Tag: මියුරු පෙම් වසන්තේ

උදේ පාන්දරම ඊමේල් එකට ඇවිත් තිබ්බ වෝනින් නෝටිස් එක සනුකිගේත්, ලිඩියාගේත්, තේමියගේත් දෙලොව රත් කරන්නට හේතුවෙච්ච එකය. නදීගේ බීම එකට ඇල්කොහොල් එක්කහු කරන්නට හේතුවෙච්ච එක එච් ආර් එකෙන් වෝනින් ලෙටර් එකක් එන්න හේතුවක් වීම ගැන තුන්දෙනාම උනේ බයවෙලාය. “කවුද බං කම්ප්ලේන් කරන්න ඇත්තෙ?” සනුකි ඇහුවේ උදේ කෑම වෙලාවේ කැන්ටිමේ කෙලවරකට...
“ඇයි ඉතින් බෑ කියන්නේ?”" මියුරු එහෙම ඇහුවේ ඇඳේ හාන්සි වී දුරකතනය කණේ තබාගෙන එහා පැත්තෙන් ඇහෙන නදීගේ කටහඬ ඔස්සෙ වඩා ප්‍රේමණීය සමාධියකට සම වැදෙමිනි. රැයේ සිහිල් සුළඟ ආවේ ගත සුවපත් කරමින් උනත් නදී කියන කතා හින්ද හිත නම් තිබ්බේ පොඩ්ඩක් විතර රිදිලාය. “බෑ කියන්නෙ බැරි හන්දා” නදී කියන්නෙ ආදරය බිඳක්වත්...
නදී කීයටවත් එහෙම දෙයක් අහවි කියා මියුරු හිතා තිබුණේ නැත. “එහෙනම් සර් මට මෙහෙම දෙයක් දෙන්න හේතුවුන හොඳ අදහස මොකද්ද?” කියා නදී අහද්දී ඇත්තටම කරකියාගන්න දෙයක් මියුරුට තිබ්බේ නැත. ඇත්තට මෙහෙම දෙයක් දෙන්න තමන්ගේ හිතේ තියෙන අදහස හොඳ එකක් බව ඇත්තක් උනත් ඒ අදහස නදීටත් හොඳ එකක් විදියට පෙනේවිද කියා...
මියුරු නදී වෙනුවෙන් මුලින්ම අරගත්තේ ෆෝන් එකක් ය. නදීට තියෙන්නේ හද්ද පරණ ෆෝන් එකක් බව මියුරු දැක්කේත් දැනගත්තේත් එදා ඇනිවසරි පාටි එකේදී නදීට ආ වස්තුගේ කෝල් එක ආන්ස්වර් කරන්න වෙච්ච හන්දාය. “එච්චර පරණ ෆෝන් තාම මේ කෙල්ලො පාවිච්චි කරනවද?”" කිය නොහිත ඉන්න මියුරුට පුලුවන් උනේ නැත. මියුරු වනාහී හැම අවුරුද්දකටම වරක්...
ඉන්පස්සෙ ඉතින් මියුරු උන්නේ කුරුල්ලෙකු වගේය. නිකන්ම එකෙක් නොවේ ප්‍රේම කුරුල්ලෙකු වගේය. වස්තු කියන්නේ නදීගේ පෙම්වතා නොවන බවත්, ඔහු නදීගේ හිත මිතුරු ත්‍රීවිල් කොල්ලෙකු බවත්, පොඩිකාලේ ඉඳල දන්න කෙනෙකු බවත් දැනගත්තයින් පසුව නදී වනාහී කාගෙවත් ගහක අත්තක පිපිච්ච මලක් නොවන බව දැනගැනීම මියුරුට සන්තෝසේ ඉපිලෙන්න හේතුවක් විය. මියුරු ඊටපස්සෙ වෙනදාට වඩා...
සඳුදා වෙද්දී නදී උන්නේ හොඳටම බයවෙලාය. වැඩට යද්දී මේසෙ උඩ ටර්මිනේශන් ලෙටර් එක තිබුනොත් මොනව කරන්නද කියා නදී දහස්වර නොහිතුවාය. ඒ උනාට කොහොමකරත් වැඩට යන්න වෙන හන්දා නදී ඇඳගන්න අතරේත් උදේට කන අතරේත් බස් එකේ යන අතරේත් දන්න දෙවියන්ට හිතෙන් වැන්දේ “අනේ මුකුත් කරදරයක් වෙන්න එපා” කියාය. මොන දේ උනත්...
“ආහ් කල්පනා කරනවා ඇත්තෙ ඊයෙ නටපු ඩාන්ස් පාට්නර් ගැන වෙන්න ඇති නේද?” කියාගෙන ධම්මිකා රදන්පොල මියුරුගේ කාමරයට ආවේ ඔය ගැන හීන් සීරුවේ කොල්ලා එක්ක කතා කරන්න හිතාගෙනය. දැන් සමාජයේ ඔක්කොටම වඩා පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ කොල්ලන්ව බව ධම්මිකා දනී. දැන් ඉන්න සමහර කෙල්ලන්, කෙල්ලො නොව හැපින්නියොය. අනික් අතට මායම්...
මියුරු උන්නේ වචනයෙන් කියාගන්න බැරි හැඟුම් සමුදායක් අස්සේ ගිලී පිහිනමිනි. පෙරදා රැයේ වෙච්ච දේවල් ගැන අම්මාවත් තාත්තාවත් කිසිම ආකාරයක දෙයක් ඇහුවේ නැත. ඒ නොඇසීම වෙන දවසක් හිත නොසංසුන් කරන්න හේතුවක් වන්නට තිබුණත් අද මනස කළඹවන්නට හේතු වුණේ එය නොවේ. නදීය..පෙරදා රැයේ ඇගේ හැසිරීමය. ඇය අවසානයට කියන්න යෙදුණ දේය. ඒ වනාහී...
නිදාගත්තේ ඇනිවසරි පාටි එක පැවැත්වුණ හෝටල් කාමරයේ උනත් ඇහැරුණේ ගෙදර නිදන කාමරයෙනි. ඒද හොඳටම දවල් වෙලාය. අද සෙනසුරාදා දවසක් හන්දාත්, වැඩට යන්නට නැති හන්දාත් හිතට අස්වැසිල්ලක් උනත් ඊයේ වෙච්ච දේවල් යාන්තමට වගේ මතක හන්දා ඒ අස්වැසිල්ලට දීර්ඝ කාලීනව හිත අස්සේ පැළපදියම් වෙලා ඉන්න පුලුවන් කමක් නැත. තමන් ඊයේ නැටුවේ...
නදී මියුරුගේ කරේ එල්ලී නටන ආකාරය ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සියල්ලන්ම බලා උන්නේ ඇස් දෙක නළලේ තියාගෙනය. ආයතනයේ වෙන්න හිමිකරු එක්ක මෙහෙම කරේ එල්ලී නටන්න නම් ඒ කෙල්ල පුදුම බයක් සැකක් නැති එකියක් විය යුතු බව කට්ටියම හිතද්දී මියුරුට නම් හිතන්න තිබ්බේ වෙනම දෙයකි. “මේ ගෑනිටනම් මෙලෝ ලැජ්ජාවක් නෑ. බෝයි ෆ්‍රෙන්ඩ්...