Tag: සිහින අසපුව

සිය කාමරයට ගිය ආරාධ්‍යා නතර කළ තැනින් නවකතාව ලියන්නට සිතා කඩදාසි පිටු සහිත ලිපි ගොනුව අතට ගත්තාය. ‘සිහින අසපුව’.... කඩදාසි පිටු අතර උඩින්ම තිබූ කලාත්මක අකුරින් ලියන ලද  අකුරු පෙල දෙස බලා සිටින ඇගේ සිතට දැනුනේ කිසිවකු සිය හදවත කොනිත්තාගෙන සිටින්නාක් මෙන් වේදනාවකි. තමා විසින් අලුතින් ආරම්භ කරන ලද...
ආරාධ්‍යා මුහුදු රළ විසින් තෙමා දමන ලද ගවුම මිරිකා හැරියේ කෝපයෙනි. ඈතින් රළ පෙරලී එත්ම ඈතට දිව ගිය හසිත් කෙතරම් නම් ආත්මාර්ථකාමීදැයි ඇය සිතුවාය. ඈතින් සිටගෙන ගවුම මිරිකා හරින ආරාධ්‍යා දෙස බලා සිටින හසිත්ගේ මුවග රැඳි සිනාව ඇය කෝපගන්වන සුලු විය.  “තෙමුනා නේද?” හසිත් ඇසුවේ තවමත් ගිලිහී නොගිය සිනාවකින් යුතුවය.  “ඔව්. තෙමුනා....
පළමුව කවීන් සුරියබණ්ඩාර ද, දෙවනුව සුහර්ෂා සූරියබණ්ඩාර ද නිවසින් පිටව ගිය පසු අවසානයේ විහාරා ද පිටව යන්නට සූදානම්ව ආරාධ්‍යා අසළට පැමිණියාය. ඇය හැඳ සිටින තැනින් තැන ඉරී ගිය ඩෙනිම් කලිසමත්, කලු පැහැති කෙටි ටී ෂර්ට් එකත්, නිල්පාට පාවහන් යුවළත් නිසා ඇය කෙරෙන් දිස්වන්නේ ක්‍රීඩාශීලී නව යෞවනියකගේ ස්වභාවයකි. කලකට...
“ආදරයේ පැහැය කුමක් විය හැකිදැයි මේධානි කල්පනා කළාය. එය සුදු පැහැය විය නොහැකිය. රතු පැහැය විය නොහැකිය. රෝස පැහැය ද විය නොහැකිය. එසේනම් ආදරයේ පැහැය කුමක් විය හැකිද? තම හදවතට දැනෙන පරිදි ආදරයේ පැහැය බොහෝ දීප්තිමත්....” ලියමින් සිටි වාක්‍යය නතර කොට පෑන නිකටට තද කර ගත් ආරාධ්‍යා කල්පනා කළාය. සැබවින්ම...