Tag: එයා මැරිලා හුගක් කල්
ජනාධිපති රාජ්‍ය ආරක්ෂක උපදේශක..කියල රත්තරන් පාට අකුරෙන් ගහපු අලුත්ම බෙන්ස් රථය මැදි කරගෙන කළු පාට ඩිෆෙන්ඩර් රථ දෙක පොලිස් රථ වාහන මෝටර් බයිසිකල් දෙක මැදි කරගත් පෙරහැරෙන් ජනාධිපති මන්දිරය වෙත ආවා. සුවඳ ඉතිරෙන පිනි වැක්කෙරෙන මේ දැන් පඳුරෙන් කැපුවා වගේ අලුත් රතුම රතු රෝස මල් මිටිය තුරුළු කර ගත්ත...
ඊළඟට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව මාව ගල් ගැහිලා වගේ තිබුණා.මොනතරම් අමානුෂීය සිද්ධියක් මෙතන සිද්ධ වුණත් මොන විදිහේ කාන්තා අතවරයක් මෙතන සිද්ධ වුණත් නීතියේ නිලධාරියෙක් හැටියට රාජරත්නම්ටත් රජයේ පිළිගත්තු නිලධාරියෙක් හැටියට මටත් අද ගොලු බීරි ආබාධිතයෝ වගේ සිද්ධිය දිහා බලාගෙන ඉන්න සිද්ධ වුණා.
ගෑණු කෙනා එක දිගටම තද...
අවුරුද්දක වටිනාකම දැන ගැනීමට විභාගය අසමත් වු සිසුවෙකුගෙන් අසන්න..මාසයක වටිනාකම දැන ගැනීමට නොමේරූ දරුවෙකු ලද දෙමාපියන්ගෙන් අසන්න..සතියක වටිනාකම දැන ගැනීමට සති අන්ත පුවත් පතක කතුවරයකුගෙන් අසන්න..දවසක වටිනාකම දැන ගැනීමට දවස් පඩියට වැඩ කරන සේවකයෙකුගෙන් අසන්න ...පැයක වටිනාකම දැන ගැනීමට හමුවීමට පෙරුම් පුරන ආදරවන්තයින්ගෙන් අසන්න...
අපි දෙන්නටම ඇහුනේ පිටිපස්සේ වැවේ රැල්ල ඇවිල්ලා තහ් තහ් තහ් ගාලා කොන්ක්‍රීට් බැම්මෙ වැදෙන සද්දෙ විතරයි.අඩුම තරමේ අපි දෙන්නට අපි දෙන්නා හුස්ම ගන්නවද කියන එකවත් අපිට ඇහුනෙ නෑ..මං හිතන්නේ සමහරවිට අපි දෙන්නට හුස්ම ගන්න එක අමතක වෙලා තියෙන්න ඇති.හීනෙකින්වත් හිතාගන්න බැරි විදිහේ දෙයක් ප්‍රහාන් එවපු ලිපියේ තිබුණා.ඒක ඉන්ග්‍රීසියෙන් ලියපු...
තලංමැහැරලා හැන්දෑවේ පහට විතර පිට වෙනවා කියලා කියපු හින්දා අපි දෙන්නා ඊට කලින් පොළොන්නරුවේ වැව සිසිල හෝටලයට යන්න පිටත් වුනා.මොන විදිහකින් හරි තලංමැහැර ප්‍රහන්ව ජනාධිපති මන්දිරය ඇතුලට ගෙනිහින් තිබුණා.ඒ කොහොමද ගෙනිච්චාද කියන එක ඉතින් දැනගන්න වෙන්නේ මට ප්‍රහන්ව ආපස්සට හම්බවුණාම තමයි. නිරුපද්‍රිතව ප්‍රහාන් ජනාධිපති මන්දිරය ඇතුලට ගියා කියලා අපි...
එදා රෑ අපි ගෙදර එනකොට පහුවෙනිදට එළිවෙන්නත් ඇවිල්ලා තිබුණා.මට උදේම වෝඩ් එකට යන්න වෙලා තිබුණේ අලුතෙන් ඇතුල් කරගත්ත ලෙඩ්ඩු කීපදෙනෙක්ම බලන්න යන්න තිබුන හින්දා.අපි මේ වෙනකනුත් ප්‍රහන්ගේ වාර්තා හැටියට ඉදිරිපත් කළේ සුව වෙමින් පවතින රෝගියෙක් හැටියටයි .
රාජරත්නම් මගෙන් ඉල්ලලා හිටියා ප්‍රහන්ගේ ඇත්ත තත්ත්වය එළියට එළි කරන්න එපා කියලා.මොකද එහෙම...
දරාගන්න බැරි වේදනාවල් වලින් පස්සේ හුඟක් වෙලාවට ඉතුරු වෙන්නේ ශරීරය පණ තිබුනට හිත ඇතුලෙන් මැරුණ මිනිස්සු.
ඕශො එහෙම කියලා තියෙනවා මට මතක් උනා. ආරි අක්කා ත් එහෙම වෙන්න ඇති කියලා මට හිතුනා.
ඒ අර්ධනාරියට ආදරය මොකක්ද කියන එකවත් තේරෙනවද දන්නෙ නෑ...ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු...ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු....ශරීරය...
හඳ එළිය වැටිලා තිබිච්ච පාර පැහැදිලිව පෙනුනා.දෙපැත්තේ කැලෑවෙන් රැහැයියො කෑ ගහන සද්දෙත් වවුල්ලු කෑගහන සද්දෙත් ඇහුනා.අපි අද මේ ආපු ගමන ගැන අපි ටික දුරක් යනකන් කල්පනා කළා.
" ඇත්තටම අපි කතා කළේ මනුස්සයෙක් එක්කද..ඉර එළිය වැටුනහමත් මේ දොර ඇරගෙන එන්නේ ඒ මනුස්සයාමද..තමන්ගේ අත් දෙක මොලය පාවිච්චි කරලා කරන්නේ මොනවද..මේ කරන්නේ...
ආරි අක්කා පිස්සු හැදිලා වගේ හිනාවෙන විදිහ අපි දෙන්නම බලාගෙන හිටියේ හිත යටින් ඇත්තටම බය වෙලා.ඒ අව් අස්සේ මම ඉක්මනටම වෙලාව බැලුවේ මට බය හිතුනා රෑ එකොළහ මාරට ළංවෙලා නං අර දෙන්නා අතන ඉඳගෙන පොලිසියට කතා කරයි කියල.
"ගෑණු කාමර ඇතුලට අරගෙන මොන නෙයියාඩ ගමක් නටනවද කියලා කවුද දන්නේ මහත්තයො...
"මහත්තයො... මං ආරියවතී නෙමෙයි... ඔය එක එක සෙප්පඩ විජ්ජාකාරයෝ ගැන හොයන වෙලේ මගේ ජීවිත කතාව ලියන්න පුළුවන් ඔහෙලට..මං සෞම්‍ය මූර්ති..මගේ ගම වැල්වටිතුරේ..යාපනේ..ප්රභාකරන් ස්වාමිගේ ගමේ... අපේ අම්මා කෝවිලේ නාගකන්‍යාවක්.. දෙයියන්ට කැප වෙච්ච නාගකන්‍යාවක්..මාව හම්බ උනෙත් දෙයියන්ගෙන් කියලා තමයි ඒ දවස්වල කිව්වේ..මොන බොරුද මහත්තයො ..
කෝවිලේ පූසාරියා මගේ තාත්තා බව මුළු...