Tag: සුසුවඳ සූත්‍ර
කඳුකර සුවඳ සූත්‍රය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය මූලාශ්‍ර සම්පාදනය කිරීමෙන් පසු, යුගාත්ම ගේ රියෙහි අන්තරා නැගී පැමිණියේ වචන නො දන්නා ගානට ය. එහෙම සමහර මොහොතවල් ජීවිත වලට උදා වේ. කෝටි ගණනක් හැඟීම් හද තුළ පෙළගැසී තිබිණි ද කියා ගන්නට එක වචනයක්වත් තෝරාගත නො හැකි අවස්ථා එළඹේ. තෝරා ගත්ත...
යුගාත්ම දුරකතනය සවනට ගනිමින් අසුනෙන් නැගී සිටියේ ය. ධ්‍රැවීය සීතලකින් සිරුරේ සියලු ම සෛල සීත වෙමින් තිබෙන බව ඔහු ට දැනිණ. අතුණුබහන් වල පෙරළීමක් ද නො දැනුණා නොවේ. ඔහු 'හෙලෝ' කීවේ දෙතොල් වෙව්ලා යත්දී ය.
එහා ඉම තත්පරයෙන් කීයෙන් පංගුවක ද මන්දා නිශ්ශබ්ධතාවයක් රැඳී පැවතිණ..කෙල්ලට වැරදීමක් වී දැයි සිතමින් යුගාත්ම...
අන්තරා කවින්ද්‍යා ව හැඳින ගනිමින් ද ඇගේ දියණියන් දෙදෙනා ට ආදරය කරමින් ද සිටියා ය. ගෑනු ළමයින් දෙන්නා ඇය වෙත ආශක්ත වෙමින් සිටියහ. අන්තරා ගේ මුදු මොළොක් විලාශයන් ද ඔවුන් අමතන්නට ඇය විසින් යොදාගන්නා ලද පැටියො, මැණික, රත්තරං, සුදූ වැනි ආදර යෙදුම් ද ඔවුන් වසඟ කළ වශීකාරක විය හැක....
යුගාත්ම ගේ සපත්තු අඩි ටයිල් පොළොවෙහි ගැටෙනා හඬ අන්තරා ගේ පපුවෙහි වැදෙන්නා සේ දැනිණ. ඇය පැන්ට්‍රිය ළඟ ස්ට්‍රෝබෙරි වොෆල් සෑදුවා ය. දෑත් කලිසම් සාක්කු වල ඔබාගත් යුගාත්ම, හිස බිමට නැඹුරු කරගෙන කල්පනාබර ව සක්මන් කරමින් සිටියේ ය. කවින්ද්‍යා දියණියන් දෙදෙනා ට නැටුම් උගන්වන්නට කිශෝරි රායි සොයා අන්තරා ගේ ගෙදරට...
අන්තරා උණුවතුරෙන් දිය නෑවා ය. ඕඩිකොලෝන් හිස ගල්වා සුවඳවත් වූවා ය. දින ගණනාවකට පස්සේ නැවුම් ප්රබෝධයක් දැනිණ. දිය නෑම ගැන කිශෝරි විරෝධය පෑවත් අන්තරා ඇයට කීකරු වූවා නොවේ.
"අනේ මං පොඩි ළමයෙක් නෙවේනෙ අම්ම. අනික දැන් හොඳයිනෙ ගොඩක් දුරට. ඊටත් උණුවතුරනෙ"
ඇයට නිදහසට කාරණා ඕනෑ තරම් තිබිණ. නමුත් හිතේ තිබුණේ හෙට...
අන්තරා හිස සිට පොරෝනාවකින් පොරවාගෙන යහනේ වැතිර සිටියා ය. දෙතුන් දිනක සිට ම ඈ වෛරසයක් මත සෙම්ප්‍රතිශ්‍යා උණට යටත්ව පීඩා විඳින්නී ය. නැගී සිටින්නට, ගෙදර ගොස් පරීක්ෂණ කාමරයට වැදී සුවඳක් සොයන්නට ඇල්මක් හිතේ ඇති වී ද ඇසිල්ලකින් ඒ සිතිවිල්ල පර ව යයි. නැගී සිටින්නට, හිස කෙළින් තබාගෙන සිටින්නට බැරි...
වේලාසන ම හිරු සැඟවිණ. ඝණ වලා ස්ථරයක් හිරු කිරණ පොළොවට පැමිණීම මුවහ කළේ ය. ඒ මන්දරාමත් එක්ක අමුතු සීතල පවනක් හැමුවේ ය. අන්තරා විදුලි උඳුනෙහි වීදුරුවට මුහුණ ලං කොට කිහිප වරක් ම ඇතුළට දෑස් පා කොට යවා බැලුවා ය. රන්වන් පාටින් මෆින් සෑදෙමින් තිබිණ.
යුගාත්ම ගේ රිය නලා හැඬවූයේ මෆින්...
නුවර ගිය පසු ජිතේන්ද්‍රලා ට ගෙදරට ආරාධනා කොට දවසක් දෙකක් ඔවුන් සමගින් ගත කිරීමේ දොළක් තරුපති තුළ ඇති විය. එහෙම දවස් ඔවුන් ගේ අතීතයේ ද නො තිබුණා නොවේ. දළදා වඳින්නට ආවොත් දවසක් තරුපති නිවසේ ගත කර යන්නට ජිතේන්ද්‍ර අමතක කළේ නැත. නමුත් ඒ දිනවල ඔවුන්ගේ හදවත් වල තුවාලයක් විය....
යුගාත්ම කාශ්මීර අමුණුගම රිය පැද ආවේ නො සිඳුණු මඳහසක් ඇතිවයි. අන්තරා ඉදිරියෙහි තමන් අධි රංගනයක යෙදුණා දැයි ඔහු ට සිතෙයි. කෙසේ වෙතත් එහෙම කරන්නට සිදු වූයේ අහිමි නොවී ඇයව ළඟ තබා ගන්නට ය.
සිය පියා තරුපති ගේ අදහස ඉව වැටුණු පසු අන්තරා පසුපස බලන්නේ හෝ නැතිව ඔහුගෙන් ඉවතට දිව යනු...
අන්තරා ගිය ත්‍රිරෝද රිය ගේ ඉදිරියෙහි නතර වන විටත් යුගාත්ම ගේ මෝටර් රථය ගේට්ටුව ඉදිරියේ නතර වී තිබිණ.
"නවය වෙද්දි ගෙදරට එන්න"
කියා ඔහු වට්සැප් පණිවිඩයක් එවා තිබුණේ ය. මේ මොහොත වනතුරුත් ඒ පණිවිඩය ඇගේ හිත තිගස්සන්නට සමත් විණි. අන්තරා වහ වහා පිවිසුම් දොරටුව හා ගෙදොර විවර කළේත් ඒ තිගැස්මෙන් ම...