Tag: සිහින අසපුව

ජීවිතය මොන තරම් නම් සුන්දරදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ජීවිතයේ ප්‍රථම වරට අම්මා වෙනුවෙන් සූදානම් කරන තේ පැන් සංග්‍රහයට නිවසේ සියලු දෙනාම සහභාගි වීම එක් අතකින් සිහිනයක් මෙනි. මලීෂ සහ විහාරා බැලුන් පුම්බමින් සිටින්නේ කුඩා දරුවන් මෙනැයි ඇයට සිතිණ. විහාරා විසින් පමණට වඩා පිම්බූ බැලුන් බෝලය එක්වරම පිපිරී ගියෙන් ඇය...
එය බොහෝ සුන්දර සහ නිසංසල සඳ පහන් රාත්‍රියක් විය. සඳ දියෙන් නැහැවුනු මුලු පරිසරයම දිව්‍ය ලෝකය මෙන් සුන්දර නොවේදැයි සුහේල් පසෙකින් හිඳගෙන ඔහුගේ උරහිස මත හිස තබාගෙන සිටින විහාරා සිතුවාය. රැයේ පිපෙන මල් වර්ගයක සුගන්ධය නාස් පුඩු ඔස්සේ පිවිස හදවත සුවඳවත් කරන්නාක් මෙනි. එහෙත් සුහේල් නිහඬය. විහාරා යන්තමින් හිස...
තමා විසින් ලියන ලද ‘සිහින අසපුව’ නවකතාවේ අවසානය සටහන් කළ ආරාධ්‍යාට දැනුනේ සැහැල්ලු හැඟීමකි. ඇය නැගිට කාමරයේ ජනෙල් පෙළ අසළට ගියාය. විවෘත ජනෙල් පෙළ අතරින් මුහුද දෙසින් හමා එන සුලඟේ සිහිලස දැනේ. අහස කෙළවර දිස්වන පුරපස සඳවතෙහි ආලෝකයෙන් මුහුද පැහැදිලිව දිස් නොවුවද, රාත්‍රී කාලයේදී රිද්මයානුකූලව වෙරළට පෙරළී එන රළ...
ආයුෂ්ගේ නිවසෙහි විසිත්ත කාමරය බොහෝ සුන්දර නොවේදැයි එහි හිඳගෙන සිටින ආරාධ්‍යාට සිතිණ. එහි වූ අපූරු කැටයමින් යුත් පැරණි ගෘහ භාණ්ඩ නිවසෙහි පෞරාණික පෙනුම සමග කදිමට ගැලපිණ. “ලස්සනයි නේද තාත්තෙ?” ආයුෂ්, නිවස තුළට ගොස් සිටියෙන් ආරාධ්‍යා පියා සමග පැවසුවාය. “හරිම ලස්සනයි. වෙනමම ලෝකෙකට ආවා වගෙයි.” “ගිහාන් ඉස්සර ඉඳලම ආසා කළේ පැරණි දේවල් වලට. හොඳ...
දින ගණනාවකින් තම ජීවිතය පසුපසට ගියා නොවේදැයි දිය නෑමෙන් පසු කැඩපත ඉදිරියට වී සිටින ආරාධ්‍යා කල්පනා කළාය. සතියකට ආසන්න කාලයක් තිස්සේ උණ රෝගය ඇති කළ බලපෑම් බොහෝ නොවේද? සුවය ලැබු පසුවත්, ඇති වූ ආහාර අප්‍රියතාවයත්, සන්ධි වල ඇති වූ වේදනාවත් දැන් කෙමෙන් අඩු වෙමින් පවතී. මෙම කාලය තුළ...
සුහර්ෂාගෙන් ලද පණිවුඩය අනුව හසිත් ඇගේ කාර්යාලයට ගියේ තරමක චකිතයකින් යුතුවය. ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාම සුහර්ෂාගේ කැඳවීමක් අනුව එහි යන්නේ බියෙන් ගැහෙමින් බව හසිත් දැන සිටියේය. තමා අතින් වරදක් සිදු නොවුවද, වරදක් සිදු වූවාක් මෙන් කාර්යාලයට පිවිසෙන සේවක සේවිකාවන් ඔහු බොහෝ අවස්ථා වලදී දැක තිබිණ. “හසිත්... එන්න.” සුහර්ෂා කතා කළාය....
සිය සේවාදායකයකුගේ දුරකතන ඇමතුම නිසාම නින්දෙන් පිබිදුනු කවීන් දුරකතන ඇමතුමේ නිමාවත් සමගම යළිත් යහනෙහි දිගා වුයේ නින්දෙහි අවශ්‍යතාවයක් ඇතිව නොවේ. පුරුද්දක් වශයෙන් නින්දෙන් පිබිදීමට පෙර අඩ හෝරාවක් පමණ අද දිනයේ තමා වෙත පැවරී ඇති වගකීම් සම්බන්ධව කල්පනා කිරීම සහ සැලසුම් කිරීම ඔහු පුරුද්දක් කර ගත්තෙකි. අද කතා කිරීමට ඇති...
පැය කිහිපයක් තිස්සේ එක දිගටම නවකතාව ලියූ බැවින් ආරාධ්‍යාගේ අත රිදිණ. ඇය කරමින් සිටි කාර්යය මොහොතකට නතර කළාය. නවකතාව නිමා කරන්නට තවත් ලියන්නට ඇත්තේ පිටු කිහිපයක් පමණකි. කෙතරම් වෙහෙසකාරී වුව ද අද දිනයේම මෙම කාර්යය නිමා කළ යුතු යයි සිතූ ඇය නැවතත් පෑන අතට ගත්තාය. එක්වරම කාමරයේ දොර විවෘත විය....
ආරාධ්‍යා, කවීන් සමග නිවසට පැමිණෙද්දී යන්තමින් අඳුර වැටී තිබිණ. දින කීපයක් හෝටල් කාමරයක නතර වී සිය කටයුතු කර ගැනීමට සූදානමෙන් ගිය ආයුෂ් ඔවුන් හැරලන්නට පැමිණෙන්නට සැරසුණද එය ප්‍රතික්ෂේප කළ කවීන්, දියණියද සමගින් කුලී රථයකින් නිවසට පැමිණීමට තීරණය කළේ ආයුෂ් තවදුරටත් වෙහෙස කිරීම නොසුදුසු යයි පවසමිනි. “අංකල්ටයි, ආරටයි ගොඩක්ම පින් මට...
හසිත් සුහර්ෂා නිවසේ ආලින්දයෙහි ඒ මේ අත ඇවිදින්නට වූයේ කල්පනාවෙනි. ආලින්දයේ එල්ලා ඇති මල් පෝච්චියක් කරා පියඹා ආ කොණ්ඩ කුරුල්ලාගේ තුඩග පොල් කෙන්දක් ඇති බව ඔහු දුටුවේය. හිස ඒ මේ අත හරවමින් වටපිට බැලූ කොණ්ඩ කුරුල්ලා මල් පෝච්චිය තුළට බැස ගත් අතර ඉන්පසු දර්ශනය වූයේ උගේ හිස පමණකි. “කූඩුවක් හදනවා.” හසිත්ට...