Tag: පළිඟු මන්දිර

නිවර්තනා කියන්නේ මොරීන් ගේ පවුලේ හිතවතියකි. විදේශයක සිට පැමිණි ඇය වෙත මොරීන් සුවිශේෂ විවාහ යෝජනාවක් ද ඉදිරිපත් කොට තිබේ. එහෙවු ඇය නිතර දෙවේලේ මොරීන් මුණගැහෙන්නට විශ්ව විද්‍යාලයට පැමිණීම පළිඟු ට නම් පුදුම වන්නට කාරණයක් නොවේ. ඒ යන එන අතර වාරයේ, ආසන්නයේ වන මේ අවන්හලට යම් හේතුවක් මත ගොඩ වීමත්...
එදා රාත්‍රී ආහාර සඳහා නිවර්තනා ට මොරින් ගෙන් ඇරයුම් ලැබී තිබිණි. ඒ ඔවුන් ගේ නිවසට ය. ඊට පෙර දිවා ආහාරය සඳහා මොරීන් යුවතිය ව ප්‍රකට බොජුන් හලකට කැටිව ගියා ය. ඒ ගමනෙ හි යටි අරමුණක් තිබිණි. "ඕගොල්ලො පොඩි කාලෙ ඉඳලම ප්‍රියානියි මායි කතා වෙලා හිටියෙ දවසක ඔයයි කිසලුයි මැරි කරන්න...
ඒ උදේ වත්සලා ත් පළිඟු ත් අතර ඒ හැටි කතා බහක් නො වුණ තරමි. සිය හදවත අරක් ගත් ප්‍රේමයක් ඇති බව පළිඟු ට කියා තිබුණ එක ගැන වත්සලා පසු තැවුණා ය. ඒ චමල් බව ඇයට දැනෙන ලෙස හැසිරීම ගැනත් ඇය තමන්ට ම සමාව නො දුන්නා ය. මේ අතීත කතාව...
හාත්පස අඳුරේ ගිලී පැවතිණි. කුඩා ඉස්තෝප්පු කොටසේ දැල්වෙන විදුලි ආලෝකය මිදුල ට මඳ ආලෝක කදම්බයක් පතිත කළ ද, පිවිසුම් දොරටුව ආසන්නයේ වූයේ අඳුරු ගතියකි. එනිසාවෙන් ම ගේට්ටුව අරින තැනැත්තා කවුද යන්න එක්වර ම දැකිය හැකි වූයේ නැත. 'මොරීන් මැඩම් ද? කිසල් ව හොයං ඇවිත් ද? පුංචාටත් එක්කම දොස් කියල...
ඒ වාගේ කැත වැඩක් ඇයට කළේ අක්ෂි කියා හෝ මොරීන් කියා හෝ හිතන්නට පළිඟු ට ඕනෑ වූයේ නැත. නමුත් එහෙම හිතෙන එක නවතාලන්නට ඇය ට හැකි වූයේ ත් නැත. තවමත් පුහුදුන් මිනිස් ගති ඉක්මවා උසස් මානසික තල වලට ඈ පිවිස සිටියේ නැති නිසාවෙනි. අක්ෂි සමගින් කතා කරන්නට නො හිතෙන...
කිසල් ගේ ඇස් දෙස පළිඟු කෙළින් බැලුවා ය. එහෙම කරන්නට බැරි අපහසුවක් ඇය ට දැනුණේ නැත. එහෙම අපහසුවක් දැනිය යුතු විදිහේ වරදක් ඈතින් සිදු වී තිබුණේ ත් නැත. එතෙක් ඔහු ගේ ඇස් මත වූ ආවේගය, ඇගේ ඒ බැල්මත් සමග තුනී වී ගියා විය යුතු ය. නමුත් ඔහු ඒ බව...
මැයි ගහ යට හිඳ කිසල් පළිඟු ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තේ ය. ඉන්නවා කී තැන ඇය නොවේ. ඔහු වට පිට බැලුවේ ය. කිසි තැනෙක ඈ නැත.  පළිඟු ඇමතුමට පිළිතුරු දෙන්නට සූදානම් වූවා ය. නමුත් ඇය ව පැහැර ගත් පුද්ගලයා ඈ අතින් දුරකතනය උදුරා ගෙන එය ක්‍රියා විරහිත කළේ ය. "මොකද්ද මේකෙ...
මතක ඇති කාලයක එනිවසෙහි විසූයේ වත්සලා හා පළිඟු පමණකි. එනිසාවෙන් ම නිවස තුළ වූයේ අතිශය සාමකාමී නිහඬ බවකි. පළිඟු ගේ මිතුරු සමාගමය ද ඉතා සීමිත එකක් වූයෙන්, මිතුරන් වශයෙන් නිවසට පැමිණි කෙනෙක් නැති තරම ය. උදක් මෙබඳු තරුණ හඬවල් කිහිපයක් මෙසේ මෙහි පිළිරැව් නැගෙන්නට ගත්තේ කිසල් හා උතුම් මෙහි...
පිනි බර හිමිදිරිය වඩාත් සිහිළැල් හා සුව දායක වූයේ ය. සේපාලිකා මල් සුවඳ හාත්පස ඉහිරෙමින් තිබිණ. උතුම් විසින් යළි මතක් කරනු ලබනට පෙර රියෙහි ඉදිරි අසුනට ගොඩ වූ කිසල් අඩ නෙතින් පිටුපස හැරී බැලුවේ ය. ඔහු ගේ ඇස් පළිඟු ගේ ඇස් වල පැටලී ගෙන තත්පර කිහිපයක නිමේෂයක් පැවතිණි. විදුලි...
සුළඟට නතු වී නටුවෙන් ගිළිහුණ රොබරෝසි මල් කිහිපයක් සුළඟත් එක්ක ම අවකාශයේ කැරකෙමින් හිඳ සරසවි බිම වැතිර ගත්තේ ය. එදෙස දෑස් යොමු කරගෙන උන් පළිඟු ගේ දෙතොල් මත ඉතා තෘප්තිමත් වූ මඳහසක සේයාවක් ඇඳී තිබිණි. කිසල් වෙනුවෙන් ඇය ශිෂ්‍යත්වය පවා අහිමි කර ගන්නට සූදානම් නම්, ඒ ප්‍රේමය කරනකොට ගෙන...