Tag: සන්තාන සුසුම් සර
අස්විද හෙමි හෙමිහිට රිය වෙතට යන විට යසස්වි අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට යාබද අසුනේ ය. රියදුරු අසුනේ දොර විවර කළ මුත්, අස්විද ඊට ගොඩ නොවී ම පහත් වී යසස්වි ට කතා කළේ ය.
'ඇයි අද ඔතනද ඉන්නෙ...'
'දැං මට කේන්ති ගිහින් තියෙන්නෙ. ඩ්රයිව් කරන්න ගියොත් මං කා එක කොහෙහරි හප්පයි'
ඇය මූණ...
පෝය දා ට ගමේ පන්සලේ සිල් සමාදන් වන සිල් ඇත්තන්ට හැන්දෑවේ ගිලන්පස පූජාව තුසිතයෙනි. වජිරා ඒ වෙනුවෙන් උදේ සිට ම ලක ලැහැස්ති වන්නී ය. ගිලන්පස වෙනුවෙන් ඉඟුරු කොත්තමල්ලි ද බෙලිමල් ද සීනි දැමූ තේ ද සීනි නො දැමූ තේ ද හකුරු ද සූදානම් කිරීම ඇගේ සිරිතයි. සනුක දවල්ට බයිසිකලයකින්...
යසස්වී වෙහෙරගොඩ ආරක්ෂිත ව අස්විද සූරියබණ්ඩාරගේ අත් බාහුවෙන් අල්වාගෙන විත් රියෙහි ඉදිරි අසුනට ගොඩවූවා ය. ඒ යුවළ වෙතට උදාර ගේ දෑස් යොමු වීගෙන ම තිබිණ. අස්විද ඉක්මනින් අනිත් පසට ගොස් රියට ගොඩ වී රිය පණ ගන්වාගත්තේ ය. ඇගේ මුව මාස්ක් එකකින් ද දෑස් කළු කණ්ණාඩි වලින් ද හිස සළුවකින්...
ඇට්ටේරියා මල් සුවඳ වඩාගෙන ආ සුළඟෙන් යසස්වී වෙහෙරගොඩ පපුව පුරවාගත්තා ය. මේ රාත්රියේ, ලා සඳ එළිය තඹ පාටක් තවරමින් තුරු පත් මත පතිත වී තිබේ. යසස්වි සඳැල්ලේ ගරාදි වැටට බරවීගෙන පහළට එබුණා ය. ඇට්ටේරියා තුරු හිස සුදු පාට මල් වට්ටියක් සේ ය. මේ, රාත්රියට කෝටි ගණන් ඇට්ටේරියා මල් පිපෙන...
හදිසියේ වුණත් යොදාගත් ඒ මධු පාණ හෝරාව, හුස්ම හිර වී තිබූ තුසිතයට මඳ සැහැල්ලුවක් ගෙන දෙන්නට හේතු විය. තාත්තාත් පුතාලා දෙන්නාත් ඔවුන් ගේ මිතුරාත් එක්ව බීර වීදුරවක් බීවා කියා එහි කිසිදු අශෝභනයක් වූයේ නැත. අස්විද කීවා සේ ම ඔවුන් වැඩිපුර දොඩමළු වී සිටිනු දැකිය හැකි විය. ටික කාලයක් හදවත්...
තුසිතයෙහි ගෙවෙමින් තිබුණේ මරණයක් වී මුල් ම සතිය වන් ශෝකී නිස්සාර දින කිහිපයකි. කාගේවත් මුහුණු වල සතුටු සිනහවක් රැඳුණේ නැත. කෑම සීතල වී යනතුර කුසගින්නක් දැනුණේ නැත. තේ වෙලාවේ රසවත් බවක් වූයේ නැත. නිලූකා හිතුණ ගමන් පරල වූවා ය. නැවත සන්සුන් වූවා ය. යසස්වී හැකි හැම අවස්ථාවක ම ඇයට...
කොල්ලුපිටිය හන්දියේ සිට හෙමි හෙමිහිට ගාලු මුවදොර පිටිය දෙසට ඇවිද ගිය චේතිය සූරියබණ්ඩාර ගේ පපුවෙහි කළු ගලක් තැබුවා වන් බරක් පැටවී තිබිණ. මේවා කල් ගතවූ ගල්ගැහීම් බව ඔහු දනී. තුවාල, රිදුම්, තැලීම් සියල්ල නො සලකා හැරීම නිසා හදවත් පේශීන් ගල්වී ගොසිනි. හුස්ම ගන්නා වාරයක් පාසා ඒ බර දැනේ. එය...
උදා වී තිබුණේ අලුත් දවසකි. නමුත් තුසිතය වෙනදා සේ ඒ අලුත් දවස පිළිගන්නට ප්රබෝධයෙන් සූදානම් වූයේ නැත. පෙර දා රාත්රියේ නිදන්නට ගියේ හිත් වල විෂක් තියාගෙන නිසාදෝ, ඒ විෂ නින්දේදී වැඩි වර්ධනය වී හා සිරුරේ සෛල වලට වැඩි වැඩියෙන් උරාගෙන අප්රාණික බවක් ඇති වී තිබිණ. ඇතැම් විට කිසිවෙකු සුවදායී...
තුසිතය පිහිටි ඉඩම පර්චස් පණහක පමණ වපසරියකින් යුතු වූවකි. මහ ගෙදර ඉඩමෙහි වූ පර්චස් තිහට යාබදව වූ ඉඩම් කැබැල්ලක් විකුණන්නට යත්දී විජිත එය මිල දී ගත්තේ සිය තරුණ වියෙහි දී ය. මුළු තුසිතය ඉඩම දෙකට බෙදා, පිටුපස කොටස චේතිය නමින් ලියවුණේ ඔහු විවාහ වෙත්දී ය. ගෙය සහිත කොටස තවමත්...
චේතිය සූරියබණ්ඩාර නො සන්සුන් සිතක් දරාගත් සන්සුන් ඉරියව් සහිත පිරිමියෙකු ලෙස පෙනී සිටියේ ය. ඔහු ඒ මේ අත සක්මන් කළේ සිය නො සන්සුන් සිත සන්සුන් කරගන්නටයි. නිලූකා හැසිරෙන්නේ උමතුවෙන් මෙනි. ඒ ඇයගේ ස්වභාවය බව චේතිය දනී. කුඩා දෙයටත් කලබල වී කෙන්ද කන්ද කරගැනීම ඇගේ සිරිතයි. නමුත් ඒ බිල්පත සොයාගැනීමෙන්...