසුවයි.හැම පවුලක් ම සතුටින්ම සමරන උත්සවය මහත් ඉහළින් සහ ඉමහත් සතුටින් අපිත් සමරනු ලැබුවා.
"ඒ සිංහල අලුත් අවුරුද්ද"
සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් මම සෑම...
"පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක් දෙයි නිබන්දා"
එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියූ සිංහබාහු නාට්‍යයේ එන ඒ පද පෙළ මම සැබෑ ජීවිතය තුළ අත් දුටුවේ මගේ සුධාරක නිසා.ඔහු...
ප්‍රේමයෙන් පිරී ගිය ජීව්තයක් හිමි වූ විට කාලය ගලා යන්නේ අපිටත් නොදැනීමයි.දහතුන් වියැති පුංචි කෙල්ලක කාලයේ ලිපියක් යවා හාද කරගත් ආදරවන්තයා සමඟ එක නිවසක වෙසෙන්නට මට ලැබුණේ මැදි වියේදී.ඒත් ආදරය වයින් වලට සමාන වග මම අසා තිබෙනවා.
පරණ වෙන්න වෙන්න රහ වැටෙන ආදරයක්!
ගොඩනැගිල්ලක් ගෙයක් කරන්නට හැකි ආදරණීය ගැහැනියකට පමණයි.මට ඒ වගකීම පැවරෙන දවස පැමිණියා.සුධාරක ඔහුගේ වෙහෙස මහන්සියෙන් ගොඩ නැඟූ නිවස නීතිප්‍රකාරව ලබා ගත්තේ ද ඒ හා සමානව වෙහෙසක් දරමින්.ඒ ගොඩනැගිල්ල සැබෑවටම නිවසක් නෙවෙයි.අපි ඒ නිවසට යන විට එය පුදුමාකාර ලෙස ජරාජීර්ණ වී තිබුණා.ඉතාම සරල උදාහරණයක් පැවසුවහොත් ශීතකරණයේ නරක් වෙමින්...
සුධාරක විසින් ගොඩ නැගූ නිවසේ ජීවත් වූයේ දිල්හානිගේ අම්මත් තාත්තත් බව මම ඊයෙ ඔබට පැවසුවා.මේ නිවසට සුධාරකට ඔහු සතු බඩු බාහිරාදිය රැගෙන එන්නට යන්නටවත් ඔවුන් ඉඩ දුන්නේ නෑ.ඔහු පැමිණියත් පොලිස් පැමිණිලි දමමින් ගැටළු ඇති කරන්නට පටන් ගත්තා.ඒ සියල්ල විදේශයේ සිට දිල්හානි මෙහෙයවන්නටත් ඇති.
"මම...
දිල්හානි යන්නට ගොස් ටික කාලයකින් ඇගේ තාත්තා මේ ලෝකයෙන් සමු ගත්තා.ඒ මව්පියන් ජීවත් වූයේ සුධාරක ඉදි කළ නිවසේ.එනිසා සුධාරක ඒ නිවසට ගියේ නැහැ.නමුත් ඔහු සේවකයන් යොදවා ඒ දෙමාපියන් ගැන සොයා බැලුවා.දිල්හානිගේ තාත්තා මිය යන තුරුම ඔහුට අවශ්‍ය සියලුම හෙදකම් කළේ සුධාරක යෙදවූ සේවකයන් විසින්.
රිදුණු බිඳුණු හිතක් යළි ගොඩ නැඟීම පහසු කාර්යයක් නෙවෙයි.සුධාරක හිටියේ බිඳීමට ලක් වෙලා.ඔහුව නැවත ගොඩ නඟන්න මම කැපවීමෙන් කටයුතු කළා.ඔහු ආදරය හරිහැටි නොලැබුණු මිනිසෙක්.ඔහුගේ කුඩා කාලයේ විස්තර මම ඔබ සමඟ බෙදා ගත්තා ඔබට මතක ඇති.ඒ වගේ අතීතයක් හිමි ඔහුට විවාහයත් අසාර්ථක වීම දරා ගන්න එතරම් පහසු වුණේ...
අපේ ජීවිතයෙන් කෙනෙක් නික්ම යන්නේ සමහරවිට සදාකාලික රිදුමක් ඉතුරු කිරීමෙන් පසුවයි.තවත් සමහරු අපේ ජීවිතයෙන් නික්ම යන්නේ විශාල අලාබහානි කිරීමෙන් අනතුරුවයි.
දිල්හානි!
ඇය සුධාරකගෙන් නික්ම ගියේ මේ කාරණා දෙකම සිදු කරලා.ඇත්තටම ඒ නික්මීම සුධාරකව විශාල මානසික කම්පනයකට ඇද දැමූ වගත් නොකියාම බෑ.ඔහුට...