Tag: මල් බිඟුන්
ඇට්ටේරියා හා විහාර ඉද්ද මල් වල සුවඳින් කුඩා මිදුල පිරී තිබිණ. ඒ සියල්ල පරයා අමාගී ට වඩාත් ළඟින් දැනුණේ තාත්තා සුවඳ ය. ඔහු ළඟින් මෙහෙම ඉද්දී දැනෙනා හැඟීම, ඔහු ගේ ඇඟිල්ලක් අල්වාගත් විට ළමා වියෙහි දී පමණක් නොව දැනුදු දැනෙනා රැකවරණය හා මුහු වූ හැඟීම, අසමසම වේ. ඒ වෙන...
අශ්විනී කාමරයේ තිර රෙද්ද මෑත් කොට බැලුවා ය. ආයු තුරුලු කරගෙන අමාගී හැන්දෑ නින්දට පිවිස තිබේ. සිදුහත් ගිහි ගෙය හැර යන තීරණය මත යශෝධරා ගේ සිරියහන් ගබඩාවට එබී බලන වෙලාවේ, ඕ රාහුල තුරුලු කරගෙන නිදා සිටින්නට ඇත්තේත් මේ ලෙස යයි අශ්විනී ට සිහි විය. ඇගෙන් ලොකු හුස්මක් ගිලිහුණේ නිරායාසයෙනි....
අමාගී හා රුසිරු ද ආයු ද රැගත් කැබ් රිය රෝහල වෙත ළඟා වන විටත් ආර්ය පැමිණ බලා සිටියේ ය. මේ ඔහු ට සුවිශේෂ දවසකි. මේ හද ගැස්ම ආගන්තුක ය. මීට පෙර ඕනෑ තරම් වාර ගණනක් ආයු ගේ එන්නත් හා වෙනත් සායන සඳහා ඔහු ව රෝහලට කැටිව විත් ඇති මුත්...
අමාගී එදා උදේ කෑම ලෙස සූදානම් කළේ ස්පැගටි ය. ඒ ස්පැගටි පැකට් දෙක පැන්ට්‍රි කබඩ් එක ඇතුළට ඇවිත් මාසයකට ආසන්න වීමට එයි. ඒවා පසුගිය වතාවේ ගෙදරට මාසිකව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන එත්දී මණී විසින් ගෙන එන ලදී. ගෙදර කොල්ලන් උදේට "බත්ම කන්න පුළුවන්ද අප්ප" කියා කණිපින්දම් කියන වෙලාවකට සකසන්නට...
ටික කලක පටන් අශ්විනී ගේ හිතට නිවනක් නැත. ඒ අමාගී නිසාවෙනි. ඇය කවදත් ආයු ට ආදරය කළ බව අශ්විනි දනී. නිධී සිටින කාලයේ දී ඇය හැන්දෑ වරු වල මල්වත්තගේ ගෙදරට ඇවිත් දුරකතනය ඔබමින් හෝරා ගණන් ගත කරයි. ඒ අමාගී ආයුව බලා ගන්නා බව දන්නා නිසාවෙනි. ආයු වූ කලී හුරබුහුටි හුරතල්...
උදය වන විට ආර්ය ට සහලවා උණ ගැනී තිබිණ. කැස්සක් ද සෙම් ගතියක් ද ඇති වී තිබුණෙන් එය වෛරස උණක් බව අනුමාන කළ හැකි විය. දරුණු හිසරදය නිසා ඇස් ඇරගන්නට බැරිව ඔහු ඇඳට ම වැටී සිටියේ ය. රාත්‍රියේ අමාගී ගෙන ගොස් තැබූ බත් පිඟාන වැසූ පරිදි ම තිබිණි.
"ඉතිං මේ...
සාන්වී ගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටීමෙන් පස්සේ ගෙවල් දෙකේ ම ළමයි යළි ළමා වියෙහි එකට සිටියා සේ ම එකමුතු බවක් පෙන්වන්නට වූහ. සන්දේශ් හවසට සාන්වී ගේ කාර්යාලය අසලට ගොස් යතුරු පැදියෙහි ඇය ගෙදර ගෙන ආවේ ය. මුල් දවසේ ගේට්ටුව ළඟටත්, ඊළඟ දවසේ බංකුව වෙතටත්, ඊට පස්සේ ගේ ඇතුළටමත් එන්නට...
ආර්ය කාමරයේ වීදුරු පියන්පත හැරගෙන ජනේලයෙන් මල්වත්තගේ ගෙදර දෙස බලා සිටියේ ය. රාත්‍රී සීතල ගලා හැලේ. ඒ සීතල මැද පිනි ඉහිරුණ පුංචි බිම්මලක් සේ මල්වත්තගේ ගෙදර නිස්කාංසුවේ හිඳී. ඔහු හෙමිහිට ඇවිද විත් යහනේ වැතිර ගත්තේ ය. ආයු ඉක්මන් හුස්ම ගනිමින් ද ගැඹුරු නින්දකට අවතීර්ණ වෙමින් ද හිඳී. වැලමිටට බර...
සාන්වී ලවන්‍යා මල්වත්තගේ, සිය ජීවිත ගංගාවෙහි ඇති වෙමින් තිබූ සුළි කුණාටුව හරහා හෙමිහිට පිහිනා යන්නට වූවා ය. විටෙක ඒ ගෑනු හදකට දරාගත නො හැකි ප්‍රචණ්ඩ තරංග පෙළකි. තවත් පිහිනිය නොහැකියි කියා දැනුණ මොහොත වල ඇය ඒ සඳහා උත්සාහ කිරීම අතැර නිසල වූවා ය. නමුත් හැම විට ම, ගිලෙනවාට වැඩිය...
දුරේශ් මල්වත්තගේ බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිර හැන්දෑව දෙස බලා සිටියේ ය. දැන් පරිසරයෙහි වන්නේ කුර ගාන අඳුරට පරාජය වීමට කැමැත්තෙන් සිටිනා එළියකි. ඒ එළිය දීප්තිමත් නැත. මළානික ද නැත. නමුත් ආලෝකයට වුණත් වෙහෙසක් දැනෙන වෙලාවක් උදා වේ. ගිමන් නිවීමක අවශ්‍යතාවයක් එළඹේ. රාත්‍රියට ඉඩ දී මඳක් පසුබාන්නේ එබැවිනි. ජීවිතයටත් එහෙව්...