Tag: ඔබට ඇහෙනව නම්

රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල කෙතරම් කලබලකාරී විෂාධ ලක්ෂණ තිබිය හැකි වුණත්, වාහන තදබදය ඉතා සාමකාමී ස්වභාවයක් දැරුවේ ය. උණුසුම් ලේ ගමනාගමනයක් සහිත පොපියන හදවතකින් හෙබි මගේ බාහිරයත් අතිශය සන්සුන්...
මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී ඉන්නට තරම් මා මාර්ග එල අත්පත් කර ගත්තියක නොවේ. නමුත් හැකි තාක් ඒ ගැන නො හිතා මම වැඩ කළෙමි.  "අනගාරික ධර්මපාල තුමාත් කියල තියෙනවනෙ...මේ රටේ වැඩ...
කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි කරමිනි. නමුත් තවත් විනාඩි දෙක තුනකින් කාර්යාලය ළඟින් බහින තුරු ද හෙතෙම එකදු වචනයක් හෝ නො බිනුවේ ය. "මොකෝ" මා දුටු වහා ම...
නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා ගේ උකුසු ඇස් හින්දා ය. මල් උයනක් රකිනා උයන් පල්ලෙකු සේ තාත්තා නිරන්තර මා වටා කැරකුණේ, සිය උයනෙහි සුපිපි හොඳ ම මල නන්නාත්තාරේ යන කොලුවෙකු...
කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී ගගනත සරන තුරුණු විහඟෙකු ගේ චිත්තාකර්ෂණීය නිදහසයි. මම මහත් තෘෂ්ණාවකින් ඔහු දෙස බලා සිටියෙමි. කොන්දේසි විරහිත ව ගැහැනු ආත්මයක් මුළුමනින් වසඟයට ගන්නේ පිරිමියෙකු ගේ ඔය...
ව්‍යාංජන දෙකක් හදා තබා මම මිදුලට පැමිණියෙමි. මෝරා නො වැඩුණ රාත්‍රී අහසෙහි තරු දිළිහුණේ තැන් තැන් වලිනි. ඔය අහස තරු වියනක් වන හැටි මම මෙතැනට වී ඕනෑ තරම් බලා සිට ඇත්තෙමි. ලෝකෙට ම රහසින් සඳ අහස හරහා සක්මන් කරන අයුරු, හෝරා ගණනක් තිස්සේ මම බලා සිට ඇත්තෙමි. විශ්වය කියන්නේ...
කුලාන් මා ළඟින් මෙහෙම හිඳියදී නො කෑවත් කුස ගිනි ඇති නො වෙන බව මම දැන සිටියෙමි. නමුත් ඒ බව මගෙන් ම ද සඟවා ගන්නට මට ඕනෑ වී තිබෙන්නට ඇත. කුලාන් ළඟ තනිව හිඳ බත් පත අත පත ගාමින් ද ඔහු ගේ සුවඳින් සුවඳවත් ව ද සිටියදී හදිසියේ ම ඒ...
කෙනෙකු ගේ පෞද්ගලික ජීවිතයෙහි යම් කිසි තත්වයක් වෙනත් කෙනෙකු කෙරේ බලපෑමක් ඇති කරන්නේ ඔහු හෝ ඇය එකී තැනැත්තා ට හෘදයාංගම සමීප බවක් ඇත්නම් පමණකි. එය ආත්මීය ගනු දෙනුවක ප්‍රතිඵලයකි. එසේ නො වත්දී අපි අනෙකා කෙරේ සංවේදී වන මුත් එය සිදු වන්නට බැරි දෙයක් නො වන බව දැන සන්සුන් වන්නෙමු....
ආයතනය යළි නගා සිටුවීමට කුලාන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග නිසා ඔහු කෙරේ මගේ පැහැදීම වැඩි විය. ඒ, ආයතනයට මගේ වන අවංක ආදරය නිසා විය හැක. ඇතැම් දින වල හෝරා ගණන් අපේ සාකච්ඡා දිගු විය. මම මගේ උපරිම සහයෝගය ඔහු ට ලබා දුන්නෙමි. "නිම්නා ඒ ගමන කුලාන් සර්ගෙත් ඔළුවට අනං...
දැන් මගේ ජීවිතේ වඩාත් දුෂ්කර හෝරාව එළඹෙන්නේ රෑ අඳුරත් එක්ක ය. සත්තකට අප තිදෙනා වූ කලී කෙතරම් අසරණ මිනිස් ප්‍රාණීන් තිදෙනෙකු දැයි වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ වන කටුක යාමය එයයි. අඳුරු අහසේ නිමක් නැති ඈතක දිළෙමින් නිවෙන තාරකා ත්‍රිත්වයක් සේ අපි අපේ ලෝක වල හුදෙකලා වී හිඳිමු. නමුත් අප උනුන්...