Tag: අහිමි සිහින

ahimi sihina
පළමුවෙනි ආලිංගනය ලබන හැම ගැහැණු ළමයෙකුට ම වගේ මටත් එක්වරම ලැජ්ජාවක් දැනුණා.අනිත් කාරණාව තමයි අම්මා කොයි වෙලාවේ හරි අවදි වෙයි කියලා මට බය හිතුණා.සුදාරක ට සමු දෙන්නෙවත් නැතුව ආපහු හැරුණු මම ගේ දිහාවට දිව්වා.හැබැයි ඒ ආපහු එන්න පොරොන්දු වෙලා. "හොරෙක් හොරෙක්!!!" අම්මා එක පාරටම බෙරිහන් දෙන්න ගත්තේ ඒ වෙලාවේ.කාමරේ ලඟින් හොරෙන්...
ahimi sihina
හමුදා නිලධාරීන්ට ආදරය කරපු බොහෝ ආදරවන්තියන් පෙම් සටන ජය ගත්තා හෝ නොගත්තා මම ලියන මේ සටහන කියවන බවට මම දන්නවා.ඔබත් මමත් හොඳටම දන්න කාරණාවක් සමහර කාලවලදී පෙම්වතාගෙන් කිසිම ආරංචියක් නැතුව යනවා. ඒ යුද්ධයේ හැටි! අපේ රට ඒ වගේ අඳුරු කාලයක් පසු කළා.අනිත් අය තමන්ගේ ජීවිතය ගැන බයෙන් ඉන්නකොට හමුදාවේ නිලධාරීන්ගේ...
ahimi sihina
මම සුධාරක එක්ක කතා කරන්න ඒ වෙනකොට පටන් අරන්.කොයින් බොක්ස් එකකට දෙකේ කාසියක් දාලා අපි මල් කඩපු තාලේ දැන් ඉන්න තරුණ ළමයි දන්නෙත් නැහැ.ඒත් ඉතින් අපිට තිබුණු එකම සහනය එච්චරයි.ප්‍රධාන මධ්‍යස්ථානයට කතා කරලා එයාව කැඳවනකොට කාසි ටික ඉවරයි.මම කතා කරන දවස් ඔහු දන්නේ නෑ.ඉතින් මඟ බලන් ඉන්නෙත් නෑ.දුරකථනයට ඇවිල්ලා...
එක වතාවක් වුණු වරද ආයේම කරන්න මට උවමනා වුණේ නැහැ.ඔහුට ආදරේ කරන එක වගේම ලිපි ලියන එකත් බොහොම ප්‍රවේසම් සහගත විය යුතු බව මං මම එක්කම එකඟතාවයකට ආවා. ලියුම් එන වෙලාව ගැන අවබෝධයකින් ඉඳිමින් ඒ ලියුම් අම්මට හොරෙන් අතට ගත්තු කාලය! මතක් වෙනකොටත් සුන්දරයි. දෛවය ඔහුවත් මාවත් මීට පෙර වතාවක් මුණ...
Ahimi sihina
හිතුණු දේ කරන නාහෙට නාහන වයසේ මම ඔහුට ලිපියක් ලිව්වා.ප්‍රේමය ප්‍රකාශ කිරීමකින් තොරව ආ ගිය විස්තර අහල ලියපු ඒ ලියුම තැපැල් කරලා මම හිටියේ හරිම සන්තෝසෙන්.ඒත් තවම හිතට මදි. මට මගේ අයියගෙන් ඔහු ගැන විස්තර අහන්න හිතුණා. "සුධාරක කියන්නේ හරිම හොඳ කොල්ලෙක්.හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනිත් එක හරිම දක්ෂයෙක්.හැබැයි පොඩි වැරැද්දක්...
Ahimi sihina
මුහුද! මුහුද කියන්නේ කෙළවරක් නැති දර්ශනයක්. ජීවිතේ වගේ.කොතැන කොහොම අවසන් වෙන්න නියමිත ද නොදන්න ජීවිතේ වගේ මුහුදටත් පරක්තෙරක් නැහැ.පෙණ කැටි ඇවිත් වෙරළේ හැපෙන බිඳෙන හැටි මං බලාගෙන හිටියේ බොහෝ වෙලාවක ඉඳන්. නෑ! ජීවිතේ මේ මුහුද වගේ නෙවෙයි.මේ එක රළක් වගේ.වෙරළට එන රළ ආපහු මුහුදට යන්නේ තිබුණු හැටියකට නෙවෙයි.ජීවිතෙත් ඒ වගේ.එක සිදුවීමකට...