Tag: ඇයි ඌට අත් දෙකක්

මට  ඇත්තටම මහා බයක් මගේ ජීවිතය ගැන  දැනුනා . ඒ වගේම  ඒ මොහොත ගැන අවිශ්වාසයක් තමයි  දැනුනේ.ටිකක් ඈතින් මට ට්‍රැක්ටරයක සද්දයක් ඇහුනා.සමහර වෙලාවට ඒ වත්තේ වැඩ ඇරෙන වෙලාව වෙන්න ඇති..මම අඩිය ඉක්මන් කරලා වේගයෙන් ඒ පැත්තට දුවන්න පටන් ගත්තා.ට්‍රැක්ටරේ සද්දේ ළඟ ළඟම ඇහෙනකොට පිටිපස්සෙන් ආපු අඩි සද්දය නැති උනා...
ඩොක්ටර් කිව්වා මට තියෙන්නේ ඩෙලරින් ටර්ම්ස්  කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා මමත් ඒක විශ්වාස කරා..ඒත් මට ආප්පු ගැන ඇති වුණේ මහා විශාල සැකයක්.. ලංකා... උඹ මේක කොයි වෙලාවේ කොයි විදිහේ තත්ත්වයකදී කියවනවද කියන්න මම දන්නේ නැහැ.. සමහරවිට මේ හරිය කියවනකොට මම මැරිලා ඉඳී.. සමහරවිට උඹට හිතෙයි මේ විශාල...
"සර්... සර්... ආඩවනේ.. සූක්කර වාංග..." ටික් ටික් ටික්  ඩොං... ගාලා හරියටම රෑ දොළහමාර ඔරලෝසුවේ වැදුනා විතරයි.මට ඇහුනෙ මගේ කාමරේ දොර ගාව ඉදගෙන අප්පු මහා  හයියෙන් විලාප දෙන සද්දෙයි... "මොකද මොකද බං.." "අනේ සර්.. අනේ සර්.. අපේ ලොකු සර්ට අමාරුයි වගේ පොඩ්ඩක් එන්න" මම  සේනා ගේ කාමරයට යනකොට සේනාගේ ඇස් දෙක ගිලිලා ගිහිල්ලා ඇස්...
අද මම වත්තේ වැඩ බලන්න  යනවයි කියලා ගිහින්  හොර රහසේම ආපහු වත්ත පිටිපස්සෙන් ගෙදරට ආවා.  ඒ වගේ දෙයක් කරන්න මට හිතුනේ ඇයි කියන්න මම දන්නේ නැහැ.ඒ වුනාට මට ඇත්තටම අප්පු ගැන දැනගන්න ඕන උනා.මගක් දුර එනකොට ගෙට පල්ලෙහායින් තියෙන කජු ගහ අස්සෙ අප්පු ඉඳගෙන ඉන්නවා කියලා මම දැක්කා. මම...
ලංකා උඹ දන්නවද... නග්‍රැක් බියුටි  පොඩි කාලේ ඉඳලම මම ආස කරපු මගේ වතුයාය.තාත්තගෙන් පස්සේ මේ වතු යාය  බාරගන්න මම හිටියේ හරිම ආසාවෙන්. තාත්තාගේ අභිරහස් මරණයෙන් පස්සේ මමයි අප්පුයි මේ වත්තේ තනි උනා. අදටත් මගේ ජීවිතයේ මම දැකල තියෙන භයානකම සිද්ධිය වගේම විශ්වාස කරන්න බැරි සිද්ධිය වෙන්නේ අපේ තාත්තාගේ මරණය.. නාන කාමරය ඇතුළේ...
කඩින් කඩ හුස්ම ඇර ඇර බොහොම අමාරුවෙන් කතා කරපු සේනාදීර දිහා මම බලාගෙන හිටියෙ  පුදුමයෙන්. විජය කුමාරතුංග වගේ කඩවසම් දේහධාරී සේනාධිරට මොනවද මේ වෙලා තියෙන්නෙ කියන එක මට හිතාගන්න බැරුව ගියා. තවත් කතා කර කර සේනාධිරව වෙහෙස වන එකේ තේරුමක් නැහැයි කියලා මට හිතුනා. "කෝ සේනා අප්පු.. ඇයි උඹ මේ...
ඒ දැක්ක දෙයින් මගේ කකුල් දෙක වෙව්ලනවා වගේ තේරුණා.මනුස්සයා ඒ විදිහට විනාඩි පහක් විතර එහාට මෙහාට වැනෙන දේ ඉම්බා. මොනවදෝ ළංවේවී කුටු කුටු ගගා කිව්වා.මට බලාගෙන ඉද්දි මහා අප්පිරියාවක් දැනුනා.මේ මොන මල සමයමක්ද මේ අනේ... මට හිතුණා.. ඒ මනුස්සයා ජටාවේ බැඳගෙන තිබිච්ච ටෝර්ච් එකේ එලියෙන් යාන්තමට මට මේවා පෙනුනා...
ඒ හරියටම මට සේනාධිර ලියූම එවලා  සති දෙකකට පස්සේ.සති දෙකකට පස්සේ තමයි මට නිවාඩු ගන්න පුළුවන් උනේ.. හුඟක් වෙලාවට සේනාධිර ලියුම්ම එව්වෙ නග්‍රැක් වල දුරකථන සංඥා අන්තිම සවුත්තු හින්දයි.සමහර වෙලාවට හදිසි ඇමතුමක්වත් ගන්න බැරිවීම ඇත්තටම නග්‍රැක් වල දුෂ්කරකම කියාපෑවා. ඒ වුනාට මම නම් ඇත්තටම ආස ඔබ අමතන දුරකථන අංකය ආවරණ කලාපයෙන් බැහැරව...