Tag: ඈත දුර ආකාසේ

"අක්කා නැත්තං මං මෙච්චර හයිය ගෑනියෙක් වෙන්නේ නෑ කවදාවත්" එරංගා පැවසුවේ නව නිවසේ තිර රෙදි සකසන අතර ය.තුරුලි සිනා මුවකින් ඇය දෙස බලා හුන්නා ය.ගෙවී ගිය වසරකට අධික කාලයක මොනතරම් සටනක නිරත වන්නට සිදු වූවාදැයි ඇය සිතුවේ උපේක්ෂාවෙනි. "බැලන්ස් එකේ ඉඳගෙන කර්ටන් එකක් දාන එක ලොකු හයිය වැඩක් නෙවෙයි නෝන.පරිස්සමින් බහිනව...
එරංගා නිවාඩු දිනයේ අවදි වූයේ උදෑසන ගෙවී යද්දී ය.නොනවතින හිස කරකැවිල්ල තිබුණද ඇය ඇඳෙන් බැස්සේ යහනේ අනිත් කෙළවර ආදිත්‍ය නොදුටු නිසා ය.අසීරුවෙන් නාන කාමරයට ගිය ඈ නොනවත්වා වමනය කළා ය.අනතුරුව මුළුතැන්ගෙයට ගොස් යමක් පිස ගන්නට බැලුවා ය. නැත! කිසිවක් කරන්නට හිතක් නැත.තෙමසක් පිරෙන තුරුම ආදිත්‍ය කුස හොත් දරුවා ගැන කිසිම ආදරයකින්...
තුරුලි උත්සව ශාලාව කොණකට වී එදෙස බලා හුන්නේ දෑස තෙත් වීම වළකා ගන්නට තැත් දරමිනි. නංගි පෝරුවේ සිටි මොහොත පවුලට උදාවූ සුන්දරම මොහොත බව ඈ සිතුවා ය.දෙඅත පටලා පෙර පාසල් ද එතැනින් පාසල් ද ගිය දවස් ඈ සිහි කළා ය.අම්මා ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරන්නැයි කී පැල්ලම අක්කාගේ ගවුමේ තැවරී තිබියදී...
එරංගා අසීරු දවස් ගෙවන්නට පටන් ගත්තා ය. බිරිඳ ගැබිණියක වූ ආරංචිය ලැබී සන්තෝසයෙන් ඉපිලෙන සැමියෙකු ඇයට ලැබුණේ නැත. "ජීවිතේ පටන් ගන්නම වෙන්නෙ ළමයෙක් කර ගහගෙන..මොන මඟුලක්ද ඕයි!" ආදිත්‍ය අසද්දී ඈ කැළඹුණා ය.පවුලේ අයට විරුද්ධ වී කරගත් විවාහයක් නිසා පවුලේ කිසිවෙක් ඈ දකින්නට මනාපයක් නැත.නොකඩවා වමනය යන දිනවල අම්මා උයන යමක් කන්නට...
සඳලිගේ විවාහ මංගලෝත්සවයට සතියකටත් අඩු කාලයක් ඉතිරිව තිබූ දවසක තුරුලි උදෑසනම රැකියා ස්ථානයට ආවේ බොහෝ වැඩකටයුතු ගැන සිහි කරමිනි.එරංගා මේසයට හිස ගසාගෙන හිඳින අන්දම දුටු ඈ මඳක් නැවතී එදෙස බැලුවා ය.දැන් ඈ විවාපත් වී මසකට වඩා ගෙවී ගොස් ය.සෑම විටෙකම බොහෝ වෙහෙසකින් හිඳින බව පෙනෙන එරංගා සමඟ කතා බහට...
"අර කෙල්ලගෙන් දෑවැද්ද කොච්චර හම්බෙනවද?" ආදිත්‍ය නිදිබරව දෑස් හැරියේ අම්මාගේ හඬට ය.අම්මා උදෑසනම ඔවුන්ගේ නිවසට නෑගම් ආවා ය. "ඇහුවෙ නෑ අම්මා.අනික එහෙම දෙයියැ.ඒ මිනිස්සු අපේ කසාදෙට විරුද්ධයිනෙ.." ආදිත්‍ය ඈනුමක් හරිමින් නැගිට්ටා ය.අම්මා හිටියේ හොඳටෝම කාර්යබහුලව ය.ඇය කොස්සක් රැගෙන නිවස අතුගාන්නට ගත්තේ කෝපය මුසු මුහුණකිනි. "මේ ගෙට ගෙවදිලා දවස් දෙකයිනෙ ළමයො.බලනව තාම අස් කරල...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී කාලයකි.මනමාලිය නංගී වුව ද අක්කා සෑම විටම අලුත් යෝජනා සහ අදහස් අතර අතරමං වී සිටියා ය.ඇයට උදෑසන සිහි වන යෝජනා සවස් යාමයේ අමතකව යාම ගැන චෝදනා කරමින් ද සමහර අදහස් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් ද සඳලි කාර්යබහුලව සිටියා ය. "අක්කා නෙවෙයි ඔයා මගෙ අම්මා වගේ.." සඳලිට අමතකව යන සමහර...
තුරුලි නැගණිය දෙස බලා සිටියේ තිගැස්මෙනි.සියල්ල යහපත් ව සිදු වන කාලයක ඈ ප්‍රවේසමෙන් පවසන්නට යත්න දරන්නේ කුමක්දැයි තුරුලි සිතුවේ බියෙනි. "අපේ ෆයිනල්ස් ඉවරනෙ අක්කා.හයිස්ටඩීස්වලට අපිට වෙන රටකට ඇප්ලයි කරන්න පුලුවං.මගෙයි රනුකගෙයි අදහසක් තියනව මැරි කරන්න.." තුරුලි ඉතා ප්‍රීතිමත් දෑසකින් නැගණිය දෙස බලා සිටියා ය.එහි කිසිම වැරදි අවබෝධයක් ගන්නට දෙයක් නැත.උතුරා යන...
"මං ස්ටඩීස් පටන් ගත්තේ කොච්චර කාලෙකින්ද..ඒත් මෙහෙම රිසල්ට්ස් එකක් මං හිතුවෙවත් නෑ.." කාලය ගලා යද්දී තම උපාධියේ පළමු අධ්‍යන වර්ෂය නිමා කළ තුරුලි මියුරුට පැවසුවේ සතුටිනි.ඔහු දුරකථන තිරයට එබී හුන්නේ සිනා පුරවාගෙන ය. "මගෙ බැච් මේට්ස්ලා ඔක්කොම වගේ ඒ ලෙවල්ස් ඉවර කරපු ගමන් ළමයි නිසා මං කීයටවත්ම හිතුවෙ නෑ මට එතන...
තුරුලි එදෙස බලා හුන්නේ වේදනාවෙනි.දුකකිනි. ඇගේ දෑසේ බැල්ම නිවුන් සොයුරිය කියවා ගත්තා ය. "අක්ක..ඔයාට දුකයිද?" ඇය ඇසුවේ එනිසා ය.තුරුලි හිස සැලුවා ය. "මට දුකයි නංගි..මේ මනුස්සයට මෙච්චර ඉක්මනින් තව කෙල්ලක් අහු උනාට දුකයි.මේ මනුස්සයා තමන්ගේ පරණ ගති අතෑරලා නැතුවට දුකයි.අපි මේ මනුස්සයට දීපු සමාව මේ මනුස්සයා පාවිච්චි කරන විදිය ගැන දුකයි.." තුරුලි කියවාගෙන...