Tag: short story
නිර්මලා සරත් එනකල් බලාගෙන හිටියේ පපුව පිච්චි පිච්චී. ජීවිතේ මේ තරම් තමන් දෙන්නාව පරික්ශා කරන්නේ ඇයිද කියලා නිර්මලාට හිතාගන්න බැහැ. සරත් ආවා කියලත් මේ ප්‍රශ්නේට විසඳුමක් හොයාගන්න පුලුවන් වේවිද කියලා නිර්මලාට විශ්වාස නැහැ. සරත්ටයි, තමන්ටයි දෙන්නාටම පේන මානේ තියෙන පිළිතුර බාරගන්න තරම් නිර්මලාගේ හිතට හයියක් දැනෙන්නේත් නැහැ.
සරත් ආවාම නිර්මලා...
මං ඉඳියෙ පුදුම කම්මැලිකමකින්. ඒක කම්මැලිකමක් කියනවට වඩා ඕනවට වඩා තනි වුනාම දැනෙන එපා වීමක්. මට ඉස්සරනම් ලොකු උවමනාවක් තිබ්බා එහෙම තනියෙන් ඉන්න. ඒ උනට තනියෙන් ඉන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ.
මං දවස් තුනක්ම අපාට්මන්ට් එකට වෙලා ඉඳියෙ ඇත්තටම එලියට බහින්න තියා ජනේලයක් ඇරලවත් එලිය බලන්න උවමනාවක් තිබ්බෙ නැති හන්දා....
මම ගෙදර එද්දි හොඳටම රෑ වෙලා. ඒ විතරක් නෙවෙයි කට කපලා මහන්සියි.අපාට්මන්ට් එකේ ලයිට් ඔන් කරගෙනම කුස්සියටම කෙලින්ම ඇවිදගෙන ගිය මම කාර් එකේ යතුර කවුන්ටර් එක උඩට දාලා ෆ්‍රිජ් එකෙන් ගත්ත කූල් වතුර බෝතලේ බාගයක් විතර ගිඩි ගිඩි ගාලා බීගෙන බීගෙන ගියේ ඒ මහන්සියටමයි.
ඇඟට දැනෙන මහන්සියට මට ඕන වුණේ...
“අකාලයේ අප අතරින් නික්ම ගිය විද්‍යා පීඨයේ 2015/16 කණ්ඩායමේ ලක්දිනූ විජේරත්න (බන්ටි) සොයුරියට නිවන් සුව”
කැළණිය විශ්ව විද්‍යාලයේ සොයුරු සොයුරියන්
ලක්දිනූ දේදුනු පාලමෙන් එහාට ගිහින් දැන් හත් දවසක්. ලක්දිනූට බඩේ කැන්සර් එකක් කියලා දැනගත්ත දවසෙ ඉඳල මාධව ලක්දිනූට ජීවත්වෙන්න ඉතුරුවෙලා තිබ්බ හැම දවසකම එයාව හිනාවෙන් පුරවල තියන්න තමයි මහන්සි වුණේ. ඒත්...
" ඉතින් .....මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ... ඔයයි මායි ආදරේ කරලා කසාද බදින්ඩද...?"
දනුකගේ කෙටි පණිවිඩය අනුත්තරාගේ ඔලුවේ බෝම්බයක් පිපිරෙව්වා. අනුත්තරා ආයේ ආයේම ඒ කෙටි පණිවිඩය කියෙව්වා. අවුරුදු අටක් තිස්සේ ජීවිතේ හැම අහුකොනකම පැටලිලා උන්න දනුක එහෙම අහන්නේ ඇයි කියලා අනුත්තරා ට නිකමට හිතෙනවා.
අනුත්තරා කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක්ගේ එකම දියණිය. අනුත්තරා ට...
ස්ටේටස් එක
උමායාට අවුරුදු තිස් පහක්. ඇඩ්වටයිසින් ඒජන්සි එකක ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. නිසි වයසෙදි උසස් පෙල කරලා, කැම්පස් ගිහින්, ඒ අතරවාරෙම ආකටින් ඩිග්‍රි එකක් කරලා කොපි රයිටර් කෙනෙක් විදියට ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකට ආව උමායා කසාද බැන්දෙත් ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ ළමේක්මයි.
ගයන්තට කොළඹ ගෙයක් තිබුන හන්දා අලුතෙන් ගෙයක් ගන්න, වාහනයක් එහෙම ගන්න...
කසුනි උන්නෙ තිශාල් ගැන පොඩ්ඩක් සැකයකින් වගේ. ඉස්සරට වඩා තිශාල් දැන් හරිම වෙනස් කියලා කසුනිට තේරුනාට, ඒ වෙනස් කොයි විදියටද කියලා කියන්න පැහැදිලි අදහසක් කසුනිට තිබුනෙ නෑ. ඒ වුනාට මේ කසාද බැඳලා ගෙවිච්ච අවුරුදු දෙකට තිශාල් ගැන තිබුනෙ නැති යම් කිසි සැකයක් තමන්ගෙ හිතේ තියෙන බව කසුනිට තේරුණා.
ඕක වෙන්න...
“දික්කසාද වෙනවා කියන්නෙ ආයෙ ඉතින් ගෑණියෙක්ට එලියට බහින්න බැරි වැඩක්. අනික ඔන්න ඕව අපි කරල දුන්න කාරණා නම් කමක් නෑ. තමන්ම මෙතන බඳින්න ඕන බඳින්න ඕන කියල ඩෙඟා නටලා, අන්තිමේ කසාද බැඳලා අවුරුද්දක් එකට උන්නෙ නෑ මෙතන දික්කසාද වෙන්න ඕන කියනවා.
මුන් නම් මේ අපිව කන්න ආව ළමයි. පාරක බහින්න...
“මට මහ එපා වීමක් දැනෙනවා ජීවිතේ ගැන”
වාසුකී ෆේස්බුක් වෝල් එකේ ඔන්න ඔය වචන ටික ලියලා ආපහු පාරක් මකලා දැම්මා. ඒ “නිකන් මොකටද තමන්ගෙ ප්‍රශ්න අනුන්ට කියන්නෙ” කියලා හිතිච්ච හන්දා. අනිත් පැත්තටම “ඇත්තටම මට තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා” වාසුකී නොහිතුවා නොවෙයි.
ඇත්තටම තමන්ට ප්‍රශ්නයක් නැති බවත්, ප්‍රශ්නෙ තියෙන්නෙ හිත ඇතුලෙ බවත්...
“තරුණ වයසෙදිම මනුස්සයා මැරෙනවා කියන එක මිනිස්සු ගෑණිගෙ අවාසනාව විදියට දැක්කට ඔයා මිලින්ද පුතාව බඳිද්දිත් ඒ ලමයට ඔහොම ලෙඩක් තියෙන බව ඔයා දැනගෙන ඉඳලා තියෙනවා නෙ පුතේ. පුතාලා අපෙන් ඒක හැංගුවෙ එහෙම දැනගත්ත නම් අපි ඔය කසාදෙට විරුද්ධ වෙයි කියලා හිතලා වෙන්නැති.
ඒක එහෙම වෙන්නෙ නෑ කියලා මං කියන්නෙ නෑ....