Tag: මල් බිඟුන්
ආර්ය ගේ මෝටර් රථය නැවතුණේ මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් වෙන් කරනා පොදු තාප්යෙන් වෙන් වෙන ගේට්ටු දෙක ඉදිරියෙහි ය. ඒ වෙලාවේ ශාක්‍ය මිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. නිධී ආයු බලන්නට ඕනේ කියමින් ගේ ඉදිරියට විත් කලබලයක් කරන බව දැනුම් දී අම්මා මණී ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු ගමන්, ශාක්‍ය ගෙදර...
රළ නගන අප්‍රමාණ සයුර මත මොහොතකට අමාගී ගේ දෑස් රැඳිණි. සිතත් ඔය සයුර වාගේම ය. අපමණ සිතිවිලි නැගී බිඳේ. යළිත් නැගේ. එහෙව් හිත දමනය කරගත හැකි නම් යමෙකුට සාමය හා සැනසීම සොයාගත හැක. නමුත් අමාගී තවමත් වෙරළෙහි සිටින්නියකි. දියඹ දිනන්නට තව බෝ පාරමිතා පිරිය යුතු වේ.
"කොහෙද යන්නෙ...ගෙදර නෙවෙයිද..."
ඔහු ගේ...
ආර්ය නිර්වාන් මහානාම අමාගී ගේ අතේ මැණික්කටු සන්ධිය අල්වාගත්තේ තදිනි. සැබවින් එය රිදෙනා ඇල්ලීමකි. නමුත් අමාගී සවන්යා මල්වත්තගේ ට ඒ රිදුම දැනුණේවත් නැත. ඊට වැඩිය ඇගේ හිත රිදෙමින් තිබූ බැවිනි."මොනාද ආ ඔය කියවන්නෙ… මං මොකටද ඔයා ආයුට ලං වෙනවට අකමැති වෙන්නෙ… මේනකාව ආයු බලාගන්න ගත්තෙ එතකොට හැමෝටම පහසු නිසා....
අමාගී සහස්යා මල්වත්තගේ එදා උදයේ පටන් එක දිගට වැඩ කළා ය. ගේ අස් කොට අතුගා මොප් කළා ය. මිදුලේ තණකොළ වැඩි තැන් කපා, මල් පඳුරු කතුරෙන් කප්පාදු කළා ය. කොස්පෝස්ට් බඳුනේ එක්රැස්වී තිබූ පොහොර ඉවතට ගෙන වේලෙන්නට දැමුවා ය. මල් ගස් වල වියළි හා ඉදුණු කොළ මල් කපා සමහර...
ආයු උදයෙහි කිසිදු අසනීපයක් පෙන්වූයේ නැත. හොඳින් දුව පැන සෙල්ලම් කළේ ය. පෙර දා රාත්‍රියේ ඔහු රැහැයියෙකු සේ මොර දෙමින් හැඬුවේ ඇයි ද කියා සලකුණක්වත් සොයාගත හැකි නො විණ.
"අසනීපයක්ද කියල මං ලොකු පුතාට කිව්ව ඩොක්ට ළඟටවත් අරං යමු කියල. අනේ මාගි ආපු නිසා නැලවුණා. නැත්තං අපි කිරි සප්පයට බෙහෙත්...
රාත්‍රියෙහි ආයු නින්දෙන් හඬන්නට පටන්ගත්තේ ය. එය සාමාන්‍ය හැඬීමක් නොවේ. ඔහු නලවාගන්නට ආර්ය ට බැරි තැන හෙතෙම හඬන දරුවා වඩාගෙන පහළ මහළට ආවේ ය. මණී ද උපුල් ද දන්නා ශිල්ප ක්‍රම යොදමින් ඔහු නලවාගන්නට යත්න දැරී ද ඒ උත්සාහයන් සාර්ථක වූයේ නැත. ශා බාප්පි ද පූ බාප්පි ද රූ...
නික්ම ගිහින් දෙවන දිනයේ දී නිධී ආර්ය ට දුරකතන ඇමතුමක් ගත්තා ය. ඇගේ නමින් එය හැඬවෙනයුරු, තිරය දෙසට නෙතු අලවාන ආර්ය බලා සිටියේ ය. හදවතෙහි වූයේ අතිශය උදාසීනත්වයකි. අඩු තරමින් ඇමතුමට සම්බන්ධ වී ඇයට බැණ වදින්නට හෝ උවමනාවක් ඔහු ට දැනුණේ නැත. සන්දේශ් සමගින් අලුත් ජීවිතයක් පටන් ගන්නට යන...
අමාගී සහස්යා මල්වත්තගේ ගේ සිරුර තුළ මේ මොහොතෙහි ඇඩ්රිනලින් හෝමෝනය ශ්‍රාවය වූයේ අවස්ථාවට මුහුණ දීමේ ශක්තිය ඇතිකරනු පිණිස නොව එතැනින් පලා යාම වෙනුවෙනි. තව මොහොතක් හෝ ආර්ය ගේ නිදන කාමරයෙහි රැඳිය නො හැකි බව සමස්ථ සිරුරේ ම සෛල විසින් හඬ ගා පවසමින් තිබිණ. අනිත් පැත්තෙන් ආයු ඇයට එහි රැඳෙන...
නිධී විසින් සන්දේශ් ව මුලා කොටගෙන තිබීම ගැන මුලින් ම තොරතුරු කිව යුත්තේ ආර්ය ට නොව මණී ට යයි අමාගී තීරණය කළා ය. ඒ අනුව ගෙදර අය රැකී රක්ෂා කටයුතු වලට පිටත්ව ගිය උදේ වරුවේ නිදහස් හෝරාවක, ආයු ව නිදි කරවා යහනෙහි තබා අමාගී මණීව කැඳවාගෙන ආවා ය. ඒ...
මහානාම ලාගේ මතු මහළට හිරු පායනුයේ මල්වත්තගේ වහළට ඉහළිනි. මල්වත්තගේ නිවහන කුඩා තනි මහළේ එකකි. නිදන කාමර තුනකින් ද ආලින්දයකින්, කුඩා බරාඳයකින්, කෑම කාමරයකින්, මුළුතැන්ගෙයකින් හා නාන කාමරයකින් එය සමන්විත වේ. නිරෝෂා හිටි කාලයේ සන්දේශ් ට එක කාමරයක් වෙන් විය. වැඩිමල් ගෑනු ළමයින් දෙන්නා අනිත් කාමරයේ ය. මල්වත්තගේ යුවළ...