Tag: අහිමි සිහින

ahimi sihina
කෙනෙක්ගෙ ව්‍යාපාර සහමුලින්ම බංකොලොත් වෙලා යන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයට ඔයාල ළඟ තියෙන්නේ මොන වගේ උත්තර ද? සාමාන්‍ය සමාජයේ සිද්ධ වෙන දේවල් එක්ක ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අධික ලෙස බීමට ඇබ්බැහි වීම, පාලනයකින් තොරව මුදල් වියදම් කිරීම,සූදුවට ඇබ්බැහි වීම සහ අනියම් සම්බන්ධතා.ඒ කාරණාවලින් අසංකගේ වැරැද්දකට තිබ්බනම් තිබුණේ මුදල් වියදම් කිරීමේ පාලනයක්...
ahimi sihina
විවාහයට පෙර මම ජීවත් වුණේ කැමති විලාසිතාවන් කරමින්.මට ඕනෑම ආකාරයක ඇඳුමක් ඇඟට ගැලපුණා.ඔබට මතකත් ඇති මම ඒ ගැන ලියූ අන්දම.නමුත් රැකියාව කරන කාලයේ හැඩට අඳින්න මට හැකියාවක් තිබුණේ නැහැ. මට ඇත්තටම ඇඳුම් තුන හතරකට වඩා තිබුණෙ නැහැ.ගන්න වැටුප ඇඳුමකට වියදම් කරන්න මට හැකියාවක් තිබුණේ නෑ.පුංචි කාලයේ වගේම මගේ අම්මලා මට...
ahimi sihina
"පවුල් ජීවිතය ඇතුලේ ඕනෑවට වඩා විඳවන ගැහැණු ඉක්මනින් විශාදයට ලක්වනවා.නැත්නම් වෙන ආදරයක් හොයා ගන්නවා.ඔයාගේ කතාව ටිකක් අසාමාන්‍ය වෙන්නේ ඒ දෙකම වෙලා නැති නිසා." Smartlady පිටුවට එහෙම පණිවිඩයක් යොමු වෙලා තිබුණා.වසර කිහිපයක අතීතය දිහා ආයේ ආයේ හැරිලා බලනකොට ඇත්තටම මටත් මහ පුදුමයක් දැනෙනවා.මං කොහොමද එහෙම ඉවසාගෙන හිටියේ.සමහරවිට මං හිතනවාට වඩා ශක්තියක්...
ahimi sihina
"බබෙක් හදන්නේ නැද්ද අනේ?" රට්ටු ඒ ප්‍රශ්නය අහන දවස කවදම හරි කසාද ගෑනියෙකුට උදාවෙනවා.ඒ ප්‍රශ්නෙ මටත් උදා වූ දවසක් ආවා.කසාදෙට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට මගේ අම්මා තාත්තා වගේම නෑදෑයොත් අසංකගේ නැදැයෝත් අපෙන් ඒ ප්‍රශ්න අහන්න පටන් ගත්තා.හිතවතුන්ටත් කටවල් පියාගෙන ඉන්න බෑ.ඒ අය වදකාර ප්‍රශ්න හාර හාර මගෙන් අහන්න පටන් ගත්තා. "ඒ...
ahimi sihina
වැලඳිලා තිබුණේ පිළිකාවක් කියලා දැනගත්තු දවසේ ඉඳලා මගේ නැන්දම්මා මාසයක් ගෙදර, මාස තුනක් රෝහලේ.යන්තම් සුවවෙලා ගෙදර ආවාම ආයෙම අමාරු වෙලා සතියකින් විතර රෝහලට එක්ක යනවා.ඒ විදියට තමයි ඇයගේ ජීවිතය ගෙවිලා ගියේ.ඒ හැම මොහොතකම වැඩිපුරම එයත් එක්ක හිටියේ මම.කොකෝවා ගස් හිටවපු හැටි, මී තෙල් මී තෙල් හිඳපු හැටි වගේ පරණ...
ahimi sihina
අසංකගේ අම්මාත් තාත්තාත් ඉතාම හොඳ මිනිස්සු බව මීට ටික කාලෙකට කලින් මම ඔබට කියපු හැටි ඔබට මතක ඇති.ඇත්තටම ඔවුන් හරිම හොඳ මිනිස්සු.මට අසීමාන්තිකව ආදරය කරපු අම්මා අප්පච්චි කෙනෙක් කියලා තමයි මං ඔවුන් හැමදාට ම සිහිකරන්නේ. "මේ ආදරේ දරුවෙක් නොලැබුණාම නැති වෙලා ගියේ නැද්ද?" සාමාන්‍ය පොදු සමාජයේ නැන්දම්මලා එහෙම වෙන නිසා දැන්...
ahimi sihina
සාර්ථක විවාහයක් අපිට තිබුණේ නැහැ කිව්වම ඒකට මූලිකවම වගකියන්න ඕන මම කියන දේ හැමෝටම හිතෙන සාමාන්‍ය දෙයක්.ළාබාල වයසේ හිටියට මට හොඳ නරක ගැන අවබෝධයක් තිබුණා.මම සුධාරක සිහි නොකළේ ඒ නිසා. "මතක් වුණේ නෑ?? හරි පුදුමයිනෙ!" නෑ මට එයාව මතක් වුණා.නැතිවා නෙවෙයි.නමුත් කිසිම දවසක මට නොලැබෙන ඔහුට මම හිතට එන්න ඉඩහැරියේ නැහැ.අනිත්...
ahimi sihina
සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම් සාම්ප්‍රදායික ලේලියක් වෙන්න මට හිතුණද කියලා කියන්නත් මම ඊයේ පොරොන්දු වුණා.හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ හරියටම ලැබෙන්නේ මම අසංකට ආදරය කළාද නැද්ද කියන කාරණාව උඩ. මම අසංකට කවදාවත් ආදරය...
ahimi sihina
යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක ගෙන් මගේ අම්මත් තාත්තත් මාව වෙන් කළේ සැපවත් ජීවිතයක් ලබා දෙන්නයි.නමුත් එයාලගෙ තේරීම වුණු මට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමල් රටේ නම ගිය ව්‍යාපාරිකයා ඒ වෙද්දී හිටියේ...
ahimi sihina
අසංකගේ දවසින් වැඩි කාලයක් ගත වුණේ පත්තර කියවන්න.ඔහු වෙළඳ ප්‍රචාරක අංශයට සම්බන්ධ ව්‍යාපාරයක් කළ නිසා වෙන්න ඇති හැම පත්තරයක්ම අකුරක් නෑර කියවන්න ඔහු වග බලා ගත්තා.සතිය පුරා නිකුත් වෙන හැම පත්තරයක්ම පිටුවක් නෑර කියවන අමුතු කෙනෙක් තමයි අසංක. ඒ ඇරුණම අසංකට තව අමුතුම අමුතු පුරුද්දක් තිබ්බා.ඔහුට බත් කන්න බෑ.විශ්වාස කරත්...