Tag: ආදර සැලසුම්

" මෞර්යා කියන්නේ නරක ගෑණු ළමයෙක් නෙමෙයි වුනාට එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා නම් ඔයාට වෙන කරන්න දෙයක් නෑනේ පුතේ.හොඳම දේ තමයි ඔයා සද්ද නොකර පැත්තකට වෙන එක. office එකේදී උනත් එයත් එක්ක හරිම සාමාන්‍ය විදිහට ඉන්න හිටියා වගේම "  අශිකා කියා ගෙන ගියේ අභිමන් ගේ හිත හැදීම පිණිසය.එහෙත් මෙතන...
ආදිත්‍ය කාර්යාලයට පැමිණියේ උදෑසන දහයට පමණය.පැමිණීමට ප්‍රමාද වන බව මෞර්යාට කෙටි පණිවිඩයකින් දන්වා යැව්වද එයට නිශ්චිත හේතුවක් ආදිත්‍ය ඇයට නොපැවසූයේ ඇයව කලබල කිරීමට අවශ්‍ය නොවූ නිසාය. නමුත් වෙනදා සියල්ලටම පෙර කාර්යාලයට පැමිණෙන අභිමන්ද කාර්යාලයට නොපැමිණ තිබූ නිසා සමහර විට අශිකා අසනීප වී ඇතැයි මෞර්යා අනුමාන කළාය.එහෙත් හේතු කාරණා විමසමින්...
උදෑසන හයයි තිහ පසුවූ පසුවත් වෙනදා සුපුරුදු පරිදි මෙන් අභිමන් පහත මාලයට නොපැමිණි නිසා අශිකා ඔහු ගේ කාමරය වෙත පැමිණියාය. ඇය දොර විවෘත කරගෙන කාමරයට ඇතුළු වන විටත් අභිමන් උන්නේ බ්ලැන්කට්ටුව තුළට ගුලි වී තද නින්දේය.  " පුතා "  අශිකා දෙවරක් පමණ අභිමන්ව අවදි කරන්නට උත්සාහ කළද අභිමන් යන්තමින් කෙඳිරි ගාමින්...
අලුයම තුන පමණ වනතුරුත් නින්ද අභිමන් කරා පැමිණියේ නැත. ජීවිතය බිඳෙන් බිඳ සංකීර්ණ වන ආකාරය දරා ගත නොහැක.ඊටත් වඩා ජීවිතයේ ප්‍රථම වතාවට තම සිතෙහි නතර වූ තරුණිය ද ආදරය කරන්නේ තම එකම සහෝදරයාට බැව් දැන ගැනීම අතිශය වේදනාවකි.  " මෞර්යාව හම්බ උන පළවෙනි දවසෙම එයා මම කාගේ කවුද මොනවද කරන්නේ...
එය අධික කාර්යබහුල දිනයක අවසානය සනිටුහන් වෙමින් තිබුණු පැය කිහිපයකි.ආදිත්‍ය රාත්‍රී ආහාරය ගෙන අශිකා සමග සංවාදයකද නියැළී නැවත කාමරය වෙත පැමිණියේ චිත්‍රපටයක් නැරඹීමේ අදහසිනි. ගෙවුණු පහුගිය කාලය පුරාවටම නිදි නොමැති රාත්‍රීන් බොහෝමයක් ගෙවූ ආදිත්‍යය හට යන්තමින් මධ්‍යම රාත්‍රියේ එළඹෙන විට නිදි මතක් දැනෙන්නට පටන්ගත්තේ දින කිහිපයක සිටය. එවන් මොහොතක්...
ආදිත්‍ය අභිමන් සහ අශිකා ජීවත් වන නිවසට පැමිණියේ ටික දිනක් ගත කිරීම සඳහාය. නඩුව අවසාන වීමෙන් පසුව දින කිහිපයක් ගත කිරීම සඳහා මහ ගෙදර නැවතී සිටීමේ අදහස ලබා දුන්නේ අශිකා විසිනි. ඒ ආදිත්‍ය තවමත් කම්පන සහගතව සිටිනවා යැයි ඇය අනුමාන කළ නිසා නමුත් ඇත්තටම ආදිත්‍ය උන්නේ පෙර නොවූ සැහැල්ලුවකිනි.  වසරක...
ආදිත්‍ය සුපුරුදු පරිදි දිනපතාම ආයතනයට පැමිණ රාජකාරී කටයුතු සමග කාර්යබහුල වූ අතර හදවතේ වූ වේදනා කාරී ගතිය පාලනය කර ගැනීමට ඒ කාර්යබහුල කමට බොහෝ දුරට හැකි විය. ෂෙහාරා දික්කසාදය ලබා දීම සඳහා එකඟ වීමත් සමඟ ආදිත්‍ය වෙනදාට වඩා තරමක සැහැල්ලුවකින් කල් ගත කරන්නට ද පටන් ගත්තේය. මෞර්යා ගේ සිත කොයි...
" එතකොට මෞර්යා ඔයා මේ කතාව දැන ගෙන හිටියා ? "  ඉරිදා දිනයේදී මෞර්යාව මුණ ගැසීමට ආදිත්‍ය පැමිණියේය. අශිකා ගේ අතීතයේ ආදරය මෞර්යා ගේ පියා බව අශිකා ගෙන් දැන ගැනීමෙන් පසුව ආදිත්‍ය උන්නේ නොසන්සුන් බවිනි. ඇවිදින මං තීරුව අසලට මෞර්යාට පැමිණෙන්නයි කී ආදිත්‍යය ඇය පැමිණි පසුව ඇගේ වාහනයට ගොඩ වූයේ...
චන්දික නිවස දෙසට රිය පැදවූයේ කම්පාවෙනි. ලැබුණු කෙටි වේලාව අතරතුර තමාගේ ජීවිතයේ සිදු වී ඇති විපර්යාසය අශිකා විසින් චන්දික හට කියා තිබුණි. චන්දික ගේ හදවතේ පතුලක ඇය කෙරෙහි තිබූ සංවේගී හැඟීම නැවත අලුත් වී තිබූයේ ඉන් පසුවය. " ඒ පවුලේ එහෙම ප්‍රශ්න තියෙනවා කියලා මං තාත්තට කලින් කියලා තිබුණනේ.දැන් ඕකට...
ෂෙහාරා හට කුඩා හෝ අවස්ථාවක් නොදී සිටීමට ආදිත්‍ය පරිස්සම් වූයේ ඇය නිසා තම ජීවිතයට ඇති වූ කම්පනය ඒ වන විටත් පහව නොගොස් තිබූ නිසාය. මෞර්යා පසෙකින් සිට ජීවිතය ගොඩ නගා ගැනීමට සවියක් වීම ආශිර්වාදයක් කොට සැලකූ ආදිත්‍යය ඒ කාරණාව පිළිබඳව අභිමන් සමග පැවසීමට නොහැකි වීම පිළිබඳව පමණක් ලතැවුණේය. ඊළඟ සති...