Tag: නිම් නැති නිම්නය

"මිස්ට කාශ්‍යප ට විසිටර් කෙනෙක්" යනුවෙන් දුරකතන රිසීවරය ඔස්සේ ඇසුණ පිළිගැනීමේ නිලධාරිනිය ගේ හඬ කාශ්‍යප තුළ දෙදරීමක් ඇති කරවන ලදී. රිසීවරය දුරකතනය මත තබා අතින් නිකට පිරිමදිමින් ඔහු මොහොතක් කල්පනා කළේ ය. ඒ කම්පන තරංගය ඈතකට පා වී තුනී ව යන්නට කාලය ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. කාශ්‍යප අසුනෙන් නැගිට ගත්තේ...
"ඕකා මගෙ පුතෙක් නෙවෙයි. මීට පස්සෙ ඌ අපිට මැරිල. ඔන්න මං නොකිව්වයි කියන්න එපා මැණිකේ...මීට පස්සෙ ඌ අපේ කවුරුවත් නෙවෙයි. මේ ගෙදර එකෙක්වත් ඌගෙ නමවත් කියල තිබුණොත්... එහෙම වුණොත්...එහෙම වුණොත් දෙයියම්ප මං උන්දවත් අපිට තියන නෑකමෙං අයින් කරල දොට්ට දානව මේ ගෙදරින්" ආරාධනා අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සී ගියා ය....