Tag: රන් මල් දම්
රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය.
"මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක් හරි අදහසක් තියෙනවා.. ඔය නිම්නාවීගේ ඇක්සිඩන්ට් එකට සම්බන්ධ ගෙදරනේ..නිම්නාවි එහෙ ගිය මාස දෙක තුනේ මොකක් හරි වෙන්න ඇති .."
" ශිට් .. ආන්ටිලාත් පුදුම මිනිස්සු ...නිම්නාවී...
ජිනේන්ද්‍ර පැමිනෙන විට රාත්‍රී අට පසු විය. ඔහු මන්දාරම් සිදුවීම පවසන කලබලය අසා උන්නේය. මන්දාරම් එවර වෙස් පෙරලා ගෙන ඇත්තේ කොයි දෙසටදැයි ජිනේන්ද්‍රට වැටහුණේ නැත. මන්දාරම්ගේ කලබලය ගැන විශේෂයෙන් නොවිමසාම අසා උන්නේය.
" දිලුම්ට කතා කරලා මේක කියලා ඉන්න අයියේ ...."
" පිස්සුද බං ... එහෙම කොහොමද කියන්නේ.. ඌ මට කතා...
මන්දාරම් දින දෙකක් නිවාඩු ලබා යළි සේවයට වාර්තා කලේය, එදිනම පසන් රණවීර සමඟ සාකච්චාවක් වෙනුවෙන් වෙලාව වෙන්ව ඇති බව ඔහු දැනගත්තේ සේවයට වාර්තා කලාට පසුවය. සැනින් සිහි වූයේ එදින රැයේ නිම්නාවී ඔහුගේ පසෙකින් ඇවිද ගිය අයුරුය. නිම්නාවී ඔහුගේ පසෙකින් හිඳ උන් අයුරුය. ඉන් පසුව සැනින් ජිනේන්ද්‍ර පැවසූවද සිහි විය.
"නිම්නාවීගේ...
නිම්නාවී සහ ඩයස් රෝහලට ගියේ දිලුම්ට නොපවසාය. දිලුම් උදෑසන වරුවේ රාජකාරී අවසන් කර රන්දුලා සමඟ ආපනශාලාව වෙත ඇවිද යනු ඩයස් සහ නිම්නාවී දුටුවේ අහම්බයෙනි. ඩයස් නිම්නාවී දෙස බැලුවේ සිනාසෙමින් ය.
" මල්ලිගේද ?..."
ඩයස් නිම්නාවීගෙන් විමසද්දී නිම්නාවී සිනාසුණාය. හිස සැලුවාය.
" රන්දුලා අක්කා .... මල්ලිගේ ජීවිතේට ලැබුන හොඳම කෙනා ...."
දිලුම් විශ්ව විද්‍යාලයට...
නිම්නාවී උදෑසන ඇහැරුණේ ඩයස් ගේ හඬටය. ඕ යහනේ සිටම පියා දෙස බැලුවාය.
" අද දවසම මම පුතා එක්ක ඉන්නවා... වොශ් එකක් දාලා, උදේට කාලා, අපි දෙන්නා එක්ක රවුමක් යමු ..."
ඔහු පවසද්දී නිම්නාවී යහනේ එරමිණියා ගොතා හිඳගත්තාය. පියා සමඟ මෙහෙම බැඳීමක් තිබූ කාලය ඇයට මතකය. ඒ පාසැල් සමයේය. ඔහු කෙතරම් වැඩ...
" නිම්නාවී මෙහෙ ඇවිල්ලා අම්මාව බලා කියාගත්තා කියන එක කොහේවත් කියන්නෙපා මල්ලී .... උන් ඒකිව මරාවි ...."
ජිනේන්ද්‍රගේ හඬ යළි සිහි කරගනිමින් මන්දාරම් මොහොතක් නිහඬව උන්නේය.
" සල්ලි වලින් හැමදේම වැහෙන්නේ නැහැ කියලා දන්නවා පුතා .... ඔයාගේ අම්මට වුන දේ වැරදියි, එතනදී මගේ දුව කරපු දේත් වැරදියි ... මගේ දරුවාව මෙතනදී...
පසන්ගේ සීමාව ඉක්මවන ස්පර්ෂයන් සහ වදන් හමුවේ අතිශය වෙහෙසට පත්ව උන් නිම්නාවී නිවසට ආවේ නින්දට වැටෙන බලාපොරොත්තුවෙනි. එහෙත්, පසන් සමඟ උන් සාදයේ කියැවුණ ව්‍යාපාර නාමය අතර මන්දාරම් සේවය කරතැයි ඇයට මතක තිබූ ව්‍යාපාර ආයතනයේ නමද කියවීම නිසා ඕ උන්නේ යම් තිගැස්මකය. ඒ නම සවන ගැටී නිසි අවබෝධයට පත් මොහොතේ...
මන්දාරම් කාර්යාලයට යෑම වරුවකින් පසු කලේ ජිනේන්ද්‍ර උදෑසනම පැමිණ තිබූ නිසාය. චානකටද පන්ති සඳහා වේලාව වූයේ සවස් වරුවේ නිසා ඔහු උන්නේද නිවසේය.
" මං නම් කියන්නේ උඹ කෝකටත් උදේ ඔෆිස් ගිහින් එන එක හොඳයි .. මෙහෙම සිද්දියක් වෙලා කියලා උඹ ජී එම් ට කියපං .. මෙතන පැහැදිලිවම පේනවා උඹ හරහා...
අවසානයේ මන්දාරම් චානකට එකඟව නිම්නාවී මුණ ගැසෙන්නට ඉඩක් සකසා ගන්නේ නැතිවම වෝටර්ස් ඒජ් පරිශ්‍රයෙන් පිටවූයේය. එදින බලාපොරොත්තු වූ ව්‍යාපාරික කටයුත්ත ද යම් ආකාරයකින් සාර්ථක කරගන්නට ඉඩ ලැබුණු නිසා මන්දාරම්ගේ සිතෙහි ඒ හා අදාළව කිසිදු පීඩනයක් තිබුණේ නැත.
එහෙත් කිසි දිනක ආගන්තුක අහම්බකාරයෙකු නිසා නොදැනුණ තරමේ මහා පීඩනයක් ඔහුගේ හිස මත...
නන්නාදුනන තරුණයෙකු හා සමඟ ඇවිද එන්නේ කවුරුන්දැයි පලමුව හඳුනාගත්තේ චානකය. ඔහු තමා දුටුවේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් අසුනෙන් මදක් එසවී ඒ දෙස බැලුවාය. මන්දාරම් උවමනාවෙන් ඒ දෙස බැලුවේ චානක ඒ දෙස උවමනාවෙන් සහ යම් විමතියකින් බලා හිඳිනු දුටු පසුවය. මන්දාරම් අසුනෙන් නැගිට්ටේය, චානක උන්නේ තමා දකින්නේ කුමක්දැයි වටහා...