Tag: පිණි මුතු පලසක්
“විදුර මන්ත්‍රීතුමා සුයිසයිඩ් කරගෙන” ය යන පුවත ලක්ෂිත සොයා ආවේ වේදනාවේත්, බලාපොරොත්තු බිඳ වැටීමේත් මූණිස්සමක් පරිද්දෙනි. තාත්තා මෙලොව නැති තැන තමන් විසින් මෙපමණ කාලයක් පුරාවට කිසිත් බියක් නොමැතිව කරන්නට යෙදුණ අකටයුතුකම්වල දරුණු ප්‍රතිපලවලින් තමන්ව බේරාගන්නට කෙනෙකු නොමැතිය යන හැඟීම ඒ සීතල සිර කූඩුවේදි ලක්ෂිතව බියෙන් තිගස්සවන්නට හේතු වී තිබුනේය.
ඒ...
“මේ හැමදේම දිහා බලද්දි මට හිතෙනවා පරදිනවා කියන්නේ අනාථ දරුවෙක් වගේ කියලා. කවුරුවත් කැමති නෑනේ පරාද වෙන්න. පරාජෙ භාරගන්න. හැමෝම හැමතිස්සෙම හදන්නෙ පරදින එකෙන් බේරෙන්නනෙ. කවුද කැමති තමන් පරදිනවා කියලා කියන්න තියා පරදින පැත්තෙවත් ඉන්න. මිනිස්සු පරදිනවා කියල තේරිච්ච ගමන් මොකද කරන්නෙ එක්කො පැත්ත මාරු කරන එක එහෙම නැත්තම්...
කිසියම් තැනක් වැරදී ඇති බවට පළමු පෙර නිමිත්ත වූයේ නිහඬතාවයි.
අරුණ සවස් කාලයේ සිටම සමුධ්‍යාගේ පණිවිඩයක් අපේක්ෂාවෙන් සිටිය බව ඇත්තකි. මුලදී, ඔහු සිතුවේ ඇය කොළඹ සිට ආණමඩුව වෙත ගිය ගමනේදී ගමන් මහන්සිය නිසාවෙන්ම සමුධ්‍යා නින්දට වැටෙන්නට ඇතැයි සිතුවද නිවාසයෙන් පිටත අහස වැස්සක් නොමැති කාලයක අඳුරෙන් බර වී යද්දී සමුධ්‍යා ගැන...
"තාත්තා කිව්වා එයාට වැදගත් වැඩක් තියෙනවා කියලා. එයා කිව්වා ටීචට කිසිම හානියක් කරන්නේ නැහැ කියලා. හැබැයි... හැබැයි ටීචර් එයා කියන දේ නොකළොත්..." කියා එතනින් නැවතුණා මිසක සත්සරාට කතාව අවසන් කර ගැනීමට නොහැකි විය. ඇය උන්නේ බියෙන් වෙව්ලමිනි.
"තාත්තා හරිම තරහෙන් හිටියේ ටීච. මට එයා දිහා බලන්නත් බය හිතුණා" කියමින් ඇය...
“ටීචර්” කියා විවර වුන දොරෙන් සත්සරාගේ රුවත් හඬත් ආ තැන සමුධ්‍යා ඇත්තටම ගල් ගැසුණාය. තමන් විසින් බේරාගන්නට කටයුතු කරන ලද සියලුම දෙනා එකට එකතු වී තමන්ව මුලා කරන්නට ඇතිද යන වේදනාබර වූද, බියකරු වූද සැකය හිත වෙලා ගනිද්දී සමුධ්‍යා උන්නෙ තප්පර කිහිපයක් තිස්සේ නිහඬවය.
“සත්සරා? ඔයා මෙතන මොනවද කරන්නේ? ඔයාවත්...
දුරකථනය විසන්ධි උනේත් අරුණ එතන තිබුණ පුටුවක් මතට ඇදගෙන වැටුනේත් එකටමය. අරුණට දැනුණේ මුළු ලෝකයම කඩා වැටුණාක් බඳු හැඟීමකි. ඔහු පුටුවෙන් නැගිට, කාමරය පුරා එහා මෙහා ඇවිදින්නට වූයේත් සිතේ සිතුවිලි දහසක් ගැටෙන්නට වූ නිසාවෙනි
“මොකද්ද දැන් කරන්නෙ? මොකද්ද දැන් කරන්නෙ?” කියා අරුණ තමාටම මුමුණා ගනිමින් කාමරය පුරා එහෙමෙහෙ ඇවිද ගියේ...
“මම දැන් බහින්න ළඟයි” කියා සමුධ්‍යා කිව්වේ බංගදෙණිය හන්දියේ බස් නැවතුමට කොළඹ - ආණමඩුව බසය කිට්ටුවෙද්දීය.
සමුධ්‍යා ඉන්නේ කොහෙද කියා නිරත්තරයෙන්ම හොයන්නට සමුධ්‍යාගේ අම්මා වගේම අරුණද යුහුසුළු වුනේ සමුධ්‍යා “සෑහෙන දවසක් ගෙදර ඉඳලා ආපහු යන්න කම්මැලි අප්පා” කියා ගෙදරින් නැවත සද්ධානන්ද ඉස්කෝලේ මහතාගේ නවාතැන්පලට යන්නට පමා වූ නිසාවෙනි.
“ඔයාට පික් මී...
ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ අනෙක් මේස අතුරෙන් පිරී තිබුණේ මේස දෙකක් පමණකි. එයින් එකක විශ්ව විද්‍යාල සිසුන් යුවළක් යැයි සමුධ්‍යා සිතු දෙදෙනෙක් තම ලැප්ටොප් පරිගණක දෙස බලමින් රහසින් කතා...
විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය වන සිතිවිලි වල බර තවත් වැඩි කළේය. බිත්තියේ එල්ලා තිබූ ඔහුගේ විශාල ඡායාරූපය දෙස විදුර බැලුවේය. ඒ පින්තූරයේ හිඳින තමන්ගේ සිනහව දේශපාලන පොරොන්දම් වලින් පිරුණු,...
ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ ඒ ස්පර්ශයටය.
“අම්මා…?” සත්සරා මිමිණුවේ බියෙනි. ඒ වචනවල තැවරී තිබුණේ ප්‍රශ්නාර්ථයක් පමණක් නොවේ, දැඩි සැකයකි.
“ඔව් දුවේ, මම ආවා. මට සමාවෙන්න මම මෙච්චර කල් ඔයා ළඟ නොහිටියට,”...