Tag: සඳ කත් මිණි ඇස්

සූර්යා ගේ දුරකතනය හැඬවුණේ ඔවුන් රියෙන් බහිනා විට ය. තිරය මත 'තාත්ති' යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් සනිටුහන් ව තිබිණි. "එක්කෙනෙක්ගෙ නෙවෙයි තාත්ති..මේ සැරේ ඔන්න ග්‍රෑන්ඩ් බේබීස්ල හතර දෙනෙක්ගෙ හරි පස් දෙනෙක්ගෙ හරි ග්‍රෑන්ඩ් පපා වෙන්නයි යන්නෙ ඔයා" සූර්යා ගේ ඇස් තෙත් වෙමින් තිබුණේ ඇයත් නො දන්නා හේතුවකට ය. "එහෙමද...මගෙ දුව පරිස්සමෙන්" "බය වෙන්න ඕන...
ව්‍යාපාර ක්ෂේත්‍රයත් පවුල් දෙකේ ළඟ ම ඥාතීනුත් විවාහය වෙනුවෙන් පැවති සුහද හමුවට පැමිණියහ. එය ඉතා සරල ලෙස, සුන්දර කුඩා පිළිගැනීමේ ශාලාවක පවත්වන්නට යෙදුන හමුවකි. සූර්යා සැරසී සිටියේ මංගල ඇඳුමකින් නොවේ. එය දම් පැහැති දිගු උත්සව ගවොමකි. චාම් හැඩැන්වීමකින් යුතු වුණත් ඇය සුරංගනා ලොවකින් සැපත් වූ සුරංගනාවක සේ පෙනිණ. ඒ සුරංගනාව...
චාන්දනී රිසීවරය තදින් සවනට තද කොට ගත්තා ය. හරියට අහල පහලක කිසිවෙකු සිටින්නා මෙනි. අජන්ත කියනා දෙයක් පිටස්තරයෙකුට ද ඇහෙන්නා මෙනි. "සූර්යා නිදිද චාන්දනී.." "දැනුයි රූම් එකට ගියේ" "මගෙ කෙල්ලට වෙනසක් කරන්න එපා චාන්දනී" ඔහු ගේ හඬේ තිබුණ ඉරිතැලීම ඇයට ඉතා හොඳින් දැනිණ. "ළමයි දෙන්නව අරං අපි කොහෙට හරි ගිහිං ජීවත් වෙමු චාන්දනී" ඉතා ම...
ගජධීර ගෙමිදුල ගෙයට සාපේක්ෂව ඉතා කුඩා එකකි. මිදුලක් නඩත්තු කරන්නට තරම් සොබා දහම හා ගහ කොළ ගැන උනන්දු වෙන අයෙකු ගෙදර නොවන බව, ලොකු පික්චර් බැම්බෝ පඳුරකින් පමණක් සමන්විත මිදුල දකිනා ඕනෑ ම කෙනෙකුට හිතෙන් තක්සේරු කර ගන්නට පුළුවන. චාන්දනී ඒ කුඩා අඳුරු මිදුල දෙසට නෙතු යොමා ගෙන සිටියා...
ගජධීර මහතා බරාඳයේ හාන්සි පුටුවෙහි වැතිර සිටියේ ය. මැතිණිය සක්මනෙහි යෙදුණා ය. දෙදෙන ම සිය වෘත්තියන් හි ඉහළ තනතුරු වලින් විශ්‍රාම ගෙන සිටිය ද තරුණ පෙනුම ඒ තරම් වියැකී ගොස් නැත. කෙටි වන්නට කැපූ, කළු වර්ණ ගැන්වූ  කොණ්ඩය නිසා මැතිණිය ගේ පෙනුම හුරුබුහුටි ය. සුදු වූ කොණ්ඩයත්, මතු වෙන...
ආලෝක ගේ රිය ගෙමිදුල ට විත් නතර වන හඬින් චාන්දනී ඉක්මන් ගමනින් ගෙතුළ සිට ආලින්දය හරහා පිටතට ආවා ය. පුතු සමග ම රියෙහි අනිත් පසින් බසිමින් උන් සූර්යා ව දැක ගත් ඕ ක්ෂණික ගැස්මකට ලක් වූවා ය. ඇය ගෙදරටත් එන්නට පටන් ගෙන තිබේ! චාන්දනී එහෙම ම හැරී යළි ගෙතුළට යන්නට...
කිරි මණ්ඩල මාවතෙන් හැරුණු රිය ඉදිරිය බලා ධාවනය වෙමින් තිබිණි. ආලෝක හිටියේ ජීවිතයේ සියල්ල අත් පත් කර ගත් මිනිසෙකු ගේ තෘප්තිමත් බවෙනි. ඒ බව ඔහු ගේ මුහුණ දකින  සූර්යා ට මැනවින් වැටහේ. ඔහු ට ඒ සතුට අහිමි කළේ වී නම් එය ආත්ම ගණනකට ගෙවා නිම කර ගත නො හැකි...
sanda kath mini as
ආලෝක නික්ම ගිය පසු ප්‍රවීන් ඔවුන් ගේ ගෙදර ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. සිදු වූයේ කුමක් දැයි තවමත් ඔහු ට සිතා ගත නො හැකි ය. ආලෝක සුමනරත්න කියන්නේ අහිංසකයෙකි. මීට පෙර ප්‍රවීන් කවරක් සිදු කළ ද ඔහු කර බා ගෙන නිහඬ ව සිටියේ ය. සූර්යා ට ඇසිඩ්...
අන්තිමට ලොකු හුස්මකින් ළය පුරවා ගත් ආලෝක කාර්යාල පරිශ්‍රයේ පිටතට ආවේ ය. ඔහු ගේ රිය පවනට බඳු වේගයෙන් ඉගිලෙන්නට විය. ඔහු ගේ හිත ඊට වඩා වේගයෙන් ඉගිළුණේ ය. දැන් ඔහු ව නතර කරන්නට කාටවත් ම නො හැකි ය. ලෝකය ඔහු ගෙන් බොහෝ දේ උදුරා ගත්තේ ය. ඒ බොහෝ දේ අතරේ...
නාන කාමරයේ කැඩපතින් පෙනෙනා සිය උඩු කය දෙස සූර්යා බලා සිටියා ය. ඇගේ උඩු තොල මත යන්තම් දහ බිඳු කිහිපයක් නැගී තිබේ. කොපුල් තලා වල ලේ රතු පැහැයක් ඉහිර යමින් පවතී. ළැම පෙදෙස වේගයෙන් උස් පහත් වන හැටි ද දැක ගත හැකි ය. ටික වෙලාවක් හුස්ම අල්ලා ගෙන උන්...