Tag: පමා වී පිපුනු මල්

මෙනුක උන්නේ ඔස්ට්‍රේලියානු පොලිසිය භාරයේය. හදිසිය කෝපය නිසාවෙන්, ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ රමිත් වාසලතන්ත්‍රී ව ගෙල සිරකර මරා දැමීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු රජය විසින් මෙනුකව අත් අඩංගුවට ගන්නා ලදී. ඔස්ට්‍රේලියානු පොලිසිය රමිත්ගේ ඝාතනය සම්බන්දව අදාල පරීක්ශණ කටයුතු සිදුකරමින් ඉද්දී කිමල් ඇතුලු හිතවත් පිරිස උන්නේ සර්ට් ආයතනය හා එක්ව මෙනුක විසින් මුහුණු පොත...
“සර්ලගෙ අම්මා මං ගැන මොනව හිතනවද දන්නෙ නෑ නේද?” පහලින් ඇසෙන නොදන්නා කාන්තා කටහඬ තමන්ගේ අම්මා වන පේශලා වීරවර්දනගේ බව කිමල් කිව් පසු අරුණලී ඇත්තටම බොහෝ ලැජ්ජා වුණාය. මොන දේ උනත් මෙවන් ලැජ්ජාවකට පත් වූ කෙල්ලක ගැන සමාජයේ කිසිවෙකු හොඳක් නොහිතන බව අරුණලී නොදන්නවා නොවේ.  “පිස්සුද ළමයො. අපෙ අම්මා කිසිදවසක කිසිම...
"මේ විදියට හමුවෙන්න වෙච්ච එක ගැන ඇත්තටම අපිට කණගාටුයි" ආරියරත්න මහතා කතා කලේ පේශලාව සිනාමුසුව නිවසට පිළිගන්නා අතරය. "අනේ ඒකට මක් වෙනවද මිස්ට ආරියරත්න, කරදර වෙලාවකට නේන්නම් හිතවත්කම් වලින් පල ප්‍රයෝජන ගන්න ඕන" "ඇත්තටමමේ වෙලාවෙ කිමල් පුතාවත් හිටියෙ නැත්තන් ඇත්තටම අපි දන්නෙ නෑ මිසිස් වීරවර්ධන මොක්ද්ද කරන්න ඕන කියල? අපි හාංකවිසියක්වත්...
"මේ අපේ අම්මා ආන්ටි, අම්මා ඉස්සර වැඩ කලේ කාන්තා හා ළමා කාර්‍යංශෙ" ආරියරත්න මහතා නුවර සිට ගෙදරට එනතුරුම ආරියරත්න නිවසේ රැඳී හුන් කිමල් ආපසු තම නිවස බලා ගියේ අම්මාද සමග ආපසු එන බවට සුබා සහ ආරියරත්නට පොරොන්දු වෙමිනි.අරුණලී ගැන කුමනාකාරයේ සිතුවිලි හද තුල.තිබුණද මේ මොහොතේ තමාක්‍රියාකල යුත්තේත් උදව් කල යුත්තේත්...
අරුණලී උන්නේ නාන කාමරයේ ශවරය හැර දමා එය යට වාඩිගෙන ඔහේ තමාව තෙමාලන්නට නිදහසේ වැටෙන වතුර වැස්සට ඉඩ දෙමිනි. තමා හිඳින්නේ නිවසේ බවවත් තමා දැන් බොහෝ වෙලාවක් තිස්සේ මේ ශවරයෙන් වැටෙන වතුර වැස්සට තෙමෙන බවවත් අරුණලීට මතකයක් තිබුණේ නැත. ඇයට මතක එකම එක දෙයකි. ඒ මෙනුක විසින් තමා ගැන...
"අවුරුදු ගාණක් ආදරේ කරත් කෙල්ලො අන්තිමේ කරන්නෙ රවට්ටන එක. ඔන්න රට ඉන්න කොල්ලො හොඳට මතක තියාගන්න උඹ රට ඉද්දි කෙල්ල ඉන්නෙ ලංකාවෙනම් මචං කෝකටත් ඇහැදාගෙන ඉඳපන්. උඹල රට ගිහින් දුක් විඳින ඒව උන්ට අදාල නෑ. උන්ට ඕන උඹල එවන තෑගියි සල්ලියි අරං විනෝදෙන් ඉන්න විතරයි" "අපෝ අපිට අපේ මිනිස්සු වඳින්න...
"ඒ තීරණේ ගන්න ඕන ඔයා අක්කෙ, මට ඒ ගැන මුකුත් කියන්න බෑනෙ. කිමල් අයිය හොඳ මනුස්සයෙක් විදියට මට පේනව. ඒඋනාට ඔයා තමයි මට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් එයා ගැන දන්නෙ. ඉතින් ඔයා තමයි ආයෙ එයාට කතා කරනවද නැද්ද කියල ඩිසයිඩ් කරන්න ඕන. මං අක්කට දෙයක් කියන්නද?"  "හ්ම්ම්" "කිමල් අයිය හොඳ මනුස්සයෙක් වෙන්නැති...
"මේ මගේ නෙට්ෆ්ලික්ස් ලොගින්ස්. ඔයා ඒව යූස් කරල ලොග් වෙන්න. තව අකවුන්ට් දෙකක්ම තියෙනව ෆ්‍රී. කැමතිනම් නංගිටත් එක්ක දෙන්න" කිමල් වීරවර්ධනව තමාව නිවසින් ඇරලවා ගිය පසු රාත්‍රියේ එවා තිබූ ඒ කෙටිපණිවිඩය අරුණලී දුටුවේ සෙනසුරාදා උදෑසන මදක් ප්‍රමාද වී අවදි වීමෙන් අනතුරුවය. ඒ කෙටි පණිවිඩය ඔස්සේ කිමල් වීරවර්ධන තමා වෙත ගෙනවිත්...
" ඔයාට පරක්කුද? ගෙදර යන්න ඕනද?" කියා අරුණලීට යවන්නට කෙටි පණිවිඩය ටයිප් කර මොහොතක් ඒ දෙසම බලා උන්නේ එය යවනවාද නැද්ද කියන කුතුහලය සමගිනි. මේ ප්‍රශ්නය අරුණලීගෙන් ඇසිය යුතුම වුවත් එය ඇය ලඟට ගොස් අසන්නට නොහැක්කේ ඇය හිඳින්නේ මිතුරන් අතර නිසාවෙනි.  ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියා කිමල් ඒ කෙටි...
"මම ඇත්තටම ආදරෙ කරන අය මේ ලෝකෙ ඉන්නෙ හරි පොඩ්ඩයි. ඒ අතරෙනුත් මම හිතන අය ඉන්නෙ තවත් අඩුවෙන්. මම ලෝකෙ දකින වාර ගණන වැඩිවෙද්දි මම හැමදෙයක් ගැනම තියෙන ආසාවත් අඩුවෙලා යනවා. ගෙවෙන හැම දවසක්ම ගානෙම මිනිස්සුන්ගෙ තියෙන නොගැලපීම් ගැන මගේ විශ්වාසය තව තවත් තහවුරු වෙන එක තමයි වෙන්නෙ" සිකුරාදා මූවි...