Tag: අහිමි සිහින

ahimi sihina
ඒ රෝහල් සයනයේ ඉන්න කාලයේ මං හිතපු කාරණාවක් තිබුණා.මට ඒ වෙනකොට අවුරුදු තිහක්.විවාහයට අවුරුදු හතක්.ඒ අවුරුදු හත පුරාවටම යුතුකම් ඉටු කළා මිසක ආදරය හෝ රැකවරණය මට ලැබුණේම නැහැ.මම ජීවත් වෙන්නේ කාන්තාරයක.ලංකාවේ ලස්සනම නගරය මහනුවර කිව්වට මම අඳුරු ලෝකයක ජීවත් වෙමින් හිටියේ. "මොකටද මෙහෙම ජීවිතයක්." මම හිතන්න පටන් ගත්තා.ඒ වුණත් කළ යුතු...
ahimi sihina
දුක ගැනම කියවන ගෑනියෙක් මහා කන්දොස්කිරියාවක් කියලා ඔබට හිතෙමින් තිබෙන බව මම දන්නවා.කෙළවරක් නැතුව වේදනාව ගැනම කියවන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක්වත් අදහසක් නැති ගෑනියෙක් විදිහට මාව කියවන සමහර මට ලේබල් අලවමින් ඉන්න මොහොතක් මේ.ඒ වුණත් ඔබට කියන්නේ වේදනාව ගැහැනියක් යකඩයක් බවට පත්කරමින් ශක්තිමත් කරන හැටි බව මට විශ්වාසයි. "මොකක්ද ඔයාගෙන් අපට...
ahimi sihina
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අගපිපි මල් නවකතාව ඔබ කියවලා තියනවද? ඒ පොත ගැන දන්නා අය ඒ ඇසුරෙන් කළ ටෙලි නාට්‍යයත් නරඹලා ඇති.ඒ ටෙලි ටෙලිනාට්‍යයේ බොහොම ජනප්‍රිය වුණු තේමා ගීතයේ මෙහෙම පද පේලියක් තියනවා. "කාලයක් නැති තාලයක් නැතිවිජිතයේ කටු ඔටුනු හැර යමි" ආදරය අහිමි ලෝකයක ගැහැනියක රැඳිය යුතුද? ඇත්තටම පිළිතුර වන්නේ නැහැ කියන...
ahimi sihina
"පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ." වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ ජීවිතය ඉතාම වටිනවා.ඒ නිසාම කකුල ඉවත් කර හෝ අම්මාගේ ජීවිතය බේරා ගන්න අපි සූදානම් වුණා.ඒත් අම්මා ඒකට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අම්මා ඒකට තදින්ම...
ahimi sihina
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි අනතුරු ඕනෑතරම්.ඒත් මේ කියන්නේ ඒ වගේ දේවල් නෙමෙයි ,සැබෑවටම සිදුවන අනතුරු ගැන. අපි හිටිය පිළිස්සුම් අනතුරු සම්බන්ධ වාට්ටුවේ.ජීවිතය මුහුණ තරම් ඛේදවාචකයකට හැරෙන්න පුළුවන්ද කියලා ඇස් පනාපිට...
ahimi sihina
මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා රෝහලට ගියෙත් කිසිම විලාප නැඟීමකින් තොරවයි.එහෙම ගිය ඇය ගැන වෛද්‍යවරුන් පැවසුවේ එකම එක දෙයක්. "කකුල කපන්න ඕනේ.." එහෙත් අම්මා එයට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කකුල කපන්න ඉඩ දෙන්න...
Ahimi sihina
අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්‍රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න උත්සාහ ගත්තා.එයා මහ ගෙදර ගියාම තනියම ඉවුම් පිහුම් පවා කරන බව මම දන්නවා.වළක්වන්න උත්සාහ කරත් එයා ඒව අත් ඇරියෙත් නෑ. යන්තම් පුංචි හෙම්බිරිස්සාවක් හැදුණත් කෙඳිරි ගාමින්...
ahimi sihina
අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ දෑසට කඳුලු නැගෙනවා. "මට පිලිකාවක්!" ඒ වගේ කතාවක් අහන්න ලැබීම ඕනෑම කෙනෙක් මානසිකව වට්ටනවා.ඒත් අසංකගේ අම්මා පුදුම ඉවසීමකින් සහ හයියකින් ඒ රෝගයට මුහුණ දුන්නා.ඒ වගේම තමයි ඇය...
ahimi sihina
අසංකගේ අම්මා එන්න එන්න රෝගී වෙනකොට ඇය හිටියේ මාත් එක්ක.මහ ගෙදර අතෑරලා ඇයත් අප්පච්චිත් අපේ කුලී ගෙදරට ආවා.මම හිතන්නේ අසංකගේ සහෝදරයන්ගේ හිතේ තිබුණා අපිට ආපහු මහ ගේ ලබාදෙන්න.ඒ ආදරයකට නම් නෙමෙයි.අම්මගෙ කටයුතු මං අතින්ම කරවන්න. "අම්මා අපි ලඟ හිටපුවාවේ." මහ ගෙදර නොගිහින් මං මෙහෙම තීරණයකට ආවා.ඒ තීරණය ගන්න ප්‍රධානම හේතුව වුණේ...
ahimi sihina
"මේ කතාව අහගෙන යනකොට හැමෝටම එනවා ප්‍රශ්නයක්.." හැමෝටම ආ ප්‍රශ්නය අහන්නට ඉන්නේ ස්මාර්ට්ලේඩි කණ්ඩායම.මම ඔවුන්ට උපන් ඒ මහා ප්‍රශ්නයට මුහුණ දෙන්නේ සිනාවෙමින්. ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉසිඹුලමින් ඉන්න මට ප්‍රශ්න කියන දේවල් ගැන කිසිම ගාණක් නෑ. "ජීවිතේ එපා වෙනකොට මහන්සි හිතෙනකොට ඇයි සුධාරකව හෙව්වෙ නැත්තේ.." ඒ ප්‍රශ්නයක් නම් තියෙන්නෙ බොහොම සාවධාන...