Tag: මතක මන්දිර

“ඔයා ඇත්තටම ඇයි සමුද්‍ර එදා මාව එහෙම දාල ගියේ?” යැයි අසන්නට කාලින්දී හිත සවිමත් කරගත හැකි වූයේ බොහෝ දිනක් සිතා බලා තීරණය කළ පසු ය. ඇය කිසිදිනක ඒ පැනය තමන්ගෙන් අසනු ඇතැයි සමුද්‍ර බලාපොරොත්තු නොවූ බව හොඳින්ම තේරුම්ගත හැකි වූයේ ඔහු කාලින්දී දෙස බැලූ බැල්මෙන් ය. ඩිල්මා ටී ලෞන්ජ් වෙතින් සුපුරුදු...
ආදරණීය සමුද්‍ර, හමුවීමකින් මේ සියලු හමුවීම් අවසන් කරන්නට තිබුණා නම් මම සතුටුවෙමි. එනමුත් මාගේ ආදරයවත්, කඳුලුවත් කිසිදා තැකීමකට ලක් නොකර ඔබව හමුවන්නට කාලය වැයකිරීම තේරුමක් ඇතැයි මම නොසිතමි. ඉතින් එබැවින් මෙසේ ඊමේල් පණිවිඩයකින් මේ සංසාරයේත්, පෙර සංසාරයක හමුවී තිබේනම් ඒවාත්, මතු සංසාරයක හමුවන්නට තිබේනම් ඒවත් අවසන් කරන්නෙමි. “අපි මැරි කරමුද?” යැයි ඔබ...
“මම ඉස්සර පුංචි කාලේ හිතුවා ලොකු වුනාම පට්ට සුපිරි චරිතයක් වෙනවා කියලා. ඒ කිව්වෙ සල්ලි හොයනවට වඩා සමාජ සේවයේ යෙදෙන හෙන දාර්ශනික, ආගමික  ඩයල් එකක් වෙනවා කියලා. හැබැයි ඒ හැම අදහසක්ම හිතෙන් අස් වෙලා ගියේ කාලෙත් එක්ක කියනවට වඩා මම කැමති අත්දැකීම් සහ අවස්ථා එහෙමත් නැත්තම් සිටුවේශන්ස් එක්ක කියලා කියලා. එක...
“අපිට ආයෙමත් එකතුවෙන්න පුලුවන්ද කියලවත්, නතර කරමු කියන තැනින් ආයෙ පටන් ගමු කියලවත් මම කියන්නෙ නෑ කාලි. මම දන්නව එහෙම අහල වැඩක් නෑ කියල” හමුවීම්, හුරුවීම් රැසකට පසු සමුද්‍ර එසේ කියන්නට සිත සදාගත්තේ ඇයි දැයි යන්න තවමත් පැනයකි. හවස කාර්‍යාලීය පැය කිහිපය අවසන් කොට ඔහුගේ නිල් පැහැ බී.අම්.ඩම්ලිව් රියේ හෝ රතු...
“අපි දෙන්න බ්‍රේක් අප් වෙලා මාස තුනකින් වගේ තමයි මගේ වෙඩින් එක තිබුණෙ. යොෂාලිව මීට් වුනේ ප්‍රපෝසල් එකකින්. එයා ඒ වෙද්දිත් ඔස්ට්‍රේලියාවල පී.ආර් එකත් අරගෙන තිබුනෙ” පළමුවෙන් මේසයට ආ හකුරු මිශ්‍ර පොල් කිරි තේ බඳුන හෙමි හෙමින් තොල ගාමින් අතීතයේ සුවඳ රැඳි මතකයන් දිගහරින්නට ඇරඹුවේ සමුද්‍ර ය. ඉතාම ධනවත් ව්‍යාපරික පියෙකුගේ...
"මම එයාට නොසෑහෙන්න ආදරේ කරලා, ඒත් ඒක එයා දන්නෙවත් නැහැ.එයා හරියට රඟපෑමක් කරලා වගේ අවස්තාවට ගැළපෙන විදියට. මම මුළු හිතින්ම එයාව මගේ කරගෙන, මම එයාගේ වෙලා, ආදරය කියන බීජය හිත කියන උද්‍යානයේ වපුරලා, ස්නේහය කියන ජලයෙන් හැමදාම උදේ හවා නහවලා බලාගෙන ඉඳලා තියෙනවා ආදරේ මල් පිපෙනකම්. නමුත් එයාට අනුව එයාගේ හිතේ...
“අපි හිතනවා සමහරුන් අපිට ලංවෙන්නේ ආදරේ නිසා කියලා.එයා කතාබහ කරන විදියෙන්, එයාගේ හැසිරීමෙන්, එයා හිනාවෙන විදිය,බලන විදිය මේ වගේ දේවල් වලින් අපි හිතනවා එයා එහෙම කරන්නෙ එහෙම හැසිරෙන්නෙ එයාගේ හිතේ අපි ගැන ආදරයක් තියෙන නිසා කියලා. සමහරු ඉන්නවා ආදරයක් හිතේ එහෙම තියාගෙන ඉඳලා ඒ ඒ අවස්තාවන්ට අනුව බොහොම ප්‍රේමණීය විදියට...
“ඔයා තාමත් මාත් එක්ක තරහෙන්ද කාලින්දී?” නොසිතූ විරූ ලෙස අවුරුදු ගණනාවකට පසු මුණ ගැහීමෙන් අනතුරුව, කාලින්දී අමතන්නට සමුද්‍රට සිතුණේ කුමන හේතුවකටදැයි සමුද්‍ර පවා දන්නේද යන්න කාලින්දීට ගැටළුවකි. ධනිත් පවසනා ආකාරයටම "කරකාර බැඳගෙන මගේ කරගෙන -නුඹ සිරකරගෙන හීන මවන්නට -මං වෙනුවෙන් තටු සිඳදාලන්නට- එහෙම දේවල් නෑ හිතේ මගේ" යැයි කියා සමුද්‍ර එදවස...
“ඔයා තාමත් ඉන්නෙ මොකක් හරි අවුලක කියලයි මට හිතෙන්නෙ කාලි” තම කලු පැහැ අවුඩි කිව් සෙවන් රිය පණගන්වමින් කාලින්දීව නංවාගෙන කොල්ලුපිටිය දෙසට ගමන් කරන අතරවාරයේ මගින් නැවතුණු කතාව යළිත් අරඹන්නට කේසරට අවැසි විය. වීදුරුවෙන් එපිට පෙනෙන කළබලකාරී කොළඹ නගරය දෙස බලමින් කල්පනාවක නිමග්නව උන් කාලින්දී හැරී කේසර දෙස බැලුවේ කියන්නට...
සාමකාමීව ගලා යමින් තිබූ ගඟකට වුව අතරින් පතර හමුවන ගල්කුළු, කඳු හේතුවෙන් තම සාමකාවී බව දිගුකාලීනව පවත්වාගෙන යෑම අසීරුය.එවන් ගංගාවක සාමකාමී ජල රැළිති මතට අනෝරා වර්ෂාවක් ඇද වැටෙන්නට පටන් ගත්තොතින්?අතීතයේ කෙඳිරුම් හඬක්, අතීතයේ ගැවසුණ වටපිටාවක මහෝඝයක් වන්නට හේතු කාරණා යෙදුණේ කිමද යන්නට පිළිතුරු කාලින්දීට නැත.වෙනත් දිනයක තමා විසින් මෙහෙයවනු...