Tag: එයා මැරිලා හුගක් කල්

තලංමැහැරලා හැන්දෑවේ පහට විතර පිට වෙනවා කියලා කියපු හින්දා අපි දෙන්නා ඊට කලින් පොළොන්නරුවේ වැව සිසිල හෝටලයට යන්න පිටත් වුනා.මොන විදිහකින් හරි තලංමැහැර ප්‍රහන්ව ජනාධිපති මන්දිරය ඇතුලට ගෙනිහින් තිබුණා.ඒ කොහොමද ගෙනිච්චාද කියන එක ඉතින් දැනගන්න වෙන්නේ මට ප්‍රහන්ව ආපස්සට හම්බවුණාම තමයි. නිරුපද්‍රිතව ප්‍රහාන්  ජනාධිපති  මන්දිරය ඇතුලට ගියා කියලා අපි...
එදා රෑ අපි ගෙදර එනකොට පහුවෙනිදට එළිවෙන්නත් ඇවිල්ලා තිබුණා.මට උදේම වෝඩ් එකට යන්න වෙලා තිබුණේ අලුතෙන් ඇතුල් කරගත්ත ලෙඩ්ඩු කීපදෙනෙක්ම බලන්න යන්න තිබුන හින්දා.අපි මේ වෙනකනුත් ප්‍රහන්ගේ වාර්තා හැටියට ඉදිරිපත් කළේ සුව වෙමින් පවතින රෝගියෙක් හැටියටයි . රාජරත්නම් මගෙන් ඉල්ලලා හිටියා ප්‍රහන්ගේ ඇත්ත තත්ත්වය එළියට එළි කරන්න එපා කියලා.මොකද එහෙම...
දරාගන්න බැරි වේදනාවල් වලින් පස්සේ හුඟක් වෙලාවට ඉතුරු වෙන්නේ ශරීරය පණ තිබුනට හිත ඇතුලෙන් මැරුණ මිනිස්සු. ඕශො එහෙම කියලා තියෙනවා මට මතක් උනා. ආරි අක්කා ත් එහෙම වෙන්න ඇති කියලා මට හිතුනා. ඒ අර්ධනාරියට ආදරය  මොකක්ද කියන එකවත් තේරෙනවද දන්නෙ නෑ...ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු...ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු....ශරීරය...
හඳ එළිය වැටිලා තිබිච්ච පාර පැහැදිලිව පෙනුනා.දෙපැත්තේ කැලෑවෙන් රැහැයියො කෑ ගහන සද්දෙත් වවුල්ලු කෑගහන සද්දෙත් ඇහුනා.අපි අද මේ ආපු ගමන ගැන අපි ටික දුරක් යනකන් කල්පනා කළා. " ඇත්තටම අපි කතා කළේ මනුස්සයෙක් එක්කද..ඉර එළිය වැටුනහමත් මේ දොර ඇරගෙන එන්නේ ඒ මනුස්සයාමද..තමන්ගේ අත් දෙක මොලය පාවිච්චි කරලා කරන්නේ මොනවද..මේ කරන්නේ...
ආරි අක්කා  පිස්සු හැදිලා වගේ හිනාවෙන විදිහ අපි දෙන්නම බලාගෙන හිටියේ හිත යටින් ඇත්තටම බය වෙලා.ඒ අව් අස්සේ මම ඉක්මනටම වෙලාව බැලුවේ මට බය හිතුනා රෑ එකොළහ මාරට ළංවෙලා නං අර දෙන්නා අතන ඉඳගෙන පොලිසියට කතා කරයි කියල. "ගෑණු කාමර ඇතුලට අරගෙන මොන නෙයියාඩ ගමක් නටනවද කියලා කවුද දන්නේ මහත්තයො...
"මහත්තයො... මං ආරියවතී නෙමෙයි... ඔය එක එක සෙප්පඩ විජ්ජාකාරයෝ ගැන හොයන වෙලේ මගේ ජීවිත කතාව ලියන්න පුළුවන් ඔහෙලට..මං සෞම්‍ය මූර්ති..මගේ ගම වැල්වටිතුරේ..යාපනේ..ප්‍රභාකරන් ස්වාමිගේ ගමේ... අපේ අම්මා කෝවිලේ නාගකන්‍යාවක්.. දෙයියන්ට කැප වෙච්ච නාගකන්‍යාවක්..මාව හම්බ උනෙත් දෙයියන්ගෙන් කියලා තමයි ඒ දවස්වල කිව්වේ..මොන බොරුද මහත්තයො .. කෝවිලේ පූසාරියා මගේ තාත්තා බව මුළු...
ඇත්තටම ආරි අක්කා  කියන්නේ කවුද කියන රූපය රාජරත්නම් දැක්කට පස්සේ රාජරත්නම් ගෙ මූණ වෙනස් වුණා කියන්න හඳ එළියෙන් මම දැක්කා. ඒ වුණාට ඒක බිංදුවක්වත් එළියට නොපෙන්වා ඉන්න තරම් රාජරත්නම් දක්ෂ වෙලා හිටියේ එයාගේ වෘතීය නිපුණත්වය හින්දා කියලා මට හිතුනා. "ඉදගන්න..." වෙරළු ගෙඩියක් උගුරෙ හිරවෙච්ච කටහඬකින් ආරි අපට කිව්වා ම "ආරි අක්කට පොඩි...
වෙත්තමුනි අපිට කියපු ගෙවල් හරියට එනකොට රෑ හත විතර වෙලා තිබුණා.වටෙන්ම කට්ට කළුවර වෙලා තිබුණේ ළඟ පාතක ගෙයක් දොරක් නැති හින්දා කියන එක මට තේරුණා. "මහා ඝන කැලයක් නේ..අලි කොටි ඉන්නවද දන්නෙත් නෑ..මොන වනාන්තරයකද මේ ගෑනි රිංගගෙන ඉන්නේ.." ප්‍රහාන් ඇහුවේ  අපි හැමෝටම ඒ වෙනකොට හිතේ ඇතිවෙලා තිබිච්ච ප්‍රශ්නය.. "අපි මේ හරියෙන් වාහනේ...
පහුවෙනිදම අපිට ගමනට ලෑස්ති වෙන්න බැරුව ගියේතලංමැහැරට නිවාඩුවක් ගන්න බැරි වෙච්ච නිසයි.අපිට යන්න පුළුවන් දවසක් හදාගන්න සති දෙකක් විතර බලාගෙන ඉන්න සිද්ධ වුණා.එදා හවස තුනට විතර අපි හැමෝම ගමනට ලෑස්ති වෙලා හිටියා. තලංමැහැර බොහොම අමාරුවෙන් තව කෙනෙක්ව රීප්ලේස් කරලා අපිත් එක්ක යන්න ආවේ දැන් කඩෙන් ගෙනාවා වගේ එයාගේ තියෙන...
රාජරත්නම් මගේ අත් දෙක අල්ලගෙන මගේ මූණ දිහා බලාගෙන හිටියා. "ඩොක්ටර් ... ඇත්තටම මම මේවට කොහොමද ස්තුති කරන්න ඕනේ කියලා මම දන්නෙ නෑ.මම මේ වැඩේ පටන් ගත්තේ ප්‍රහන් මගේ යාළුවා හින්දා.අන්තිමේදී ඔයාලා දෙන්නා මගේ සහෝදරයෝ වගේ වෙලා.මේ ප්‍රශ්නය සාමාන්‍ය එකක් නෙමෙයි කියලා පෙනි පෙනී ඔයාලගේ ජීවිත අවදානම හිතන්නෙත් නැතුව මාව...