Tag: ජීවිතය කවියක් නොවේ

කාලය ගෙවී ගියේ බොහෝ දේ වෙනස් කරමින්ය. නිහඬව ගෙවී යන ඒ කාලයට අවනතව හසරාගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් තිබුණි. කාලය මහ පුදුමාකාර එකක්යැයි ඇයට සිතුනේ  එනිසාය. යළිත් ඇගේ බැංකු ගිණුම්  මුදල්මය  වටිනාකමින් පිරෙන්නට  විය. එහෙත් ඕ ඒවා වෙනදා මෙන් තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව බොහෝ දෙනකුගේ ජීවිත...
ගැහැණියකගේ දෙවැනි උපත විවාහය යැයි කීවාට බොහෝ ගැහැණුන් ඒ තුළ මැරි මැරී උපදිනවායැයි හසාරාට සිතුණේ නීතිඥ සම්පත්ගේ කාර්යාලය තුළ කල් මැරූ අඩ හෝරාවක් තරම් වූ කාලයේය. ඔහු යටතේ සේවය කළ නීතිඥවරුන් හමුවීමට සේවා දායකයන් පැමිණියේම දික්කසාද නඩු සඳහාය. අවසන හසාරාත් දික් කසාඳය හිමි ගැහැණියක වූවාය.  ධනංජය අකාරුණික ලෙස තමාව හැරදා...
කාලය ගෙවී යන්නේ ඉක්මනටය. කිසිවකුගේ ජීවිත වලට අවනතව කාලය මග නතර වෙන්නේ නැත. සතුට දුක සමබර කරගත් ලැබීම් නොලැබීම් අතරේ ජීවත්වන මිනිසුන් කාලය නැමැති ඔසුවෙන් තම සිතුවිලි සනසා ගත්තාය. හදවතේ කොණක වූ රිදුමක් එසේම තිබියදී හසාරා තමා බාරගත් වගකීම නිසි අයුරින් ඉටු කරන්නට උත්සාහ දරමින් උන්නාය. ආපස්සට හැරී කිසිවක්...
ධනංජය දින කිහිපයක්ම එරට රෝහලක සිටියේ උණ රෝගයක් වැළඳීම නිසාය. පරඩැලක්  සේ කෘෂව උන් ඔහු යළි කඳවුරට පැමිණෙද්දී බාහිර පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්ව උන්නේය. තමා මිහිපිට අපායක ජීවත්වනවා බඳු හැඟීමක් ඔහුට දැනෙන්නට විය. තම නිවසේ අයවලුන් තමාව සොයා වෙහෙස වනවා ඇතැයි ඔහුට සිතිණ. ඒ සිතුවිල්ලම පපුවට රිදුමක් ගෙන ආවේය. තමා...
ත්‍රිකුණාමලයට පැමිණ මසකටත් එහා ගිය  කාලයක් ඉක්මවා ගොස් තිබිණ. ඒ කාලයේදී සිදු වූ එක් සුවිශේෂී සිදුවීමක්නම් ඇය හෝටල් කාමරයෙන් නික්ම ඉන්දුමාගේ නිවස ආසන්නයේම කුඩා නිවසක් කුලී පදනම මත ලබා ගැනීමය. අපේක්‍ෂා කළ ජීවිතය නොවූවත්,  මදක් දුෂ්කර වුවත් ඈ ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය. ඒ අතරේම ඕ “ සරලව ඉංග්‍රීසි උගනිමු..” ...
අපේක්ෂා කළ අයුරින් නොවූවත්  හසාරාගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබී තිබිණ. කුඩා කාලයේදී, අනාගතයේ  කවුරුන් වන්නට අපේක්ෂාවෙන් සිටිනවාදැයි අසද්දී හසාරා බොහෝවිට පැවසූයේ ගුරුවරියක වන බවය. පසු කාලයේ වරින් වර ජීවිතයට එබුණු සිහින හඹා ගොස් ඒවා සැබෑ කරගත්තාට යටි සිතෙහි ගුරුවරියක වීමේ කැමැත්ත ආසාව එලෙසින්ම පැවතුණායැයි හසාරා⁣ට සිතුනේ සුදු පැහැ පසුබිමේ...
හසාරාව දුටු ඉන්දුමා ඇය වෙත පැමිණියේ දුවගෙන සේය. .වසර ගණනාවකට පසු හමු වූ යෙහෙළිය බදා වැළඳගත් ඕ පසෙකට වූයේ ඇගේ දෙවුරහිස් වලින් අල්ලාගෙනය.  “ උඹනම් තවත් ලස්සන වෙලා.මං නං ඉතින් මේ අව්කාශ්ඨකෙත්  එක්කම වයසට ගිහිල්ලා වගේ.. ඉන්දුමා  පැවසූයේේ සිනහසෙමින්ය. “ අපි දැන් වයසයි…” හසාරා එසේ පැවසූයේ කළකිරීමකින්ය. “ මං නම් එහෙම හිතන්නේ නෑ.අපිට තව...
එළිමහන් කඳවුර වෙත පැමිණි මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් හා කතා කිරීමේ අවස්ථාව ධනංජයට උදාවිය.ඒ අනුව තමාට ප්‍රංශ රජය විසින් දමා ඇති නඩුවේ ප්‍රථම නඩු වාරය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.එහෙත් ධනංජය සිටියේ තම ජීවිතය පිළිබඳව තිබූ සිහින සියල්ල අතහැරගෙනය.තමා ගැනවත් විශ්වාසයක් නොවූ ධනංජයට දැන් අන් කිසිවෙකු ගැන...
ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගෙනම  ලංකීය සමාගමේ ප්‍රධානියා හසාරාගෙන් හේතු විමසන්නටට විය.කලින් සිතා සිටි පරිදිම ඈ දෙමව්පියන් ළඟට යන බව ඔහු හා පැවසුවේය.ඉන්පසු ඔහුගේ යෝජනාව වූයේ එම රටෙහි ඇති කාර්යාලයක සේවය කරනා ලෙසය.එහෙත් විවේක සුවයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය නිසා එහිදී තමා රැකියාවක් කරන්නට නොසිතූ බව හසාරා වැඩිදුරටත් පවසා...
ධනංජයට කාමරය බෙදාගන්නට සිදුවූයේ නේපාල් ජාතික තරුණයෙකු සමගය.සියල්ලටම වඩා ඔහුට දරන්නට අපහසු වූයේ එම තරුණයාගේ අපිරිසිදුකමය.කඳවුරේ  ජීවිතය ගෙවී ගියේ කාලසටහනකට අනුවය.වරින් වර ප්‍රශ්න කරන්නට පැමිණෙන නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්  හැරෙන්නට වෙනසක් නොවූ තරම්ය.නිර්මිතා ගැන බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වූයේ කිසිවක් නොදන්නා බවය.ඔවුන් අසන ප්‍රශ්නයකට...