Tag: මල් බිඟුන්

සන්දේශ් ගෙන් දුරකතන ඇමතුමක් බව දුටු ගමන් අශ්විනී වටපිට බලා තාත්තා එහි නොවන බව තහවුරු කරගත්තා ය. මුව මත දබරැඟිල්ල තබා කලබල නොකරන ලෙස අමාගීටත් අවධාරණය කළා ය. අමාගී ගල් ගිල්ලා සේ බලා සිටින්නට වූවා ය. ආයු ඇය සමග සිටින බැවින් කිසිවක් කර කියා ගත නො හැකි ය. ඔහු...
බලාපොරොත්තු නොවූ පුපුරා යාමක් හදිසියේ සිදු වූ සේ ය. හඬන්නට තරමින් කේන්තියකින් කියවාගෙන ගිය අමාගී, ආර්ය ගේ රුව පියගැට පෙළ ඉස්මත්තෙහි දුටු ගමන් ගස්සාගෙන යන්නට ගියා ය. ගෙදර හැම කෙනෙකු ගේ ම ඇස් ඊළඟට යොමු වූයේ ආර්ය වෙතට ය. "ඒ ළමය ලොකු උදව්වක්නෙ කරන්නෙ. ඉතින් තෑග්ගක්වත් ගෙනත් දෙන්න ඕනනෙ. මට...
ශනිදා උදය පුරුදු පරිදි ම නිසංසල වූයේ ය. මල්වත්තගේ නිවසෙහි උදයට සියුම් කලබලයක් වන්නේ සතියේ දින වල පමණි. එද කාර්යාල වලට යන අය නිසා ය. පසු ගිය දින තුනක කාලයේ සන්දේශ් රැකියා ස්ථානයට වාර්තා කොට තිබුණේ නැත. හදිසි තත්වයක් මත ඔහු නිවාඩු අනුමත කරවාගෙන ඇති බව අශ්විනී දැනගත්තේ කාර්යාලයට...
ආර්ය නිර්වාන් මහානාම, හැල්මේ අත්‍යවශ්‍ය වැඩ ටික නිම කළේ ය. වැඩ කරන විට අවධානය මුළුමනින් රැඳෙන්නේ ඒ මත නිසා සන්තාප වේදනා රැඳෙන්නේ දුරිනි. සන්තාන සුසුම් තියෙන්නේ ඇතුළාන්තයේ හිර වී ය. නමුත් පරිගණකයෙන් මඳක් ඉවත් වන විට ම එතෙක් උදරයෙහි ඇවිළෙමින් තිබූ ගින්දර රොටු පපුව දෙසට නැගෙන්නට විය. දැවීමක් ද...
දුරේෂ් මල්වත්තගේ හා උපුල් මහානාමත්, ආර්ය නිර්වාන් මහානාමත් පොලීසියට ගොස් සිදු වී ඇති දේ ගැන පැමිණිල්ලක් දැමූහ. ඔවුන් සතුව තිබූ නිධී තබා ගිය සටහන නිසා සිදු වී ඇති දේ ප්‍රත්‍යක්ෂ ය. ඔවුන් පැමිණිල්ල දැමූයේ නීත්‍යානුකූලව එසේ කළ යුතු නිසාවෙන් පමණකි. යළි පැමිණිය ද නිධී සිය බිරිඳ ලෙස පිළිගැනීම ආර්ය...
දහවල ගෙවී සන්ධ්‍යාව උදා වන විට හැම කුසක ම තුනී ගින්නක් ඇවිලී යමින් තිබිණ. පෙර දා රාත්‍රියෙහි පටන් කුස් වලට ඝණ ආහාරයක් වැටී තිබුණේ ම නැත. බේකරි ත්‍රීවීලරයක හඬ වීදිය දිග නැගෙත්දී බල්ලෙකු උඩුබිරුවේ ය."පාන් ගමුද…"කියා රුසිරු ඇසුවේ ය. ඔහු සිටියේ අමාගී සමගින් පෙත් මගෙහි වන මල් කඩමින් ආයු...
ගෙවල් දෙකේ ම කිරිබත් සීතල වෙමින් තිබිණ. කිසිවෙකුගේ කුසට අහරක් වැටුණේ නැත. නමුත් කුසගින්ක කියා දෙයක් දැනුණේ ද නැත. නමුත් නො සිදු විය යුතු ව තිබූ, නමුත් සිද්ධ වූ අපරාධයෙන් කම්පාවට පත් වූවා සේ උදේ සිට ම අහස බුම්මාගෙන සිටී. විටින් විට පොද වැහි අත්හරී. කොයි මොහොතක හෝ අනෝරාවක්...
කෑම මේසයට වාඩි වී සිටියේ දුරේශ් මල්වත්තගේ පමණකි. ගෑනු ළමයි තිදෙන ගෙයි තැන් තැන් වල ද මිදුලේ ද ගේට්ටුවෙන් පිටත පාරේ ද සන්දේශ් ව සොයා බැලූහ. නමුත් ඒ කිසිදු තැනෙක ඔහු පෙනෙන්නට සිටියේ නැත. "කෝල් එකක් අරං බලන්න" ඉවසීමෙන් යුතුව දුරේශ් එසේ කීවේ සන්දේශ් ගේ යතුර පැදිය ද නොමැති බව දැන...
අලුත් අවුරුද්දක, අලුත් මාසයක අලුත් ම දවසක් උදා වී තිබේ. හැම අලුත් දවසක් ම අලුත් ආරම්භයකි. අයිස්‍ කැප් එකක් හිස පළඳාගත් අමාගී සහස්‍යා මල්වත්තගේ, පිනිබර හිමිදිරියේ ම මිදුලට ආවා ය. ඇය මහ දොර විවර කරන්නේ හඬ නෑසෙන සේ ඉතා හෙමිහිට ය. නැතහොත් අක්කලා දෙන්නාගෙන් කිසිවෙක් බැණවදිති. පිනිබාමින් මිදුලට වී...