Tag: පමා වී පිපුනු මල්

"මේ මගේ නෙට්ෆ්ලික්ස් ලොගින්ස්. ඔයා ඒව යූස් කරල ලොග් වෙන්න. තව අකවුන්ට් දෙකක්ම තියෙනව ෆ්‍රී. කැමතිනම් නංගිටත් එක්ක දෙන්න" කිමල් වීරවර්ධනව තමාව නිවසින් ඇරලවා ගිය පසු රාත්‍රියේ එවා තිබූ ඒ කෙටිපණිවිඩය අරුණලී දුටුවේ සෙනසුරාදා උදෑසන මදක් ප්‍රමාද වී අවදි වීමෙන් අනතුරුවය. ඒ කෙටි පණිවිඩය ඔස්සේ කිමල් වීරවර්ධන තමා වෙත ගෙනවිත්...
" ඔයාට පරක්කුද? ගෙදර යන්න ඕනද?" කියා අරුණලීට යවන්නට කෙටි පණිවිඩය ටයිප් කර මොහොතක් ඒ දෙසම බලා උන්නේ එය යවනවාද නැද්ද කියන කුතුහලය සමගිනි. මේ ප්‍රශ්නය අරුණලීගෙන් ඇසිය යුතුම වුවත් එය ඇය ලඟට ගොස් අසන්නට නොහැක්කේ ඇය හිඳින්නේ මිතුරන් අතර නිසාවෙනි.  ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියා කිමල් ඒ කෙටි...
"මම ඇත්තටම ආදරෙ කරන අය මේ ලෝකෙ ඉන්නෙ හරි පොඩ්ඩයි. ඒ අතරෙනුත් මම හිතන අය ඉන්නෙ තවත් අඩුවෙන්. මම ලෝකෙ දකින වාර ගණන වැඩිවෙද්දි මම හැමදෙයක් ගැනම තියෙන ආසාවත් අඩුවෙලා යනවා. ගෙවෙන හැම දවසක්ම ගානෙම මිනිස්සුන්ගෙ තියෙන නොගැලපීම් ගැන මගේ විශ්වාසය තව තවත් තහවුරු වෙන එක තමයි වෙන්නෙ" සිකුරාදා මූවි...
"ඒ කියන්නෙ උඹ ඉන්නවද අද මූවි නයිට් එකට?" කේශිනී ඇසුවේ සිනාව දෙතොලින්ද මුහුණෙන්ද විසිර යන්නට ඉඩ දීය.  "ඔව්" "තාත්තා එන්නම් කිව්වද රෑට එක්කන් යන්න" "නෑ තාත්තා එන්නෙ නෑ." "එතකොට කොහොමද යන්නෙ?"  එයට ඉතින් උත්තර දෙන්න සුදුසුකම ඇත්තේ අරුණලීට නොවේ කිමල්ටය. තාත්තා ආ යුතු නැති බවත් අරුණලීට හෙට මූවි නයිට් එකට එන්නට ඉඩ දෙන්න යැයි...
"මේ ෆ්‍රයිඩේ මූවි නයිට් එක ඇරේන්ජ් කරන්න කියල වීරෙ මැසේජ් එක දාලා" කේශිනී කිව්වේ බ්‍රහස්පතින්දා දිවා ආහරය වෙලාවේය. අම්මා දුන් බත් පතේ වූ ඉස්සන්ද කහබත්ද පරිප්පු සහ වම්බටු බැදුමද අනාගෙන මුව රුවාගෙන රස විඳිමින් උන් අරුණලීගේ දෙනෙත් රැඳී තිබුනේ දුරකතනයට බාගත කරගෙන තිබූ කතුවරයා දුරකතන යෙදවුම ඔස්සේ කතන්දරයක් කියවමිනි. කන...
එතැන් පටන් දවස් ගෙවුණේ මද අස්වැසිල්ලකිනි. නොඑසේනම් එය එසේයැයි අරුණලී ඇතුලු ආරියරත්න පවුල සිතා උන්නහ. අරුණලී සුපුරුදු පරිදි තාත්ත සමග උදෑසන රාජකාරියට ගියාය. කිමල්.පොරොන්දු වූ පරිදි බොහෝ රෑ වනතුරු අරුණලීව කාර්‍යාලයේ රඳවා නොගත්තේය. හැකිතාක වේලාසනින් අරුණලීව කාර්‍යාලයෙන් නිවස බලා එව්වේය. ඒ හැම දිනකම පාහේ ආරියරත්න කාර්‍යාලය වෙත පැමිණ අරුණලීව...
"මෙනුක ලංකාවට යන බව උඹ දැනගෙන හිටියද?" රමිත් ඇහුවේ කුමිලගෙනි. ඒ ඇත්තටම මෙනුක දෙවන වතාවටත් තමාව හැරදමා අරුණලී සොයා ගොස් ඇති බව දැනගෙනය. මෙනුක කිසිම දිනක තමන්ව තෝරා නොගන්නා බවටත් මෙනුක තමන්ගේ ජීවිතය ගෙවන්නට බලාපොරොත්තු වෙන්නේ අරුණලී සමග පමණක් බවත් රමිත් දෙවන වතාවටත් තේරුම් ගත්තේය.  "ඌ අන්තිම මොහොතෙ තමයි මට...
"ඔයා ඉඳල ඉඳල හොඳ ස්පොට් එකක් අල්ලගෙන තියෙන්නෙ වාඩිවෙන්න" කිමල් කිව්වේ දහවල්වරුවේ ඉර අව්ව නොවැටෙන ලෙස අරුණලීගේත් තමන්ගේත් හිසට ඉහලින් විහිද තිබෙන තුරු සෙවණ දෙස බලාගෙනය.  ඒ වචන සැබෑවක්මය. හිත දැවුණද හිස තිබුනේ හිසට ඉහළින් තිබුණ තුරු වියන නිසාවෙන් සිහිලැල්වය. ඒ සහනයකි. හිස නිවීම හිත නිවීමට හේතුවක් බව අරුණලී මෙන්ම...
"අපි ඇත්තටම හිතුවේ නෑ මේ ප්‍රශ්න මේ මෙච්චර දුර අරගෙන යන්න වෙයි කියල" ආරියරත්න කතාවට එක්කාසු වුණේ හීන්සිරුවේය. මෙනුක විසින් පෙරද රැයේ නටන්නට යෙදුණ නාඩගම ගැන අරුණලී ගෙන්ද අනතුරුව කිමල් විරවර්ධනගෙන්ද අසා හුන් ආරියරත්න තම පවුලේ වැඩිහිටියන්ද පීරිස් පවුලෙ වැඩිහිටියන්ද සමග හමුවක් සූදානම්කලේ මේ ප්‍රශ්න තමන් සිතූ පරිද්දෙන් පහසුවෙන් විසඳාගන්නට...
වේලාව රෑ අටට කිට්ටු වී තිබුණා නිසා කොහොමත් වටපිටාවේ තිබුණේ අඳුරකි. අඳුරට බිය වන්නට හේතුවක් තිබුනේ නැතිමුත් වෙනදාක නොදැනෙන අන්දමේ බියක් සිතට දැනුනේ ඇයිද කියා නොසිතන්නට අරුණලී සිතුවාය. ඇණවුම් කල රිය ඇවිත් බව පැවසුවද කාර්‍යාල ගේට්ටුව අසල කිසිදු රියක් පෙනෙන්නට නොමැත. අරුණලී කාර්‍යාලයේ දොරෙන් මෑත් වී ගේට්ටුව ලඟට ආවේ රිය...