Tag: නුඹ තරම් ප්‍රේමයක්

විසි නව වැනි නෙත් සැරිය  අයත්මා උන්නේ සිහිනයක ගුලි වෙමිනි. රාත්‍රී සයනයේ ගුලි වෙමින් ඕ බලා උන්නේ චත්‍රගේ ඇමතුමකි. ඔහු අමතන්නේ නැතිනම්, තමා හෝ ඇමතුමක් ගන්නවායැයි ඕ සිතුවාය. දහවලේ සිදුවූ සියල්ලටම පසු ඔහුට ඇමතුමක් නොගෙන නින්දට යා නොහැකිය. අනෙක් අතට පවුලේ අයවලුන් අතරේ ඔහු පිළිබඳව ඇති දුර්මතය නිසා ඔහු නිවස...
විසි අට වැනි නෙත් සැරිය. " අයූ..." චත්‍රගේ හඬ ඔහුගේ පාලනයෙන් මිදී ගොස් තිබුණි. ඔහු මේසය දිගේ දෑත් දිග ඇරෙන්නට දුන්නේය. අල්ලා ගන්නට හැකි  මානයේ වූ අයත්මාගේ දකුණත අල්ලා ගත්තේය. ඕ උන්නේ සීතල වීගෙනය. එහෙත් චත්‍රගේ දෑතින් මිදෙන්නට ඕ  කලබල වූයේ නැත. " මං සමාවෙන්න කිව්වට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැති බව...
විසි හත් වැනි නෙත් සැරිය සෙනසුරාදා වන තුරු වූ දින දෙක අයත්මා ගෙවා දැමුවේ කල්පයක් පරිද්දෙනි. සිකුරාදා සවස සිහිනි පැමිණ මුණ  ගැසෙන තුරු ඕ කල් ගෙවුවේ සෙනසුරාදාව කිසිවෙකු උදුරාගෙන යතැයි බියෙනි.  සිහිනි ඕ කැටුව යන්නට පැමිණෙන බවත්, නිවසින් පිටවන විට ඇමතුමක් දෙන බවත් සිහිනි පවසද්දී අයත්මා සිනාසී  හිස සැලුවාය. ඕ...
විසි හය වැනි නෙත් සැරිය අවිශ්ක අමතා ප්‍රමාද වන බව පවසන්නට අයත්මාට සිහි වුවද, ඇය ඒ සඳහා කලබල නොවි උන්නාය. ඇතැම්විට මේ එතරම් වෙලා ගත නොවන කතා බහක්ද විය හැක. අයත්මා එලෙසින් සිතුවද චත්‍රට සැලසුම් තිබුනේය. " මචං.. මට මගදී අයත්මාව මුණ ගැහිලා මම ලිෆ්ට් එකක් දෙන්න නග්ගවගත්තා. මට හදිසියේ ටව්න්...
විසි පස් වැනි නෙත් සැරිය තමාගේ නමට ආ පාර්සලයේ ඇත්තේ යළි ආරෝපණය කල හැකි  වර්ගයේ වන මිල අධික විදුලි බල්බ දෙකක් වග අයත්මා දැනගත්තෙ නිවෙසට පැමිණ එය විවෘත කර බැලූ පසුය. වටිනාකම රුපියල් අට දහසක් ලෙසින් තිබුණි. එය එවූ තැනැත්තෙකුගේ නම, ලිපිනය වෙනුවට තිබුනේ ආයතනයේ නම සහ ලිපිනයය. එහි දුරකතනය...
විසි හතර වැනි නෙත් සැරිය අයත්මා සහ චත්‍ර දෙදෙනාම එකිනෙකාට ගලපා ගන්නට නොහැකි  වූ සිතුවිලි සමඟින් අපහසු දවස් ගෙවමින් උන්නහ. සැන්ඩ්‍රා පිටව යන්නට පෙර යම් හදිසියේම පාසැලටද පැමිණියේ සිහිනිට සමු දී යන්නටය. එවෙලෙහි පන්ති මාරු වීමට යමින්  උන් අයත්මා චත්‍ර සහ සැන්ඩ්‍රා ගේට්ටුව අසල නවතා තිබූ කැබ් රියට ගොඩ වෙනු...
විසි තුන් වැනි නෙත් සැරිය අයත්මා උන්නේ වෙවුලමිනි. තමා අසිහියෙන් සිදු කර ඇත්තේ කුමක්දැයි  ඇයට වැටහෙන්නට ගත්තේ සිහිනිගේ ඇමතුමට පසුවය. ඒ ඇමතුම ගත්තේ චත්‍රගෙන් ඔහු සමඟ උන් යුවතිය කවුරුන්දැයි  විමසන්නටදැයි අයත්මාට විශ්වාසයක් තිබුනේ නැත.  එවැන්නක් විමසන්නට තරම් තමා සතු වන අයිතිය කුමක්දැයි අයත්මා කෝපයෙන් විමසා ගත්තාය. එලෙසින් විමසුවත් චත්‍ර එයට පිළිතුරු...
විසි දෙවැනි නෙතු සැරිය අතුකෝරල මහතාගේ  මිතුරියගේ දියණිය වූ සැන්ඩ්‍රා  චත්‍ර මුන ගැසෙන්නට පැමිණියේ ඇගේ පෙම්වතාද සමඟය. විදෙස් තරුණයෙකු වූ ඔහුට තිස්සමහරාමය අවට ඇවිදින්නට දැක බලා ගන්නට බොහෝ දේ තිබුණි. කපිල සමඟ ඔහු වෙනුවෙන් මෝටර් රිය ලබා දුන් චත්‍ර සැන්ඩ්‍රාද කැටුව ඇගේ කටයුතු වෙනුවෙන් කැබ් රියෙන් පිටත් වූයේය.  වසර  විසි අටක්...
විසි එක් වැනි නෙතු සැරිය චත්‍රගේ කැබ් රිය නැවතෙන හඬ අයත්මාට ඇසුනේ යන්තමට මෙන් ය. ඕ කාමරයේ  ජනේල තිර රෙද්ද පසෙකට කර බැලුවාය. චත්‍රගේ කැබ් රියෙන් අයියාද, සිහිනිද, ඉන් පසුව චත්‍රද කැබ් රියෙන් බසිනු දුටු අයත්මා දඩි බිඩියේ කාමරයෙන් එලියට ආවාය. යළි යමක් සිහි වී මෙන් කාමරය තුලට ගොස් කණ්ණාඩිය...
විසි වැනි නෙතු සැරිය  අයත්මාගේ නිවසේ දානයට චත්‍ර  සහ කපිල හැරෙන්නට සියලු දෙනා සහභාගී වූහ. චත්‍ර උන්නේ කපිලවද පටලවාගෙන නොවූ කාර්‍යබහුලකමක් පෙන්වන්නට උත්සාහ කරමිනි. අයියාගේ උද්දච්චකම ගැන කෝපයෙන් උන් සිහිනි චත්‍රට එක දිගටම කෙටි පණීවිඩ මඟින් බැණ වැදුනාය. චත්‍ර නොපැමිණි බව දැකීමෙන් පසු අවිශ්ක අයියාද අමනාපය පල  කල බවද ඕ...