Tag: ඒකපාර්ශ්වික

මේඝා උන්නේ සිහියත් අසිහියත් අතරේය. මහ හඬින් හඬමින් පාරට දුවගෙන විත් ත්‍රිරෝද රියකට අත දමා නිවසට පැමිණි ආකාරයවත් ඇයට මතක නැත.  " මේඝා ඔයා මෙතනින් යන්න "  නිම්නාද මේඝාගේ අත ගසා දමන අතරේ වර්ෂා මැදට පැන මේඝාව පසෙකට කලේ කෑගසමිනි. " මේඝා please stop this "  මේඝා මෙල්ල වූයේ නැත. ඇය සිටියේ දරාගත...
ලොකු අක්කාගේ ඇමතුමට මේඝා පිළිතුරු දීම ධනුක විසින් වැලැක්වුයේ එය කොහොමටවත් සැනසිලිදායක එකක් නොවන බව දන්නා නිසාය. සිතූ පරිදිම ලොකු අක්කා කතා කලේ මුදල් උවමනාවකටය. මේඝා අසනීපෙන් සිටින බවත් , ඇය සතුව මුදල් නොමැති බවත් නිකිනි පවසද්දී ලොකු අක්කා කීවේ ණයක් වී හෝ මුදල් සොයා දෙන්නැයි මේඝාට පවසන ලෙසය. තම...
මේඝා උන්නේ සීතලේ ගැහෙමිනි. බම්බලපිටිය දුම්රිය ස්ථානයේ බංකුවක් මත වාඩි වී හුන් ඇය නිකිනි ඇමතුවේ ඔවුන් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට සිතමින් හුන් වෙලාවේය . " නිකී "  දුරකථනය ඔස්සේ ගලා එන මේඝාගේ හඬ වෙව්ලන්නේය. " කොහෙද දෙයියනේ ඉන්නෙ ? "  නිකිනි ඇමතුම ක්‍රියාත්මක කලේ ධනුකටත් ඇසෙන්නටය.  " මේඝා උඹ කොහෙද ඉන්නේ ? "  ධනුක නොඉවසිල්ලෙනි.මේඝා...
" මෙච්චර හරියක් වෙනකන් උඩ බලන් ඉඳලද නිම්නාද තමුසේ අපිට ඔක්කොම කියන්නේ ? "  ධනුක කෑගැසුවේ මහ පාර මැදය. කාර්‍යාලයෙන් පිටවූ මේඝා ගිය තැනක් සොයා ගන්නට නැත.ඇය නිවසට ගොස්ද නැත.දුරකථනයද ක්‍රියා විරහිත කර ඇත. පැය ගණනාවක් බලා හිඳීමෙන් පසුව වෙන කරන්නට දෙයක් නොමැතිම තැන නිම්නාද මේ බව ධනුකට දැනුම් දුන්නේ...
ධනුකගෙන් එක දිගට මගහැරුනු ඇමතුම් කිහිපයක් තිබෙනු නිම්නාද දුටුවේ රාත්‍රී නමයට පමණය. එකත් එකටම මේ මේඝාගේ උවමනාව මත ධනුක ලබාගත් දුරකථන ඇමතුම් යැයි නිම්නාද නිගමනය කලේය. වර්ෂා සමග ගෙවෙන සුන්දර හෝරාවන් ඒ එකදු ඇමතුමකින් හෝ විනාශ කර ගැනීමට නිම්නාදට උවමනා වූයේ නැත. මේ ගෙවී යන්නේ තමා කාලයක සිට නොඉවසිල්ලෙන්...
" ඔයා ආවේ මගේ හොර අල්ලන්නද ? "  නිම්නාද උන්නේ කෝපයෙන් පුපුරමිනි. මේඝා දොර අසල සිටිද්දි ඔහු මේඝාව තල්ලු කරගෙන ගොස් හිඳ ගත්තේ එසේ අසමිනි. මෙතරම් කෝපයට පත් වන්නට තමා කුමක් කලේදැයි මේඝා සිතුවේ නිම්නාද දෙස බලාගෙනය " මං සමහර දවස් වලට එහෙම එනවනේ නිම්නාද ? මොකක්ද ඔච්චර තරහ ගන්න උනේ...
යලි එතැයි සිතන්නට නොහැකි අතීතයේ දවස් මේඝා සිහි කලේ වේදනාවෙනි. මතක ඇති කාලයේ සිටම අහිමිවූ අසීමාන්තිකව ආදරය කළ දේවල් ලැයිස්තුවට නිම්නාදව එකතු කරන්නට මේඝාට හිත හදා ගත නොහැක. කුණාටු හැමදාම එක ලෙස නොපවතින නිසා, නිම්නාදගේ ඇතැම් වෙනස්කම් හෙට අනිද්දාම පහව යනු ඇතැයි මේඝා සිතුවාය.  " මිනිස්සු හරි අසාධාරණයි මේඝා. සමහර...
ඒ මීට අවුරුදු කිහිපයකට පෙර දවසකි. මේඝා උන්නේ හදිසි වෙළඳ දැන්වීමක තිර පිටපතක් සකසමිනි. පැය දෙකක් ඇතුළත නිම කර බාර දෙන්නට තිබූ නිසා මේඝාට තිබුනේ හිස ඔසවා අවට බලන්නටවත් නොහැකි තරමේ කාර්‍යබහුලකමකි . පිටත පවතින අධික වර්ශාව නිසා Rainbow Eye හී සමාජික සාමාජිකාවන් බොහෝ දෙනා අලසකමින් එහෙ මෙහෙ වී...
දුරකථනය නාද වන විට මේඝා උන්නේ අඩ නින්දේය. සෙනසුරාදා නිසා උදෑසන අට නමය වනතුරු නිදන්නට මේඝා සිතුවේ පහුගිය දින කිහිපයක් පුරාවටම හරිහැටි නින්දක් නොලැබූ නිසාවෙනි. කොට්ටය අසල තිබූ දුරකථනය අතට ගෙන බැලූ මේඝාට දුරකථන තිරයේ දක්නට ලැබුණේ " ලොකු අක්කා " ලෙසිනි. මේඝා ඇමතුමට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි. " හෙලෝ මේඝා...