Tag: ආදර සැලසුම්

ෂෙහාරා උන්නේ උරණ වීය. ඩිලිවරි සේවාවක් ඔස්සේ අශිකා එවූ කෑම බඳුන් දිග හරිමින් ෂෙහාරා වහලය දෙදරන්නට කෑ ගසමින් උන්නාය. " මට ලැජ්ජ කරන්න ඔයාට පුදුම ආසාවක් නේද තියෙන්නේ ආදිත්‍යය?  මං පොඩ්ඩක් ගෙදරින් එළියට බැස්ස ගමන් ඔක්කොම අම්මට කෝල් කරලා කියන්න ඔයාට ලැජ්ජ නැද්ද ? ඔයා නිකන් මේ අම්මට කියලා කෑම...
මෞර්යා කන්නාඩිය ඉදිරිපිටට වී හැඩවෙමින් උන්නේ උදෑසන 11ට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය වෙනුවෙනි. තද නිල් පැහැ ගත් කලිසමට සුදු පැහැ කමිසයක් හැඳ එය කලිසමට යට කරගත් මෞර්යා බලා සිටියේ තමා වෙතින් දිස්වන පෙනුම දෙසය. මෞර්යා මේ ඇඳුම මිලදී ගත්තේ සම්මුඛ පරීක්ෂණය වෙත ඇඳගෙන යාම සඳහා මය. එය තෝරා දුන්නේ මෞර්යාගේ...
මෞර්යා පැය භාගයක් පමණ ඇතුළත තලවතුගොඩ පිහිටි ආදිත්‍යගේ නිවස වෙත වාහනය පැදවූයේ ඔහු පැවසූ මං සලකුණු ඔස්සේය. විශාල තාප්පයකින් සහ විශාල ගේට්ටුවකින් සමන්විත වූ ඒ දෙමහල් නිවස බැලූ බැල්මට මන්දිරයක් සේ දිස් වී පෙනුණි. " මං කවුද කියලා දන්නෙවත් නැතුව මට මෙච්චර උදව් කරාට තැන්ක්යූ මෞර්යා "  ආදිත්‍යය එසේ කීවේ මෞර්යා...
මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා පුරුද්දක් කර ගත්තේ දැනට මාස පහ හයක සිටය. විසිපස් වියෙහි පසු වූ මෞර්යා පවුලේ එකම දියණිය වූ අතර ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියක ලෙස කටයුතු...