Tag: එකම එක හාදුවක්
“එහෙනම් ආයෙම කාටවත් එහෙම කියන්න ඉඩ දෙන්න එපා. මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට”
ඒ වචන අස්සේ හැංගී තිබුණේ අයිතිකරගන්නා හැඟීමක සේයාවක්ද කියා නොහිත ඉන්නට ශාර්වරීට පුලුවන් උනේ නැත. කෙනෙක් තව කෙනෙක්ට “මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට” කියා කියන්නේ තමන්ගෙන් ඒ අඩුව පිරිමසන්න තමන් බලාපොරොත්තු...
එදා රෑ නින්ද අහිමිවුනේ ශාර්වරීට විතරක් නොවේ. වීදුරුවට හලාගත්ත වොඩ්කා, ස්ප්‍රයිට් එක්ක තනුක කර බොන ගමන් නින්ද අහිමි කරගත්ත නෙවින් කරෙත් අපාට්මන්ට් එකේ බැල්කනියට පිවිසෙන්නට තියෙන වීදුරුව හැර එතන ලී පුටුවේ වාඩි වී අන්ධකාර අහසත්, විදුලි එළියෙන් දිදුලන කොළඹ නගරයත් දිහා බලාගෙන කල්පනා කරමින් උන්නු එකය.
ඒ කල්පනා මාලාවන් එල්ල...
ශාර්වරී එදා වැඩ ඇරී ගෙදර ගියේත් එක්තරා විදියක මානසික වියවුලක පැටලීය. එදා දහවලේ ඒ අපාට්මන්ට් එකට ආ ඕඩර් එක ගෙනිහින් දෙද්දි මෙහෙම දෙයක් හීනෙකින්වත් වෙයි කියා නොහිතුව එකේ මේ වෙච්ච දේ ශාර්වරීට ටිකක් විතර දරාගන්න අපහසු වෙච්ච හැඟීමකි.
“ඒ මනුස්සයා මට බැන්න නං ඉවරයි. මං වැටෙන්න ගිය වෙලාවෙ කන්න වගේ...
තමන් අන්තිමේ ගිහින් තියෙන්නෙ කොටියගෙ කටටම විත්තිය ශාර්වරීට තේරුණේ ඇරිච්ච දොරෙන් එහා පැත්තේ ෆෝන් එක කණේ ගහගෙන, සුදු පාට ටවල් එකක් ඇඳගෙන උන්නු මනුස්සයව දැක්කයින් පස්සෙය.
ලා රත්තරන් පාටක් ඉහිරිච්ච ඔහුගේ පිට දිගේ තාමත් තියෙන වතුර බිංදු වලින් කියන්නේ ඔහු නාගෙන ඇවිත් තියෙන්නේ පොඩ්ඩකට කලින් කියන එකය. දුරකතනය කනේ ගසාගෙන...
ඒ සිදුවීම ගැන තීක්ෂණා මුලු එච් එන් ඩී එක ඇතුලේම පතුරුවා තිබ්බත්, කට්ටිය එහෙමකට කියා බණින ලෙවල් එකකින් දෙයක් නොකිව්ව එක ශාර්වරීගේ හිතට සහනයකි. තමන්ගෙ අතින් වෙච්ච වරද හන්දා චෙෆ් වීරරත්න හම්බෙන්න ගිහින් සොරි කිව්ව වෙලාවෙත් චෙෆ් කිව්වේ “මිස්ටේක්ස් වෙනවා පුතා ඕනම කෙනෙක් අතින්, ඔයාලා තාම අලුත්නෙ මෙතනට. ආයෙ...
“අඩේ අක්කෙ, උට අවුල් ගිය එක සාධාරණයි. මටත් පොඩ්ඩක් අවුල් වගේ මිනිහව දැක්කම ඒකටනම්” කියා නංගි කියද්දිත් ශාර්වරී කිව්වේ “ඒකතමා මාත් කිව්වෙ”
“මාර ලස්සන කොල්ලෙක්නෙ. මෙච්චර ලස්සන අය ඉන්නවද අප්පා මේ ලෝකේ” කියා නංගි අහද්දිත් ශාර්වරී හිතෙනුත් හිතමින් උන්නේ ඒ ගැනමය.
“සිරාවටම ඇයි අක්කෙ මේ මෙච්චර ලස්සනට මිනිහට අංකල් කිව්වෙ. අඩේ...
අඩි හයකට වඩා උස එච්චර ලස්සන මිනිහට තමන් අංකල් කිව්වේ මොන සිහියෙන් ද කියන ප්‍රශ්නෙ ඇත්තටම ශාර්වරීගෙ හිතෙත් තිබ්බාය. තමන් ඒ කතාව කිව්වයින් පස්සේ ඒ මනුස්සයා තමන් දිහා බලාගෙන උන්නේ නිකන් “අංකල්? කවුද අංකල්?” කියන විදියෙන්ය. දැන් දැන් මේ බිග් ෆුට් වගේ ඉන්න මිනිහා තමන්ව අත් දෙකෙන් අල්ලා උස්සා...
ලක්ස් ඉවෙන්ට් එක වෙන්නේ තමන් හිතුව අන්දමට වඩා සෑහෙන්න වෙනස් අන්දමින් බව ශාර්වරීට හොඳටම තේරුණේ ඇඳ පැළඳගෙන ඔෆිස් එකට ගොස් එතනින් සියල්ලන්ම එක්ව වාහනයක නැගී නෙලුම් පොකුණ රඟහල වෙත යන අතරවාරයෙදිය.
කෝම කෝමින් හරි තිබ්බ ඇඳුම් කැඩුම් අස්සෙන් නංගි සතුව තිබිච්ච, ඇය ගිය අවුරුද්දෙ පාසලේ ගෙට් ටුගෙදර් එකකට ඇන්ද කලු...
ශාර්වරීට ලක්ස් ඉවෙන්ට් එකට යෑමට සිදු වුනේ අහම්බයෙන් මෙනි. කාල්ටන් සමූහ ව්‍යාපාරයටම අයත් වෝටර්ස් බේ හෝටලයේ පැවැත්වෙන එකී උත්සවය වෙනුවෙන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ස්ටාෆ් එක සඳහා අතිරේක සහයක් අවශ්‍ය වූ බව ශාර්වරී දැනගත්තේ තමන් ඉගෙනුම ලබන එච් එන් ඩී එකේ හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කොටස ඉගැන්වීම සඳහා...
නෙවින් මාධූර්ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවෙන්ට් එක වෙනුවෙන්ම තමන්ට එවා තිබුණ කලු පාට මුතු ඇට වලින් වැඩ දාපු තද පාට දිලිසෙන කලු සරමයි, කමිසෙයි හඳින ගමන් ය.
නෙවින් මිස්ට ශ්‍රී...