Tag: සඳක් තනියම

කොපමණ උත්සාහ කලත්  මිලීනාව ප්‍රියංකාගේ නිවසේ නවතා ගන්නට හැකියාවක් වූයේ නැත. දිනාරා පමණක් නොව ප්‍රියංකාත් දෙතුන් වරක්ම ඒ ඉල්ලීම කලත් ඇගේ සිතුවිලි පරාජය කිරීමේ හැකියාවක් දෙදෙනාටම වූයේ නැත.දිනාරාට ඈ හා කතා කරන්නට ඕනෑ තරම් දේ විය.වලව්වේ අයවලුන් ගැන අසන්නට ඕනෑතරම් දේ විය.ඒ පපුවට තුරුළුව විනාඩි කිහිපයක් හෝ ගත කිරීමේ...
දිනාරා දුරකතනයට පිළිතුරු සැපයූවේම පපුවට අත තබාගෙනය.වලව්වෙන් පිටතට පැමිණ ගෙවී ගිය සය මසකට ආසන්න කාලයක් තුළ වලව්වේ ස්ථාවර දුරකථනයෙන් මිස වෙනත් කිසිදු දුරකථනයකින් ඇයට ඇමතුමක් පැමිණ තිබුණේ නැත.අත්තම්මාට කරදරයක්වීදැයි  තිගැස්සුණු සිත අපහසුවෙන් වාවා ගත යුවතිය මදක් එහාට ඇවිද ගියේය “ සිරිසේන මාමේ..” යැයි පවසාගෙනය. “ මම මේ අත්තම්මා කතා කරන්නේ….” “...
අකලංකට වරෙක දැනෙන්නට වූයේ තම ජීවිතය නමක් නොදන්නා පාටකින් වර්ණවත් වන අයුරකි.  උදෑසන පැමිණ කාර්යාලයට ඇතුළුවන සෑම වතාවකම කාර්‍යාල කාමරය තුලින්  දැනෙන පිච්චමල් සුවඳට හුරු විලවුන් සුවඳ සිය පෙනහළු පුරා ආඝහනය කරන්නට ඔහු පුරුදුව උන්නේය..ඉන්පසු සොඳුරු  සිනහවකින් මුව සරසාගෙන තම අසුනෙන් නැගිට   “ ගුඩ් මෝර්නින් සර්… “ යැයි පවසන යුවතියගේ...
මහින්ද දවල් ආහාරය සඳහා නිවසට පැමිණියේ කාර්යාලයෙන් පිටත වන අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් සඳහා යන ගමනේදීය.  නිවසේ ආහාර සකස් කිරීමේ කටයුතු සඳහා සේවිකාවක සිටියත් තේජා මුළුතැන්ගෙය  මගහැර සිටින්නේ නැත.බොහෝ විට ඉවුම් පිහුම් කටයුතු සිදුවන්නේ ඈ අතින්ය. නිවසේ අන් සියළු කටයුතු සිදුකලත් ඉවුම් පිහුම් වලට ඈ අත් උදව් සපයනවා පමණි. වසර ගණනක්...
සනුජත්  ශිහානුත් අකලංකගේ කාර්යාල කාමරයට කඩා වැදුනේ හදිසියේය.එවේලෙහි අකලංක වූයේ දිනාරා සමග එක්ව කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් යැවිය යුතු ලිපි කිහිපයක් සකස් කරමින්ය. “ අඩෝ අපේ ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නැතුව මෙන්න මූ වැඩ…” සනුජගේ  ඒ හඬින් තිගැස්සී ගියේ දිනාරා පමණක් නොවේ. අකලංකත්  ලැප්ටොප් පරිගණකයෙන් නෙතු මුදාගත්තේ තිගැස්සීගෙනය. “...
“ අද පුදුමයි අරයා වේලාසනින්ම නැගිටලා ඔෆිස් ගියා. වෙනද සිය පාරක් කතා කරන්න ඕනේ.එක පාරක් කතා කරලා ඇවිත් දෙවනි පාර යද්දී කන් දෙකට හෙඩ් ⁣ෆෝන් ගහගෙන නිදි.” එසේ පවසමින් පහත මාලයට ආ තේජා සිය ලේලිය අසලින් අසුන් ගත්තේ බිම වාඩිවී සෙල්ලම් කරමින් උන් මිණිබිරියවත්  තමාගේ උකුලට ගෙනය.  “ ඔව් අම්මා විශ්වත්...
සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා  ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා ...තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ...ම්... යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත් ප්‍රියංකාත් ඔහුගේ මේ සුරතලය දෙස බලා සිටියේ මහත් වූ සතුටකින් යුතුවය.කුඩා පුතු වටා සැරිසරූ ගැහැණු ජීවිත දෙකම වර්ණවත් කරන්නට ඔහු සමත් විය.පුතු වෙනුවෙන් දවසම වෙහෙස...
බාප්පාගේ වැඩිමල් දියණිය විවාහ වීමට අපේක්ෂාවෙන් උන් තරුණයාගේ පවුලේ අය  චාරිත්‍රානුකූලව මනාලිය බලන්නට පැමිණ ගිය බව පැවසූයේ අත්තම්මාය.තමාගේ විස්තර සියල්ල පැවසූවත් දිනාරා  කිසිවිටකත් වලව්වේ විස්තර අසන්නට උත්සාහ දරන්නේ නැත.එහෙත් අත්තම්මා සිත රිදෙන කාරණා මඟ හැර වලව්වේ වන අන් සියල්ලම දිනාරා  හා පවසන්නීය.දැන් මිලීනාට විශ්වාසයෙන් යමක් කතාකල හැක්කේ දිනාරා හා...
" ප්‍රියංකා ටීචර්ට ලන්ච් එකකටවත් එන්න කියන්න ඕනෙ දුව.අපේ ඉලන්දාරියත් ටීචර් කියන දේවල් අහනවා." තේජා එසේ පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව ගෙවී ගියාට පසුවය. " ඒකනම් ඇත්ත අම්මා.අනිත් ගුරුවරු ගැන කියන්න මොනවා හරි දෙයක් තියෙනවා.මූණ ගැන කියයි.සාරිය ගැන කියයි.ඇවිදින විදිහ ගැන කියයි...කන ඒවා ගැන කියයි..ඒ උනාට ප්‍රියංක ටීච ගැන නම් වචනයක්වත් කියන්නෙ...
හිමාෂා දුන් ලිපියත් රැගෙන කොරිඩෝව  දිගේ ඇවිද ගිය යුවතිය අකලංකගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ වීදුරු දොරට දෙවරක් තට්ටු කළ පසුය.ඔහු උන්නේ දෙකකුල් කාර්යාලීය මේසය මත  තබාගෙන ජංගම දුරකථනයේ යමක් නරඹමින්ය. වරෙක  සිනහසෙමින්,තවත් වරෙක ' ශිට්.. 'යයි පවසමින්, තවත් වරෙක ' ඕ මයි ගෝඩ්..' යනුවෙන් පවසමින් දුරකථන තිරය දෙස බලා...